අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සක අයිස් ජාවාරමක යෙදිලා…කලක සිට මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන ගිහින් !

by lankasara-editor
මැයි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

කලක සිට හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාම, සූරියවැව ඇතුළු අවට ප්‍රදේශ රැසකට අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයෙකු (අතුරු වෛද්‍ය) අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 500ක් සමග තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධණ ඒකකයේ නිළධාරීන් විසින් පෙරේදා (05) රාත්‍රී හම්බන්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කල 40 හැවිරිදි එක් දරු පියෙකි.

සැකකරු සූරියවැව පොල පහළ පදිංචි කරුවෙකු වන අතර දැනට කලක සිට සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ තාවකාලික පදිංචියේ සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණි.හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධණ ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකෙරුණි.එහිදි සාමෝදාගම පදිංචි පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 570ක් සමග අත්අඩංගුවට ගැණුනු අතර ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ අතුරු වෛද්‍යවරයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවන බවයි.

ඒ අනුව හම්බන්තොට දොදොල් කඩ ප්‍රදේශයේ පිහිටි සැකකාර වෛද්‍යවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදි ඔහුගේ නිවසේ තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදීම සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි ලද තොරතුරුවලට අනුව ඇඹිලිපිටිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ද අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 470 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ භෞත චිකිත්සක වරයා විසින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන් අයිස් ග්‍රෑම් 01ක් රුපියල් 13000ක මුදලකට මිලදී ගෙනවිත් හම්බන්තොටදි ග්‍රෑම් එකක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කරන බවයි.සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අයිස් මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට පොලිසිය සමත්ව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්අඩංගුවට පත් භෞත චිකිත්සකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට බාර දී ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බි.කීර්තිරත්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයවිර,පොලිස් සැරයන් වරුන් වන (70223)රසික, (71452)ඉංදික (72939)සංජය, (75587)අමිල හා පොලිස් කොස්තාපල් වරුන් වන (84229)සමන්,(91504)සදරුවන් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවන යාත්‍රාවට සමුදුන් ටයිටැනික් නැවේ කැප්ටන් !

Next Post

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබා දෙන බැව් කී සහනාධාරය පසුව ණය මුදලක් ලෙස ලබාදීමට ගත් තීන්දුවෙන් අසරණ වූ අක්මීමන ගොවීන් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.