අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දකට රුපියල් බිලියන 180ක් අහිමි කරමින් අරක්කු බද්ද පිල්ලි යවන ගුඩ්ඩෝ!

by Lanka Sara Editor
මැයි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අප අසමින් සිටින්නේ අන්ත නින්දාසහගත කතාවකි. ඒ කතාවේ ජුගුප්සාජනක ගැඹුර පසුගිය අප්‍රිෙයල් මස  01දා, සඳුදා පාර්ලිමේන්තුවේ දී කියැවුණේය. රටෙහි ප්‍රධාන ආදායම් උත්පාදන ආයතන තුනෙන් එකක්වන සුරාබදු දෙපාර්තමේන්තුව ජාතියේ ආදායම අශිෂ්ඨ ලෙස අහිමිකර තිබිණි. පාඨලි චම්පික රණවක තමන් සභාපතිත්වය දරන ක්‍රම සහ විධි කාරක සභාවේ කාරකසභා වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙමින් මේ ව්‍යසනයේ ප්‍රමාණය සංඛ්‍යා දත්ත මත පදනම්ව ඉදිරිපත් කළේය.
ඉන් පෙර අවස්ථා ගණනාවක දී මේ මාතෘකාව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සංවාදයට ලක් වූයේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වගකීම –

සුරා බදු පරිපාලනය, එකතු කිරීම සහ සුරා බදු නියම කළ හැකි භාණඩ සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ වගකීම දරන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවය.
සුරාබදුවලට යටත්ව භාණ්ඩ නිසි ලෙස නිශ්පාදනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සහතික කිරීම සදහා නීති රීති බලාත්මක කරන්නේත් සුරාබදු දෙපාර්තමේන්තුව ය.
2023 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන්වලින් පමණක් ආදායම් ඉලක්කය බිලියන 214කි. 2023 දෙසැම්බර් 31වනවිට සුරාබදු සංශෝධන දෙකක් සිද්ධ විය. නමුත් දෙපාර්තමේන්තුව එකතු කර ඇත්තේ බිලියන 170.26කි. අපේක්ෂිත ආදායමෙන් බිලියන 43.74 ක් මගහැරී ඇත.
එවන් තත්ත්වයක් තුළත් 2024 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය සුරාබදු දෙපාර්තමේන්තුවට මධ්‍යාසාර සඳහා ලබා දී ඇති බදු ආදායම් ඉලක්කය බිලියන 230කි. එනම් රජයට අනුව එය අත් කරගත හැකි ප්‍රායෝගික ඉලක්කයකි. එසේනම් මේ බදු මුදල් ගිලිහෙන්නේ කෙසේ ද යන්න ගැඹුරු සංවාදයක් උපදවිය යුතු ප්‍රශ්නයකි.
මේ ඒ සඳහා ප්‍රවේශයකි.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ස්කාගාර සංඛ්‍යාව 23කි. ඒ 23 අතුරින් ද රටේ සුරාබදු ආදායමෙන් සියයට 44ක් උපදවන්නේ ශ්‍රි ලංකා ඩිස්ටලරීස් (DCSL) සමාගමය. අනෙක් සමාගම ලයන් බෲවරිස් ලංකා සමාගමය. රටේ සමස්ථ සුරා බදු ආදායමෙන් සියයට 28.7ක් උපදවන්නේ ඔවුන්ය. දල වශයෙන් මේ ආයතන දෙක පමණක් සුරා බදු ආදායමෙන් සියයට 73ක කොටසක් දරන්නේය. ඉතිරි ස්කාගාර 21ම වාර්ෂික සුරාබදු ආදායමෙන් දරන පංගුව සියයට 27කි.
එහෙත් රටේ වැඩිම බදු ගෙවීම් පැහැර හැර තිබුණේ රටේ ප්‍රධානම මත්පැන් නිශ්පාදන ආයතන නොවේ. රටේ ඉහළම දේශපාලනයේ සමීපතම රැකවරණය සහිත ඩබ්ලියු එම් මෙන්ඩිස් සමාගමය.
