සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ආනන්ද පෙරේරා… ඔහු කවරෙක්දැයි කියවන්න…

by editor
මැයි 27, 2024
in කලා, සංස්කෘතිය
Ananda-Perera-
Share on FacebookShare on Twitter

ඔහු වැනි විශිෂ්ටයන් යළි බිහිවේනම් ඒ සඳහා ඇත්තේ අතිශයින්ම විරල අවස්ථාවක් බව විශ්වාස කරමු.  ආන්නද පෙරේරා යනු අපේ කාලයේ සංගීතය පිළිබඳ යුග රූපණයක් වන බැවිනි.

මේ විශිෂ්ට මිනිසා නොකල්හි අපෙන් සමුගන්නා විට 67වැනි වියෙහි පසු වූයේය. අනේකවිධ ජිවින දුර්ග මැද සිය සංගීත දර්ශනයේ ගර්වය අත් නොහළ ආනන්ද පෙරේරා අප හැර යන්නේ   මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.  

කණ්ඩායම් සංගීතයේ ශාස්ත්‍රීය ගැඹුර ස්ඵර්ෂ කරමින්  තවත් විශිෂ්ට සංගීතඥයෙක්වන ඇන්තනි සුරෙන්ද්‍ර සමග  ශක්ති සංගීත කණ්ඩායම පිහිටුවා අනතුරුව සිහ ශක්ති සංගීත කණ්ඩායම්  බිහි කරගෙන ඔහු අපට දුන් ආනන්දය  දශක දෙක තුනක අතීතයට යා හැකි නම්  සිහි කරගත හැකිය.

ඔහු අපට විශේෂ වූයේ  මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසාය.  

මේ විශිෂ්ට සංගීතඥයා කවරෙක් ද යන්න රූපණය කරන පිරුණු සංවාද සටහනක් මීට සිවු වසරකට පෙර රාවය පුවත්පතේ පළවූයේය. එම සංවාදය මෙහෙයවා තිබුණේ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්නයන් විසිනි.  ජිවමාන ආනන්ද පෙරෙරා සමග කළ එම  සංවාද සටහන යළි උපුටා පල කරන්නේ  මේ මිනිසා කවරෙක්ද යන්න සම්බන්ධව ගැටලු රහිතව කියවා ගැනීම උදෙසාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • ඔබ පෙරදිග ශාස්ත්‍රීය හා බටහිර සංගීතය වශයෙන් ලොකු භේදයක් නැතුව විෂයට පිළිපන් සංගීතවේදියෙක් ලෙසයි අපි දැක්කෙ. මේ පරිචය ඇතිකර ගත්තෙ කොහොමද?

මගේ පියා වන සිරිල් පෙරේරා ප්‍රකට සංගීතවේදියෙක් ඔහු යටතේ තමයි ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවෙ. පියාට අයත්ව තිබුණු මහනුවර මුල්ගම්පල එම්.ජී.පී. කාලායතනයේ තිබුණු සියලුම සංගීත භාණ්ඩ මම එවකදී පරිහරණය කළා. අපේ තාත්තා හරිම සැර පරුෂ නීතියට වැඩ කරන කෙනෙක්. එයා කියන්නෙ, ඕනෙ දෙයක් කරපං, හැබැයි හරියට කියලා. සංගීත භාණ්ඩ අරං බජව් දාන්න එපා කියලත් කියනවා. කාලයක් තිස්සේ අපේ ටැලන්ට්ස් දිහා බලාගෙන ඉඳලා තාත්තා දවසක් මගේ අතට වයලීනය දුන්නා. උඹ අද ඉඳන් වයලින් එක පුරුදු වෙයන් කිව්වා. මල්ලි (අශෝක පෙරේරා) මට වඩා අවුරුද්දක් බාලයි. එයාට එදා දුන්නෙ තබ්ලාව. අපිට එතකොට වයස අවුරුදු 10-11 ක් වගේ ඇති. අපේ කලායතනයේ නැටුම් පන්තියක් තිබුණා. වයලින් එක අතට ගන්න පෙර සිටම මම ඒකටත් යනවා. කවිය, වන්නම, බෙර හඬ, කරත්ත කවි, පැල්කවි ඇහෙනකොට මගේ ඇඟේ ලේ කකියන්න ගන්න තත්ත්වයක් පොඩි කාලේ ඉඳලම ඇති වුණා. ශාස්ත්‍රීය සංගීතය වගේම ඒ ජන ශ්‍රැතියටත් මම හුඟක් ඇලුම් කරන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි. වයස 13 විතර වෙද්දි කැලිප්සෝ සංගීතය ගැන ලොකු උනන්දුවක් ඇතිවුණා. දවල්ට රේඩියෝ එකේ යන කණ්ඩායම් ගී අහන එක නොවරදවාම කළා. ඉංග්‍රීසි චැනල් එකට ගිහින් ජිම් රීව්ස්ගෙ, එල්විස් ප්‍රෙස්ලිගේ සිංදු අහනවා. ඔපෙරා ගායනා අහනවා. සංගීතය භේදයක් නැතුව භාවිත කරන්න පන්නරය ලැබුණේ මේ සියල්ලෙන් කියලයි මට හිතෙන්නෙ.

