ඇඹිලිපිටිය රෝහලේ සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නොදන්වාම විදේශගත වීමෙන් පසුව පත් කළ විශේෂඥ වෛද්‍යවරිය ද යළි කොළඹ රෝහලකට මාරු කිරීමේ උත්සාහයක් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශගත පුහුණුව ලබා විශේෂඥ වෛද්‍යවරියක ලෙස ශ්‍රි ලංකාව පැමිණි මෙම වෛද්‍යවරිය තාවකාලික පදනම මත ඇඹිලිපිටිය රෝහලට අනුයුක්ත කර ඇති අතර පෙර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු සිටි තැන අද ඇය පමණක් සේවය කරන බව සඳහන් වේ. දැනට මාස කිහිපයක පටන් ඇඹිලිපිටිය රෝහලේ ශල්‍ය කටයතු සඳහා අවශය විශේෂඥඥ නිර්වින්දන සහය ලබා ගන්නේ මෙම වෛද්‍යවරියගෙනි. ඇයට අමතරව එහි රැදී සිටින්නේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරයකු පමණක් වන අතර ඇය කොළඹ ප්‍රදේශයේ රෝහලකට මාරු වුවහොත් යළිත් රෝහලේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කටයුතු පවා අර්බුදයකට ලක්විය හැකි බවට සෞඛ්‍ය අංශ ඉඟි පළ කරයි.