අවුරුදු 01 සිට 5 දක්වා කාලයක් තුළ පමණක් රුපියල් අසූ නව කෝටි, පනස් ලක්ෂ, තිස් පන් දහස්, දෙසීය හැත්තෑ නවයයි ශත පනස් එකක මුදලක් මෙන්ඩිස් සමාගම පොලු තියා තිබිණි. අවුරුදු 1 සිට 05 දක්වා හිඟ බදු මුදල් ලෙස ඩබ්ලියු.එම් මෙන්ඩිස් සහ සමාගම ඇතුලුව කළුතර සමූපාකාර ඩිස්ටලරීස් සමාගම, සිනර්ජි ඩිස්ටලරිස් සමාගම, රන්දෙණිගල ඩිස්ටලරිස් සමාගම, හිඟුරාන ඩිස්ලටරිස් සමාගම රෝයල් සිලෝන් ඩිස්ටලරිස් සමාගම විසින් ගෙවිය යුතු වූ හිඟ බදුවල මුළු එකතුව ලෙස රුපියල් එකසිය දහ නව කෝටි, හැට හත් ලක්ෂ, තිස් අට දහස් හාරසිය දාහතයි ශත පනස් හයක් විය. ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවට අනුව මේ කාර්තුව තුළ මුලු බදු පොල්ලෙන් තුනෙන් දෙකක භාරයක් දැරිය යුතුව තිබුණේ මෙන්ඩිස් සමාගමය.
මෙන්ඩිස් සමාගම අවුරුදු 10 සිට 15 දක්වා කාලය තුළ තබා තිබුණ මුළු බදු පොල්ල රුපියල් තුන්සිය විසි එක් කෝටි, හතලිස් තුන් ලක්ෂ අනූ එක් දහස්, නවසිය හතලිස් හතයි ශත හැත්තෑ නවයකි. එම කාර්තුව තුළ බදු පොලු තබා තිබුනේ මෙන්ඩිස් සමාගම පමණි.
අවුරුදු 15ට වැඩි හිඟ බදු ලෙස වයඹ ස්කාගාරය, වයඹ ස්ප්‍රීතු, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස්, මැකලම් බෲවරි සමාගම් හතරින් දෙසීය පනස් තුන් කෝටි, හැත්තෑ ලක්ෂ, විසි තුන් දහස්, හත්සිය හතලිස් හතයි ශත හයක මුදලක් රජයට පොලු තබා තිබිණි.
2023.12.31 වනවිට මත්පැන් නිශ්පාදන සමාගම් 10ක් විසින් පැහැර හැර තිබූ සමස්ථ බදු මුදල රුපියල් හසිය අනු හතර කෝටි, අසූ එක් ලක්ෂ, පනස් හතර දහස්, එකසිය දොලහයි ශත හතලිස් එකකි. මේ හිඟ බදු ප්‍රමාණයෙන් රුපියල් හාරසිය දස කෝටි අනූ හතර ලක්ෂ විසි අට දහස් එකසිය පනස් හතයි ශත තිහක මුදලක පොල්ලක් තබා තිබුණේ මෙන්ඩිස් සමාගමය. එය රටේ සමස්ථ සුරාබදු පොල්ලෙන් සියයට 59කටත් වැඩිය.
මේ තත්ත්වය තුළ මේ සියලුම මත්පැන් නිශ්පාදන ආයතනවලින් වත්මන් සහ වත්මන් නොවන හිඟ බදු අය කරගැනීම සඳහා ක්‍රම සහ විධි කාරක සභාව විසින් ලබා දෙන ලද නියෝගය ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නොසලකා හැරියේය. ඔවුන් 2023 වර්ෂයට අදාල හිඟ බදු පමණක් එකතු කිරිමට කටයුතු කර තිබිණි.
සුරාබදු දෙපාර්තමේන්තුව නිරුවත් වූ තවත් සිද්ධියක් ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ දී හෙළි වූයේය.
ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් වයඹ ස්ප්‍රීතු කළුතර සමූපකාර ඩිස්ටිලරීස් මත්පැන් ආයතන බදු නොගෙවා ව්‍යාපාර අත්හැර තිබිණි. මෙම ආයතන තුනෙන් අය කරගත යුතු මුලු බදු මුදල රුපියල් එකසිය හතලිස් එක් කෝටි, හැට තුන් ලක්ෂ හැත්තෑ දහස් පහයි ශත තිස් හතරකි. ව්‍යාපාර නවත්වා තිබූ ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් සහ වයඹ ස්ප්‍රීතු ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2023 සැප්තැම්බර් මස 20 වැනි දින ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දන්වා තිබුනේය. එහෙත් එම ආයතන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකවරු බදු ගෙවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව එම කාරක සභා වාර්තාව හෙළි කළේය.

