මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව කල්මුණේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා ගමන් කරමින් තිබූ පොළොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක් අද (06) අලුයම 3.30 ට පමණ පාරෙන් ඉවතට පැන විදුලි ට්‍රාන්ස්ෆෝමරයක සහ වෙළඳසැලක ගැටී සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු තුවාල ලබා චෙන්කල්අඩි සහ මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති බව එරාවුර් පොලිසිය පවසයි.
අනතුරට හේතුව අධික වේගය බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් බස් රථයට සහ වෙළඳසැලට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර විදුලි ට්‍රාන්ස්පෝමරය සහ විදුලි කණු කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලිසිය පවසයි.
මෙම අනතුරෙන්,බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද, පරීක්ෂණ පවත්වන එරාවුර් පොලිසිය කියයි.