හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙසත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙසත් පත්කිරීමේ රජයේ යෝජනාව ඉහළ තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර තිබේ.
අද (03) පාර්ලිමේන්තුවේ පැවති ඉහළ තනතුරු පිළිබඳ කාරක සභාවට මොහාන් පීරිස් මහතා කැඳවනු ලැබුවේ පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, කෙහෙලිය රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.