  • ආනන්දගේ සංගීත දර්ශනය මොකක්ද?

පළමුවැනිම දේ තමයි ප්‍රභේදයක් නැතිකම. ලෝකයේ තිබෙන සංගීත ශෛලින් රැසක් මම මගේ කරගන්නවා. කර්නාටක සංගීතය, උත්තර භාරතීය සංගීතය, ඊට පස්සෙ ස්පැනිෂ් මියුසික්, ඇමරිකන් වෝල්ස් මියුසික්, රොක්, හෙවි රොක්, ඇසිඞ් රොක්, හාඞ් රොක් වල ඉඳලා එහි දේශීය සංගීතය වන කන්ටිර් ඇන්ඞ් වෙස්ටර්න් මියුසික් දක්වා දේවල් භාවිතයේදි මම අනන්‍ය කර ගන්නවා. දැන් බලන්න “ඕරයිරේ ඔයිරාමා” සිංදුව නිර්මාණය කරන කොට කන්ටිර්ඇන්ඩ් වෙස්ටර්න් ගිටාර් පාර්ට් එකකින් පටන් ගන්නෙ. ඒ සංගීතය හිතට හරි සනීපයි. කෙනෙකුගේ සංගීත දර්ශනය ගොඩනැගෙන්නේ පෘථුල දැනුමෙන් හා භාවිතයෙන්නෙ. මම ඉන්නෙ ඒ ස්ථාවරයේ. අතුල ගයන “මුතුලතා” ගීතය සංගීතවත් කරන්න දක්ෂිණ භාරතීය අවනද්ධ භාණ්ඩ භාවිත වෙනවා. ඝටසිංගාරී, ඩුකී, ටේප්රබන්, තුන්දනා ආදිය භාවිතයෙන් දේශිය නාදමාලාවක් උපදවනවා. එඩ්වඩ් ගේ   “මුව මුක්තාලතා” ගීතයට ගත්තේ උත්තරභාරතීය කවාලි සංගීතයේ එන පීලු කියන රාගය. ඒක තමයි වැඩිම ස්වර ගණනක් උපයෝගි කර ගන්නා රාගය. ඉතිං කියන්න වෙන්නෙ මගේ සංගීත දර්ශනය එක තැනක නතර වෙච්ච එකක් නෙමෙයි කියන එකයි. මම ඒක හදාගත්තෙ විවිධ ශෛලීන් වියුක්තව ගෙන නෙමෙයි ශාස්ත්‍රීය වශයෙන් අරගෙනයි.

  • කලායතනෙ කටයුතුයි පාසල් අධ්‍යාපන කටයුතුයි කෙළවරකට ආවෙ කොහොමද?

