දින පහළොවක් පුරා අතුරුදන්ව සිටි තරුණ ව්‍යාපාරික සුසිත් ජයවංශ නම් තරුණයාගේ මළ සිරුර පනිරෙන්ඩාව කැළෑවක තිබී හමුවී ඇත.
සිය පෙම්වතියගේ නිවසට යාමෙන් පසුව මෙම තරුණයා අතුරුදන් වූයේ ඉකුත් අප්‍රේල් 22 දිනය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු ලෙස සැලකෙන තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නැමැත්තාගේ මස්සිනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුනු මත සිදු කළ සොදිසියකදී මෙම මළ සිරුර කැළැවේ තිබි සොයා නු ලැබ ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර මේ දක්වා අතුරුදන් වූ තරුණයා පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කළද එම විමර්ශනයන්ට විවිධ අවස්ථාවලදී පොලිසියේ ඉහළ නිලතල හෙබවූවන් ගේ බාධා පැමිණි බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සිඟිති නැමැත්තා සහ ඔහුගේ බිරිඳ පොලිසියට භාර වීමට සූදානම් බව පවසා පොලිසිය නොමඟ යවා අධිකරණයට ඔහුව භාර කිරීමට වයඹ පළාතේ සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගේ මැදිහත්වීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් පනිරෙන්ඩාව වනාන්තරයට තරුණයා රැගෙන ගොස් ඇත්තේ රතු පැහැති ඇල්ටෝ වර්ගයේ රථයකින් බවද එහිදී ඔහුගේ ගෙල මිරිකන්නට ඇතැයි මේ වන විට සැකයක් පවතින බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.