නතාෂා නෙත්මිණි –
2020.11.12 මුල්ලේරියා රෝහල තුළ රජය තවමත් තහවුරු නොකළ කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මුස්ලිම් පුද්ගලයෙකු ඊයේ (12) උදෑසන 2.45ට පමණ දැඩිසත්කාර ඒකකයේදී මිය ගොස් ඇති අතර ඔහු කොළඹ 12 ප්රදේශයේ පදිංචි කරුවෙකි.
පසුගිය 9 වෙනිදා ශ්වසන අපහසුතාවයකින් රෝහල් ගත කළ මොහු වයස අවුරුදු 54ක පුද්ගලයෙකි.
මේ අතර වකුගඩු අකර්මන්යතාවයෙන් පෙළුණු පුද්ගලයෙක් දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදි අද (12) උදෑසන 8.00ට පමණ මියගොස් ඇත.
අවුරුදු 45ක් පමණ වයසැති මොහු නියුමෝනියා තත්ත්වය උත්සන්නව මරණයට පත්ව ඇත.
මීගොඩ පාදුක්ක ප්රදේශයේ පදිංචි මොවු අයිඩීඑච් රෝහලෙන් පසුගිය 7 වෙනිදා මුල්ලේරියා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බවද පැවසේ.