මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල බදනාගල ඇතුළු අවට ප්‍රදේශවල සැරිසරණ දළ ඇතෙකු පහරදීමෙන් ලක්ෂ ගණන් වටිනා කිරි ගවයින් අකාලයේ මියයන අතර බොහෝ කිරි ගවයින් තුවාල ලැබීම හේතුවෙන්, තමන් දැඩි අසිරු බවට පත්ව සිටින බව දිඹුලාගල බඳනාගල කිරි ගොවීහු පවසති.
ඊයේ ( 26 ) රාත්‍රියේ ද මෙම දළ ඇතා පහර දීමෙන් රුපියල් ලක්ෂ 07 පමණ වටිනා කිරි ගවයකු මියගොස් ඇති බවත්, එම දළ ඇතා පහරදීමෙන් තම ගම්මානයේ කිරිගවයින් දහයකට ආසන්න සංඛ්‍යාවකට තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදේශයේ පශුවෛද්‍යවරුන් ළඟට රැගෙන ගොස් ඇති බවත් බදනාගල කිරි ගොවියෙකු වන ඒ.ජී ලයනල් සඳහන් කළේය,
තමන් 1991 වසරේ සිට ගව පාලනය සිදු කරන බවත්, මේ වනවිට ප්‍රදේශයේ සැරිසරන දළ ඇතෙකු පහර දීමෙන් තමන්ගේ පමණක් වටිනා කිරි ගවයින් නව දෙනකු මියගොස් ඇති බවත් ඔහු කීවේය.
2023 වර්ෂයේ පමණක් දල ඇතා පහරදීමෙන් තම ගම්මානයේ ගවයින් අට දෙනෙකු පමණ මියගොස් තිබෙන බවත්, මෙම වසරේදී එම දළ ඇතා පහරදීමෙන් ගවයින් විශාල සංඛ්‍යාවක් තුවාල ලබාදෙන තිබෙන අතර ගවයින් පස්දෙනකු පමණ මියගොස් ඇති බවද දිඹුලාගල බදනාගල කිරි ගොවීහු කියති.
දිඹුලාගල බඳනාගල, කළුකැලේ යන ගම්මානවල පාරම්පරික කිරි ගොවීන් ප්‍රකාශ කරන්නේ ප්‍රදේශයේ පාරම්පරික කිරි ගව පාලනයේ යෙදෙන ගොවීන් පවසන්නේ මේ තත්ත්වය තුළ තමන්ට කිරිගව පාලනයෙන් ඈත්වීමට සිදුවන බවය.
අප මේ පිළිබඳව වෙහෙරගල, නුවරගල, ප්‍රදේශවල වනජීවී නිලධාරීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ
හදපාන්විල විල්ලුවේ දළ ඇතුන් කීපදෙනෙකු සැරිසරන බවත්, කිරි ගොවීන් ිසින් එම ප්‍රදේශයට කිරි ගවයින් නිදහස් කිරීම නිසා මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන බවත්, ගම්මානයට එලෙස දළ ඇතුන් නොඑන බවත්ය.