ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා, පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී අද (27) අලුයම ගුවන් තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගෝබිනාත් සිවරාජා යනු දැනට විමර්ශනය කෙරෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට අදාල වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයින් රැසක් අතර සිටින ප්‍රධාන සැකකරු වේ.
මීට අමතරව, දැනට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනය කරන මෙම විශේෂිත නඩුවේ මහ මොළකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා පිළිබඳ සැකය පහළ වී තිබේ.
දැනට විමර්ශනය වන වංචා සහ දූෂණ සම්බන්ධ විත්තිකරුවෙක් වූ ගෝබිනාත් තවත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සගයකු සමඟ යුරෝපයට යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නතර කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේහි මාධ්‍ය කළමණාකරු වුවද, ගෝබිනාත් සිවරාජා ටෙක්බෝල් (ව්‍යාපෘති කළමනාකරු) සහ ඩාන්ස් ස්පෝර්ට් (ලේකම්) වැනි මතභේදාත්මක ක්‍රීඩා ආයතන දෙකක ද සේවය කර ඇත. ඒවා මූලික වශයෙන් මෑතකදී තහනම් කරන ලද ලේඛන වලට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ විය. ඔහුගේ සගයන් විසින් නිර්මාණය කරන ලද තවත් ලේඛනවලට පමණක් සීමා වූ වින්ටර් ස්පෝර්ට්ස් නම් ක්‍රිඩා සමාජයක් ද මේ ආකාරයෙන්ම තහනම් කර තිබිණි.
සැබෑ ලෙසම නොපවතින කඩදාසිවලට පමණක් වූ මෙම ක්‍රීඩා ආයතන වටා ඇති ආන්දෝලනයට තුඩු දුන් වංචාව වන්නේ දූෂිත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් එකතු වී එවැනි සංගම් ඇති කර ජාත්‍යන්තර මව් ආයතනවලින් සහ දේශීය අනුග්රාහකයන්ගෙන් මුදල් ගසා කෑමය.
ඩාන්ස් ස්පෝර්ට් සගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝබිනාත් සිවරාජා එහි පත්කළ සභාපති මාලිංග ප්‍රනාන්දුගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන රුපියල් ලක්ෂ 8ක අනුග්‍රහයක් ලබාගෙන තිබීමත් එම මුදල් ලබා ගැනීම සඳහා තර්ජනය කිරීමත් සම්බන්ධවත් චෝදනා ලැබ ඇත.
දූෂණ රැසක මහ මොළකරු ලෙස සැක කරෙන ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් සංගමයේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට සැලකිය යුතු සහයෝගයක් දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු වන ගෝබිනාත් සිවරාජා අත්අඩංගුවට ගැනීම අපරාධ රැසක් පිළිබඳ සැඟවුන තොරතුරු හෙළී දරව් වීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.
ගෝබිනාත් රඳවා තබා ගැනීමත් සමඟ, වසර ගණනාවක් නිදහස භුක්ති විඳි තවත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට සිය “ඉන්වටවල් “එක නැතිවන බව ද වාර්තා වේ.
දූෂණ, වංචා, ජාවාරම් සහ මිනිස් ජාවාරම් සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් දැනට විමර්ශනය කෙරෙන නඩු කිහිපයක නම් කර ඇති අනෙකුත් සැකකරුවන් වන්නේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ, මාලිංග ප්‍රනාන්දු, දිනේෂ් ක්‍රිෂාන්ත, සහ සුරංජිත් ප්‍රේමදාස යන අයයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොහෝ පරීක්ෂණ අවසන් වෙමින් පවතින බව දැනගන්නට ඇත.
මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති (මූල්‍ය) ලලිත් විතාන සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු ඉල්ලා අස්වී ජාතික ඔලිම්ක් කමිටුවේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ ඔවුන්ද මෙම සඳහන් කළ සැකකාර නිලධාරීන් සමඟ නම් කිරීමෙන් පසුවය.