පසුගිය 20 වනදා කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ තෂ්මින් මධුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ ටෂී නැමැත්තා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (27) රාත්‍රියේ කළුතර බන්ධනාගාරය තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි වාර්තා වේ.
කළුතර උතුර පොලිසිය පවසන පරිදි මෙසේ මියගොස් ඇත්තේ, තිබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියෙකි.
මිය ගිය සැකකරු මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 දා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරු ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බරපතල ලෙස අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබේ.