ධර්මරාජෙ සංගිතය ඉගැන්නුවෙත් අපේ තාත්තා. මල්ලියි මමයි ගියෙත් ධර්මරාජයට. සති අන්තෙ සංගීත පුහුණුවත් කරනවා. අවුරුදු 16 ක් විතර වෙද්දි මට සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්න ඕනෙ කියන අදහසක් ආවා. අහල පහළ මියුසික් කරන යාළුවෝ කීප දෙනෙකුත් හිටියා කිසිම ඉන්ස්ටෘමන්ට් එකක් තිබුණේ නැහැ. එක යාළුවෙක් ගිටාර් එකක් දුන්නා උඹලා මේක වැඩේට ගනිල්ලා කියලා. ඒක වෙලාවෙ හැටියට ලොකු වස්තුවක් වුණා. හැබැයි තාත්තා මේ වැඩේට කැමති නැහැ. ප්‍රැක්ටිස් කළේ වෙන ගෙදරක. ඒත් තාත්තා දැනගත්තා අපි දෙන්නම ගිටාර් ගහනවා කියලා. අවුරුද්දක් ප්‍රැක්ටිස් කළා. බෙවිස් මනතුංගත් අපේ කණ්ඩායමේ හිටියා. තේ පෙට්ටියකින් තමයි ඩ්‍රම් සෙට් එක හදාගත්තෙ. අපි පොඩි මගුල් ගෙවල්, හෝටල්වල වගේ ප්ලේ කරන්න පටන් ගත්තා. දවසක් අපි ප්ලේ කරලා පාන්දර ගෙදර එනකොට තාත්තා අර අපිට මුලින්ම හම්බවෙච්චි ගිටාර් එක කුඩුවෙන්න පොළොවෙ ගහලා තිබුණා. තාත්තට අස්ථාන බියක් තිබුණා. අපි ශාස්ත්‍රීය සංගීතය අතහැරලා දිගටම වෙස්ටන් මියුසික් වලට යයි කියලා. ඒත් මම හිටියෙ මැද තැනක.

  • බෑන්ඩ් එක ජනප්‍රිය වුණාද ?

අපි මුදල් සහ ප්‍රසිද්ධිය නෙමෙයි හෙව්වෙ. වෙඩින් එකක ප්ලේ කළාම එක්කෙනෙකුට රුපියල් 25/= ක් විතර ලැබුණා. ඒ ඇති. අපිට ඔය කාලේ Kandy lake club එකේ ප්ලේ කරන්නත් ලැබුණා. ඒකෙන් එම්. එස්. අයියා, ජෝති, මිල්ටන්, සුජාතා අක්කා වැනි අය හඳුනා ගත්තා. කොළඹ එන්නත් අවස්ථාව ලැබුණා. සුපර් ජේන්ස් කියන මේ බෑන්ඞ් එක 88 විතර වෙනකම් අපි කරගෙන ආවා. මල්ලියි මමයි දෙන්නම සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය හමාර කරලා ශාස්ත්‍රිය සංගීතයම ඉගෙන ගත්තා. කලායතනයෙ මල්ලියි මමයි ඇරුණාම තව මිතුරන් තිදෙනෙක් හිටියා. අපි පස්දෙනාටම ඕනෑවුණා ආමි, පොලිස්, එයාර්ෆෝස් වගේ බෑන්ඩ් වලට යන්න. ඇප්ලිකේෂන් දැම්මා. මල්ලිටයි මටයි හැර අනෙක් තුන්දෙනාට ඉන්ටවීව් ආවා. බැලින්නම් අපේ ලියුම් තාත්තා මගදිම උස්සලා. ඔය නිමල් ගුණසේකර තාත්තාගෙ ගෝලයෙක්. එයා අපිට දවසක් කිව්වා එස්.එල්.බී.සී. එකට වාද්‍ය ශිල්පීන් බඳවා ගන්නවා කියලා. ඒ ගමන දෙන්නම තාත්තට නොකියා ඇප්ලිකේෂන් දැම්මා. තුන්වෙනි ඉන්ටවිව් එකටත් ගිහිං 78 ජූනි පළමුවෙනිදා ගුවන්විදුලියේ වැඩ භාර ගන්න යන දවසේ පාන්දර තමයි තාත්තට කිව්වෙ. තාත්තා ටිකක් අප්සට්. ඒත් ඉතිං යන්නෙ ගුවන්විදුලියටනෙ. ඒ නිසා මොකුත් කිව්වෙ නැහැ.

  • ගුවන් විදුලියෙ අත්දැකීම කොහොමද?

