අද පෙරවරුවේ කැබිනට් සංශෝධනයක් සිදුවන බවත් කැබිනට් ඇමතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සූදානම් බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මෙසේ දිවුරුම් දෙන්නේ මෙතෙක් සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් ලෙස කටයුතු කළ රාජිත සේනාරත්නත් ජීවන් තොන්ඩමන්
සහ පවිත්‍රා වන්නිආරච්චික් බවට වාර්තා වේ.
බොහෝ විට දිවුරුම් දෙන ඇමති වරු සිව් දෙනෙක් වන්නේ නම් ජනාධිපතිවරයාගේ කිට්ටුම හිතෛශියාවන එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන විය හැකි බව ද එම ආරංචි මාර්ග කියයි.
යාවත්කාලීන වීම
මේ වනවිට අමාත්‍ය මහින්ද අමරවීර මෙතෙක් තමන් දැරූ වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.