සුමිත් පොතුපිටිය –
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ඊයේ ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් අද සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග ලබාගැනීමෙන් පසු ලද අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සඟවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරියෙක් සඳහන් කලේය.
මෙම ටී 56 ගිනිඅවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය සැකකරුට ලැබුනු ආකාරය සහ කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
ඊයේ (05) පෙරවරු 10 ට පමණ මුදල් පොලියට දෙන බව කියන ව්‍යාපාරිකයා සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණි. වෙඩි තැබීම සිදුකල පුද්ගලයා කවුරුන්ද යන්න ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබූ අතර, ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය අප්‍රේල් 29 දා මෙරටට පැමිණ සිටි හොරණ හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබුණි. එම තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු නැවත ඩුබායි රාජ්‍යයට පලායාමට ඉඩ ඇති බැවින් කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන් දැනුවත් කොට තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මේ කිසිවක් නොදත් සැකකරු ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පලායාමට සූදානම්ව එදිනම පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී ස්වයංක්‍රීයව මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඔස්සේ සැකකරුව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු පසුගිය අප්‍රේල් 29 දා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබූ අතර, වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු යතුරුපැදිය හොරණ හල්කොල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි. සැකකරු තවදුරටත් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජී ජේ නන්දන, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පොලිස් පරීක්ෂකවරුන් වන උපුල් හර්ෂ කුමාර, කේ එම් ඩී මධුෂාන්, සැරයන්වරුන් වන 41104 සමන්තිලක, 69479 ප්‍රසන්න, 69615 ජයසූරිය , 55301 ජිනේන්ද්‍ර, කොස්තාපල් වරුන්වන 79335 තුෂාර, 98857 අංජුල, පොකොරි 89857 සංකල්ප වැටලීමට එක්වූහ.