සෝමදාස ඇල්විටිගල මාස්ටර් තමයි අපේ නායකයා. රොක්සාමි මාස්ටර් වගේ අය ඇසුරු කරන්න ලැබීම පුදුම භාග්‍යයක්. ඒ කාලෙම මට වික්ටර් රත්නායක මහත්මයාගේ “ස” ප්‍රසංගයේ වයලීනය හා ගිටාර් ප්ලේ කරන්න වගේම කෝරස් කියන්නත් අවස්ථාව ලැබුණා. වික්ටර් මාමා කියලයි අපි එයාට කියන්නෙ. ඔහු අපේ කලායතනයේ නැවතිලා ඉගෙන ගත්තු කාලයක් තිබුණා. ඒ වගේම මල්ලිවයි මාවයි දෙන්නවත් ඔහු තමන්ගේ නාවින්නෙ ගෙදර අවුරුදු 03 ක් විතර නවත්වගෙන අපිව බලා ගත්තා. අපිට ඒ කාලේ ගුවන්විදුලියෙ පඩියට අමතරව තවත් ආදායම් එහෙම හම්බ වුණු නිසා ටික කාලෙකින් වික්ටර් මාමටත් කියලා මල්ලියි මමයි වෙන බෝඩිමකට ගියා.

  • වික්ටර් මුල්ම කාලෙ ඔබේ පියාගෙන් සංගීතය ඉගෙන ගන්න එන පසුබිම හැදුණෙ කොහොමද?

අපේ අම්මාගෙ පැත්තෙන් තමයි වික්ටර් මාමා අපිට ඥාති වෙන්නෙ. අපේ අම්මගේ පොඩි අයියා බැන්දෙ වික්ටර් මාමාගෙ අක්කව. ඉතිං අපේ අම්මයි තාත්තයි බඳින කාලේ වෙනකොට වික්ටර් මාමා අවුරුදු 14 ක විතර ගැටයා. එයා සර්පිනාව ගහලා සිංදු කියනවා බලන් හිටපු තාත්තා වික්ටර් මාමව ගෙදර නවත්තගෙන සංගීතය උගන්වලා තියෙනවා. වයලීනයත් අතට දීලා ශාස්ත්‍රිය සංගීතයට ඔහුව නැඹුරු කරලා තියෙන්නේ අපේ තාත්තා. එයාගේ ඉහළම ගෝලයා වික්ටර් මාමා. ඊට පස්සෙ නිමල් ගුණසේකර.

  • ඔබේ පියා සහ මහාචාර්ය සරත්චන්ද්‍ර අතර ලොකු මිත්‍ර සමාගමයක් තිබුණා නේද?

ඔව්. සරත්චන්ද්‍ර මහත්තයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉඳලා මුල්ගම්පල කලායතනයට එනවා. තාත්තා හම්බවෙන්න. තාත්තත් ඒතුමා හම්බවෙන්න යනවා. මේ සම්බන්දෙ හැදුනෙ වින්සන්ට් සෝමපාල මහත්තයා හරහා වෙන්න ඕනෙ. ඔහුගේ පුතා ජයන්ත අරවින්ද, සරත්චන්ද්‍ර මහත්තයගෙ නාට්‍යවල සංගීතය නිර්මාණය කළානේ. වින්සන්ට් සෝමපාල මහත්තයයි අපේ තාත්තයි එකට අඩිපුඩි ගහන යාළුවො. ඒ වෙලාවට දෙන්නා කරන ශාස්ත්‍රීය සාකච්ඡාවල කෙළවරක් නැහැ. සමහරවිට කුණුහරුපත් කියාගන්නවා. අපිට අහලකවත් ඉන්න දෙන්නෙ නැහැ. අපේ පියා සරච්චන්ද්‍ර මහත්තයගේ නාට්‍යයකට හැදුවා “දුන්දුබී තරංග” කියලා තාල වාද්‍ය භාණ්ඩයක්. “වේනු තරංග” කියලත් එකක් හැදුවා. මේවා සියල්ල උණ බට වලින් හදපුවා. මට මතක හැටියට ඒ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයට.

