අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඉලෙක්ෂන් ලඟයි… තියන ඡන්ද ටික බේරගන්න හරි ‌ සුනඛයින් බැඳ දමන්න… දැන් මිනිස්සු වෙනස්!

by editor
මැයි 27, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පුත්තලමේ සුනඛයා  බුරා පැන්නේය. හිර ගෙදර තැබිය යුතු උන් පාර්ලිමේන්තුවට යැවූ විට උන් තැනක් නොතැනක් නොදැක පහරන පහරන වාරයක් පාසා අපහාස විඳින්නේත් ගර්හාවට ලක්වන්නේත් පාරිලිමේන්තුවය.

පුත්තලම් බූරුවන් වැනි මිනිසුන් විසින් රට වටෙන්ම තමන්ව පාලනය කරන්නටත්, නීති රීති සම්පාදනය කරන්නටත්, තමන් වෙනුවෙන් නියෝජනය වන්නටත් පාර්ලිමේන්තු එවන අශිෂ්ට ගොබ්බයන් සම්බන්ධව තමන්ම තීන්දුවක් ගත යුතු බව මැතිවරණ කටේ දී යළි සිහිකළ සිදුවීමක් පුත්තලම නගරයෙන් ඊයේ (26) මේ රටම දුටුවේය.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකරය. පුත්තම ප්‍රදේශයේ රජයට අයත් අකක්ර 10ක පමණ ඉඩමක් කිසියම් පිරිස් විසින් නීති විරෝධීව බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක් පිළිබඳ ලද තොරතු මත ඊයේ ඔහු එම ප්‍රදේශයට ගියේය.

ඉඩම් බලහත්කාරයෙන් අත් පත් කරගන්නා බව කියනු ලැබුවේ පුත්තලම පැරණි මන්නාරම පාරේ පුද්ගලික ලුනු ලේවාය ඉදිරිපිට ඉඩමකි. අක්කර 10ක් පමණවන ඒම රජයේ ඉඩම අතිශය ඉහළ වාණිජ වටිනාකමකින් යුතු විය. පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉඩමට කිසිවෙකුට ඇතුළුවීම තහනම් කර තිබුණේය. ඊයේ නීති විරෝධී ලෙස ඒම ඉඩමට කිසියම් පිරිසක් ඇතුළු වී තිබුණේ ඒ් තහනම තිබියදීය.

ඉඩම් කොල්ලක සඳහා ඇතුළු වී සිටි පිරිස අතර විලිලජ්ජා නැති පුත්තලමේ කුපාඩි මන්ත්‍රීත් හිටියේය. ඒ කුපාඩියා විශේෂ අමුත්තන් ඇතුළුවනක ප්‍රභූ  පරියන්තය ඔස්සේ නිති විරෝධී ලෙස කෝටි හතක රන්බඩු සහ දුරකථන ස රැගෙන විත් අතේ කෝට් වූයේය. පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයෙන් වරදකරු වී භාණ්ඩ රාජ සන්තක කර දඩයකට ද යටත් කළේය. ඉන්පසු මාසයක් පාර්ලිමේන්තුව තහනම් විය. ඔහු අලි සබ්‍රි රහීම් නැමැති විලි ලජ්ජා රහිත ජාවාරම් කාර පාරලිමේන්තු මන්ත්‍රී පෝතකයා ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අලිසබ්‍රි රහීම් සිටියේ පිරිසක් සමගය. සංයමයක් නැති අයිආර්සී කාරයෙක් මෙන් ඔහු ප්‍රාදේශීය ලේකම්වරයාට සිය බලය පෙන්වන්නට ගියේය. රාජ්‍ය නිලධාරියෙක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා සිය රාජකාරි පෞරුෂය සහිතව හැසිරුනේ දේශපාකයන් ඉදිරියේ නිවටයින් සේ හැසිරෙන රාජ්‍ය නිලධාරීන්ට ස්වකීය රාජකාරි පෞරුෂය යනු කුමක්දැයි පෙන්වා දෙමිනි.

අලි සබ්රි රහීම් සහ ඔහුගේ සහචරයන් කීවේ මේ රජයේ අවුරුදු සිය ගණනක් මිනිස්සුන් පදීංචි වී සිටි ඉඩමක් බවය. ඉඩම් අයිතිය ඇත්තේ ඒ් මිනිස්සුන්ට බවය. ප්‍රාදේශීය ලේකම්වරයා කීවේ මේ ඉඩම කිසිවෙකුට අයත් ඒකක් නොව රජයේ හිස් ඉඩමක් බවත් ඔප්පු හදාගෙන ඇවිත් ඇතිනම් ඒ් සියලුම ඔප්පු ව්‍යාජ ඒ්වා බවත්ය. ප්‍රදේශයේ රජයේ ඉඩම් බලතල ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාට බව ඔහු සිහි කළේය.

ප්‍රාදේශීය ලේකම් – මේවා රජයෙ ඉඩම්. මේවා කාටවත් අයිති නෑ. මේ අහන්නකො…

අලි සබ්‍රි රහීම් අහන්නට සූදානම් නැත. ඔහු බුරා පනිමින් වියරු ලෙස හැසිරෙන්නේ ය.