ස්ටිකර් මගඩිය සහ සුරාබද්දන්ගේ හැසිරීම-
රටේ ස්කාගාරවල නිශ්පාදනයන් බදු අනුකූලතාව සහතික කිරීමටත්, නිශ්පාදනයේ සත්‍යතාව සහතික කිරීමටත්, පාරිභෝගිකයාට අව්‍යාජ නිශ්පාදනයක් මිලදී ගැනීමටත් විශේෂිත උපක්‍රම භාවිත කරන්නේය. ස්කාගාර 19ක් ඒ සඳහා භාවිතා කරන්නේ ආරක්ෂිත බදු මුද්‍රාවකි. අප නිරන්තර සංවාදයට බඳුන්වන ස්ටිකරය එයය .
බදු මුද්‍රාව සංකේත කළ මෙම ස්ටිකරය හොරට ගැසුවේය. ඒ බව හෙළි වූ නමුත් 2023 අගොස්තු මාසයේ 10 වැනි දින මෙම ව්‍යාජ බදු මුද්‍රා සහිත මත්පැන් බෝතල් අත් අඩංගුවට ගැනීමට වැටලීම් ආරම්භ කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නියෝග කරන තුරු ව්‍යාජ ආරක්ෂිත බදු මුද්‍රා සහිත මත් පැන් බෝතල් අත් අඩංගුවට ගැනීමට මුදල් අමාත්‍යාංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැත. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව පසුගිය සැප්තැම්බරයේ දී පාර්ලිමේන්තුවට අනාවරණය කළේ ව්‍යාජ අරක්කු බෝතල් හඳුනා ගැනීම සඳහා සුරාබදු නිලධාරීන්ට ලබා දී තිබුණ උපකරණ 200ක් ඔවුන් විසින් භාවිතා කර නොමැති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 


කෙසේ වෙතත් 2023 සැප්තැම්බර් මාසයේ දී හොර ස්ටිකර් සහිත හොර අරක්කු සොයා වැටලීම් කරන්නට සුරාබදු දෙපාර්තමේන්තුවට සිද්ධ වුයේය. 2023 අගෝස්තු 30 සහ සැප්තැම්බර් 20 අතර සිදුකළ වැටලිම්වලින් සැක සහිත අරක්කු බෝතල් 60,532ක් අත් අඩංගුවට ගත්තේය. මෙම බෝතල්වලින් සියයට 95ක් ව්‍යාජ මුද්‍රා සහිත ඒවා විය. හොර අරක්කු සොයා ගනු ලැබුවේ ඩබ්ලියු.එම් මෙන්ඩිස් සමාගම, හිගුරාන ඩිස්ටලරිස් සමාගම සහ රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පෞද්ගලික සමාගම යන සමාගම් තුනෙනි. වැඩිම වාජ්‍ය මුද්‍රා සහිත මත්පැන් බෝතල් හසුවන්නේ රටට වැඩිම බදු පොල්ල තැබූ මෙන්ඩිස් සමාගමෙනි. ඔවුන්ගේ බලපත්‍ර ලාභී ස්ථාන 55න් 52ක හොර බදු මුද්‍රා සහිත අරක්කු බෝතල් හසුවුනේය.
හොර අරක්කු හසුවූ මෙන්ඩිස්ලා ගේ බලපත්‍ර ලාභී ස්ථාන 52කට සහ සමාගමටත් හොර අරක්කු තොගයටත්, ප්‍රමාද ගාස්තුවත් සමග එක් කර රුපියල් මිලියන 39.4ක දඩයක් ගැසුවේය. මෙන්ඩිස්ලා දඩත් ගෙව්වේය. යළිත් මෙම අලුගුත්තේරු වැඩේ කර හසුවුවහොත් බලපත්‍ර අවලංගු කරන බවත් ලිඛිතව ඔවුන්ට දැනුම් දුන්නේය. මේ බදු වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් පියවරක් නැති බව ක්‍රම සහ විධි ආංශික අධීක්ෂණ සභාව පාර්ලිමේන්තුවට දන්වා තිබුණේය.
එහෙත් ආංශික අධීක්ෂණ කාරක සභාව මේ නින්දිත සොරකම ගැන හෙළි කරන්නට පෙර ඒ පිළිබඳ සියලුම තොරතුරු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය. ඔහු පාර්ලිමේන්තුවේ දි 2023 ජූලි 23 දා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ මෙම හොර ස්ටිකර් සහිතව හමුවන අති බහුතරයක් වූ අරක්කු බෝතලයක්ම හසුවන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ වත්කමක් ලෙස පවතින මෙන්ඩිස් කොම්පැණියෙන් බවය. යාපනය, නුවරඑළිය, ගාල්ල, රත්නපුරය, දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයකින් මෙන්ඩිස් කොම්පැණියේ හොර අරක්කු අසුවන අකාරය ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේය.
