ලලිත් චාමින්ද –
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති ප්‍රතිලාභින් සඳහා රජය මගින් මුලදී සියයට පනහක සහනාධාරයක් ලබාදෙන බව සඳහන් කළද පසුව එය ණය මුදලක් ලෙස ලබාදීමට තීන්දු කිරීම නිසා තමන් ගැටළු රැසකට ලක්ව ඇති බව අක්මීමන ප්‍රදේශයේ ගොවීන් පවසති.
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලද කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිලාභින් සඳහා, ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් සියයට පනහක් සහනාධාරයක් ලෙස රජය මගින් ලබාදෙන බවට සඳහන් කොට තිබුණි. මෙය පොලී රහිත ණය මුදලක් ලෙස ලබාදීමට පසුව රජය මගින් තීන්දු කිරීම නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බව ප්‍රතිලාභින් පවසති.
මේ නිසා තමන්ට යම් කිසි නිශ්චිත කාලසීමාවක් තුල ණය මුදලක් ලෙස වාරික වශයෙන් මෙකී මුදල ගෙවීමට සිදුවී ඇති බවද ගොවීන් පවසති. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සියලු වියදම ප්‍රතිලාභින්ට දැරීමට සිදුවී ඇති බවද ප්‍රතිලාභින් පවසති.
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ, සොජාන් ක්‍රමය යටතේ පුරන් කුඹුරුවල පොල් පැල සිටුවිම, ගම්මිරිස්, තේ, කුරුඳු වගාකරුවන් සඳහා අගය එකතු කළ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.