දිසා විනිසුරුවරයෙකුගේ නිල නිවසේ ආරක්ෂක රාජකාරියට බීමතින් වාර්තා කළ කටුගස්තොට පොලීසියේ බේබදු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්කර තිබේ.
පොලිසිය පවසන්නේ කටුගස්තොට අලදෙණියේ පිහිටි මහේස්ත්රාත්වරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරී කරමින් සිටියදී ඊයේ (20) මොවුන් අත්අඩංගුවට ගත්බවය.
පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල් වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පොලීසියට වාර්තා නොකර අදාළ රාජකාරී ස්ථානයට නිවසේ සිට පැමිණීමට අවස්ථාව ලබාදී තිබියදී මෙම නිලධාරීන් මෙලෙස බීමතින් රාජකාරීයට වාර්තාකර තිබේ.
සිද්ධියෙන් පසු අදාළ පහසුකම අත්හිටුවීමට කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන ඇත.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්ඩංගුවට ගැනීමෙන් පසු වෙනත් දෙදෙනෙකු මහේස්ත්රාත් නිල නිවසේ ආරක්ෂාවට යොදවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.