මෙම හොර ස්ටිකර් බෙදා හරින්නේ තවමත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන දූෂිත සුරාබදු නිලධාරියෙක් වූ අල්පොන්සෝ රසල් ලැම්බට් නැමැත්තෙක් බවත්, පසුගිය වසරේ දී අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් ( ආදායම් ) ලෙස කටයුතු කළ කපිල කුමාරසිංහ සහ මෙම සුරාබදු අධිකාරීවරයා එකම නඩුවකට වර්ෂ 2004 දී අල්ලස් කොමිසමේ චෝදනා ලබන බවත් පාර්ලිමේන්තුවට හෙළි කළ බුද්ධික පතිරණ වැඩිදුරටත් කීවේ මෙම හොර ස්ටිකර් සම්බන්ධ සියලුම දත්ත සොයාගෙන වැටලීමට ගිය සුරාබදු නිලධාරියා මගදී හරවා ගෙන්වා ගෙන තිබුණේත් කපිල කුමාරසිංහ, එනම් එවකට අතිරේක සුරාබදු කොමසාරිස්වරයා බවය.
“මේක හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. සමත කරන්න බෑ…” බුද්ධික පතිරණ කීවේය.
ඉන් අහිමිවූ වාර්ෂික බදු ආදායම පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් විය. නමුත් සිදුවූ බක්කක් නැත.

විගණනය කී කතාව-
ඩිජිටල් සලකුණු ක්‍රමවේදය යටතේ ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන ප්‍රධාන මත්පැන් සමාගමක එක් නිෂ්පාදනාගාරයක් තුළ ස්ථාපනය කොට තිබු ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රය අක්‍රිය වී තිබිණි. විගණනය පැවසුවේ ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රය ස්ථාපනය කරනලද 2022 ජනවාරි 11 දින සිට 2023 ජනවාරි 31 දින කාලය තුළදි ආසන්න වශයෙන් මාස 13ක් තුළ අවස්ථාව 813 කදි මෙකී මුද්‍රණ යන්ත්‍රය අක්‍රියවී තිබූ බවය.
ඒ හේතුවෙන් 2022 ජනවාරි 11 දින සිට 2023 ජනවාරි 31 දින දක්වා මාස 13කට ආසන්න කාලය තුළදි ස්ටිකර් මුද්‍රණය නොවු මත්පැන් බෝතල් 4,904,369ක් වෙළඳපොළට නිකුත් වි තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකින් හෙළිදරව් වුනේය.
මෙම තොග නිශ්චිත විගණනයට ලක් නොවන ඒවාය. එතැන තිබුනේ අරක්කු තොගයේ සුරා බදු මුදල් රජයට යනවාද නැද්ද යන්න සහතියක් දිය නොහැකි තොගයකි. රුපියල් 2400කට ගල් අරක්කු බෝතලයක් අලෙවි වන වකවානුවේ දී මත්පැන් බෝතලයක නිෂ්පාදන මිල රුපියල් 294කි. එක් මත් පැන් බෝතලයකින් රුපියල් එක් දහස් පන්සියයකට අධික මුදලක් රජයට බදු ලෙස ලැබුනේය. දල වශයෙන් ලක්ෂ හතලිස් නවය රුපියල් දහසින් වැඩි කළත් වංචා කිරීමට උත්සාහ කළ බදු මුදල කෝටි 490කි. මේ අතට හසුවූ එක් සිද්ධියක් පමණි.
තවත් විශේෂ කාරණාවක් හෙළි විය. අවස්ථාව 813 කදී ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රය අක්‍රීය වූ මුලු කාලය තුළම ස්ටිකර් මුද්‍රණය කිරීම සඳහා ගිවිසුම්ගත අදාල කොන්ත්‍රාත් සමාගමේ අධික්ෂණය යටතේ සලකුණු යන්ත්‍රය පැවතීමය. එමෙන්ම ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය තාක්ෂණික හා කාර්මික දෝෂවලට ලක්ව තිබුනද ගිවිසුම් ප්‍රකාරව ගෙවිය යුතු සියලු ගෙවිම් ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා ගිවිසුම්ගත වූ අදාල සමාගම වෙත ගෙවා තිබීමය. ස්ටිකර් හොරට ගසනවා පමණක් නොව නීත්‍යානුකූල ස්ටිකර මුද්‍රණය කරන සමාගම සමග ද මේ කණ්ඩායම ඩීල් දමා තිබිණි.