අලි සබ්‍රි රහීම් – මමත් ඩීසීසී සභාපති කෙනෙක්. ඔබතුමා වැඩ කරන්නේ චින්තක මායාදුන්න මන්ත්‍රී තුමාගේ කීමට ඉඩම් ජාවාරම් කරන්න ඉඩ දෙන්න බෑ. මේකේ අවුරුදු සිය ගණන් පදිංචි මිනිස්සු ඉන්නවා.

ප්‍රාදේශීය ලේකම් – පදිංචි නෑ මේ හිස් ඉඩම. මේක හිස් ඉඩම… මේක රජයේ ඉඩමක්

අලි සබ්‍රි රහීම් – රජයේ ඉඩම උනත් ඒයාල බදු ඉල්ලනවා නේ. දෙන්න එයාලට බදු… අපේ ඔප්පු බලන්නකො….

ප්‍රාදේශීය ලේකම් – මේ ඉඩමට ඔප්පු නෑ. ඔය ඔප්පු වලංගු නෑ…

අලි සබ්‍රි රහීම් – අපි පාර්ලිමේන්තු ගියේ ජනතාවට සේවය කරන්න හරිද… ඉඩම් විකුණන්න නෙමෙයි.

ප්‍රාදේශීය ලේකම් – මේක රජයේ ඉඩම. මේ ඉඩම අපි කාටවත් දෙන්න කටයුතු කරලා නෑ…

අලි සබ්‍රි රහීම් – නෑ දීලා තියනවා. ඔබතුමා දීලා තියනවා.

පුද්ගලයෙක්. – එහෙම කරන්න බෑ. නඩු දාන්න.

අලි සබ්‍රි රහීම් – නෑ නෑ… නඩු දාන්න ඔ්න නෑ… මේ ඔක්කොම කරන්නේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක මායාදුන්න. පාර්ලිමේන්තු යන්නේ ඉඩම් අල්ලන්න නෙමෙයි. මොනවා හරි තියනවා නම් ඔබතුමා පොලිසියේ ඇන්ට්‍රි දාලා උසාවියෙ නඩුවක් දාන්න

ප්‍රාදේශීය ලේකම් – මම පොලිසියේ ඇන්ට්‍රියක් දාලා තියෙන්නේ.

අලි සබ්‍රි රහීම් – ඔබතුමා ෆීල්ඩ් ඒකට ආපු එක වැරදියි

ප්‍රදේශීය ලේකම් – මේ ඉඩමට තුන් හාරසීයක් ඉල්ලීම් කරලා තියනවා. ඒ්වා බෙදන්න අවශ්‍ය කටයුතු කරලා නෑ. මේ වගේම අනවසරකරුවො කණ්ඩායමක් තමයි එහා පැත්තෙත් ඉන්නේ. ඔය ඉඩම් විකුණපු මිනිස්සු දන්නවා ඇති කවුද ඉඩම් වික්කේ කියලා.

මේ වගේ අල්ලා ගන්නවා. විකුණනවා ලක්ෂ ගණන්වලට. කෝටි ගණන්වලට. ඔ්ක තමයි බිස්නස් ඒක. මේ නැති බැරි මිනිස්සු නෙමෙයි. කෝටිපති ව්‍යාපාරිකයො පුත්තලමේ මේකට කෙළ හලාගෙන ඉන්නේ. නැතුව මේ රට හදන්න නෙමෙයි.

මේ පුත්තලමේ සබ්ජට් එක ඇවිල්ලා… දේශපාලකයො සමහරු සම්බන්ධයි මේවට.

ප්‍රදේශීය ලේකම්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මේ අතර අලි සබ්‍රි රහීම් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට බලපෑම් කරමින් සිදුකළ මේ තුට්ටු දෙකේ හැසිරීමට පුත්තලම නගරයේ නිහඬ විරෝධතාවයක් ද පැවැත්විනි.

ප්‍රාදේශීය ලේකම්වරයා පුත්තලමේ කුපාඩි මන්ත්‍රීගේ මූණට කිව යුත්ත කිවේය. හෙට මේ රාජ්‍ය නිලධාරියා පුත්ලමෙන් මාරු කර යැවීමට මේ රටේ දේශපාලනය කටයුතු නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු. මක්නිසා ද යත් වීදි සුනඛයෙක් බඳු දේශපාලකයෙක් බලහත්කාර ඉඩම් කොල්ලයකට පැමිණ රාජ්‍ය නිලධාරීන්ට බුරා පනින හැටි දැන් මුලු රටම දැක ඇති බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට පහළ කඩුගන්නාවන් නුවර පාර වසා තබන්නේ විනාඩි 15ක් පමණයි… කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි!

Next Post

ඇඹිලිපිටියට ඉන්න එකම නිර්වින්දන විහේෂඥ වෛද්‍යවරියත් කොළඹට ඇදීමේ තැතක්

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.