දවසකට රටට අහිමිවන අරක්කු බද්ද මිලියන 500ක්-
මේ වනවිට ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 3580කි. ඉන් රුපියල් 2980ක්ම රජයට ගෙවන බදුය. නිශ්පාදන වියදම සහ නිශ්පාදකයාගේ ලාභය රුපියල් 600කට ආසන්න මුදලකි. මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය පවසන්නේ සුරාබදු නිලධාරීන්ගේ දූෂණය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් ලැබිය යුතු සුරා බදු ආදායමෙන් සියයට 50ක්වත් රජයට ලැබෙන්නේ නැති බවය. ඔවුන්ගේ තක්සේරුවට අනුව මේ වනවිට දෛනිකව රජයට අහිමිවන සුරාබදු ආදායම දළ වශෙයෙන් මිලියන 500කි. මේ ගණිතයට අනුව මේ වනවිට රජයට හිමිවිය යුතු සුරාබදු නිසි ක්‍රමවේද මත අයකර නොගැනීම මත වාර්ෂිකව රජයට අහිමිවන ආදායම පමණක් රුපියල් බිලියන 180කි.
ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමුහිකයේ විධායක නිලධාරී දර්ශන තන්ත්‍රීගේ මෙම සුරාබදු කොල්ලයෙන් අහිමිවන රාජ්‍ය ආදායම සම්බන්ධව බරපතල මැදිහත්වීම් කළ සමාජ ක්‍රියාධරයෙකි. ඔහු හෙළි කරන්නේ සුරාබදු වංචා කර රුපියල් බිලියන ගණනක රාජ්‍ය වත්කම් අහිමි කිරිමේ අපරාධය පසුපස සිටින්නේ සුරාබදු කොමසාරිස්වරයා බවය. සුරාබදු කොමසාරිස්වරයාගේ නමින් නොවන නමුත් ඔහුටත් උතුරු පළාතේ බාර් තිබෙන බව දර්ශන තන්ත්‍රීගේ පැවසුවේය. සුරාබදු නිලධාරීන් වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් ව්‍යාපාර ලියාපදිංචිකරගෙන ඒ ව්‍යාපාර සඳහා සුරාබදු බලපත්‍ර ලබාගෙන බිස්නස් කරන ආකාරය බුද්ධික පතිරණත් පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
දර්ශන තන්ත්‍රිගේ මාධ්‍යයට පැමිණ අභියෝග කරන්නේ සේවයට බැඳුන දා සිට කිසිම වියදමක් නොකර සෑම ශතයක්ම ඉතිරිකරත් උපයාගත නොහැකි වූ වත්කම් ඇතැම් සුරාබදු නිලධාරීන් උපයාගෙන ඇත්තේ කෙසේ දැයි විමසන ලෙසය. ඇතැම් සුරාබදු නිලධාරීන්ට විදේශයන්හි නිවාස සහිත වත්කම් ඉපදෙන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි. තමන් ප්‍රකාශ කරන කරුණු වැරදිනම් ඕනෑම අවස්ථාවක උසාවියක් ඉදිරියේ මුණගැසෙන්නට සුදානම් බවත් ඔහු පවසන්නේය. සුරාබදු වංචා පිලිබඳව හා මෙම සුරාබදු නිලධාරින්ගේ අතාර්කික වත්කම් පිළිබඳව ලෙස අල්ලස් හෝ දූෂණ මර්දන කොමිෂන් සභාවට දර්ශන ඇතුළු පිරිස් පැමිණිලි ගණනාවක් සිදුකර ඇත්තේය.
මේ සමස්ථ ව්‍යාකූල ස්වරූපය සම්බන්ධව පැහැදිලි කරගැනීමට අප සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇමතීමට සතියක් තිස්සේ කළ දීර්ඝ උත්සාහය ඵල දරුවේ නැත. ඔහු ප්‍රශ්නය රට සමග කතා කරන්නට ඔවුන් සූදානම් නැත. එහෙත් මේ සියලු දෙනාටම කිව යුතු පැහැදිලි කතාවක් ඇත.
කරන අපරාධ සඳහා දඬුවම් නීතියෙන්ම ලැබෙන්නේ නැත. සොබා දහම වැහි නැති හෙණත් පාත් කරන බව මේ සුදු කරපටි හොරුන් තේරුම් ගන්නා විට සිදුවිය යුතු සියල්ල සිදුවී නිම වී තිබෙන්නට පුළුවන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කළමනාකරුවා නිසා නැගී එන පාසල් ක්‍රිකට් තරු දෙකකට තීරණාත්මක තරග දෙකක් අහිමි වෙයි !

Next Post

ඊයේ හොරණ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය අද සොයාගනී !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.