  • ශක්ති බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද

ඇත්තටම නුවර බෑන්ඩ් එක නතර කරන්න වුණේ ශක්ති නිසා. මම වැඩිකල් ගුවන්විදුලියේ හිටියෙත් නැහැනේ. දවසක් සරල ගී වැඩසටහනක් ආරම්භ වීමට තියෙද්දි තාත්තට අසනීපයි කියලා මට පණිවිඩයක් ආවා. මම වැඩසටහන පැත්තක දාලා තාත්තා බලන්න ආවා. ඒක වරදක් තමයි. ඒත් මට තාත්තා අතහරින්න බෑ. ඒක චන්ද්‍රිකා සිරිවර්ධනගෙ සරල ගී වැඩසටහනක්. එයාට ලොකු දේශපාලන බලයක් තිබුණු නිසා කවුරුවත් මම කළ ජාතියෙ වැඩක් කරන්නෙ නැහැ. ඒත් මම ඒවා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. පහුවදාම මාව ඉවත් කළ ලිපිය ලැබුණා. ශක්ති හැදුවේ මගේ මිත්‍ර ඇන්තනි සුරේන්ද්‍ර. එයා ඊට පෙර නුවර සංගීත වැඩසටහන්වලදි මම අඳුරගෙන සිටියා. ගුවන්විදුලියෙත් අපි දෙන්නා එකට වාදනය කළා. සුරේන්ද්‍රගේ පියා නඩරාජා ඇන්තනි කියන්නෙත් විශිෂ්ට සංගීතඥයෙක්, සුරේන්ද්‍ර, මම, ගාල්ලගේ, බෝගොඩ, නිහාල් ජයවර්ධන, කලනි පෙරේරා වගේ අය වැඩක් නැති වෙලාවට මොකක් හරි අලුත් දෙයක් එකතුවෙලා ප්ලේ කරන්න උත්සහා කරනවා. සුරේන්ද්‍ර ශක්ති පටන්ගත්තෙ ඒවායේ ප්‍රතිඵලයක් විදියට. මම නුවර සංගීත කණ්ඩායම කරපු නිසා ශක්ති එකට මුලින්ම සම්බන්ධ වුණේ නැහැ. ඒත් පසුව ඒකට හොඳ සිගර් කෙනෙක් අඩුනිසා මම ගියා. එතකොට තමයි නුවර බෑන්ඞ් එක නැවැත්තුවෙ. අපි සැහෙන කාලයක් හොඳ වැඩ ටිකක් කරගෙන ආවා.

  • ඔබ නායකත්වය ගෙන සිහශක්ති හදන්න සිද්ධ වුණේ කොහොමද

අපි අතරේ ඇතිවූ පොඩි පොඩි ප්‍රශ්නත් ඒකට බලපානවා. සමහර ඒවා මුල්‍ය ප්‍රශ්න. මට හැම වෙලාවෙම කලාවයි ප්‍රමුඛ වුණේ. කොහොම හරි සුරේන්ද්‍ර ඇර අනෙක් සේරම වගේ මාත් එක්ක සිහශක්ති හදන්න එකතුවුණා. එහෙමයි කියලා මමයි සුරේන්ද්‍රයි අදටත් හරිම මිතුරුයි. ඒකට ප්‍රශ්නයක් වෙලා නැහැ. සිහශක්ති පිටරට සංචාරත් හුඟක් ගියා. ඒත් 2000 විතර වෙද්දි නතර කරන්න වුණේ මගේ දරුවකුගෙ අසනීපයක් නිසයි. එයා 2006 දි නැතිවුණා. මටත් ස්ට්‍රෝක් එකක් ඇවිත් වැඩ කරගන්න අමාරු වුණා. දරුවාගේ ප්‍රශ්නයයි මගේ අසනීපයයි සේරම නිසා බෑන්ඩ් එක වෙනුවෙන් මට වැඩ කරන්නයි, හිත එකඟ කරගෙන සින්ග් කරන්නයි අමාරු වුණා. ඒ ගමන නැවැත්තුවා. ආපහු දැන් ස්වරාංජලී කියලා පොඩි ඔරියන්ට් බෑන්ඩ් එකක් හදාගෙන ගෘහස්තව විතරක් ප්ලේ කරනවා. ගායනා වලදිත් මම නූර්ති ගී ගැයීමට වැඩි නැඹුරුතාවක් දක්වනවා. ඒකට හේතුව තමයි නූර්තිය ඇතුළෙ නිදහසේ ගැයීමට තහනමක් නොමැතිවීම. අලුත් තාල නුර්තිය ඇතුළෙදිත් මම අත්හදා බලන අවස්ථා තිබෙනවා.

  • සංගීත ක්ෂේත්‍ර තුළ ඔබේ වීරයා කවුද?

යුග දෙකක් නියෝජනය කළ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රොක්සාමි මාස්ටර්. මම වාද්‍ය ශිල්පියෙක් හැටියට ඔහුව තමයි ෆලෝ කළේ. මියුසික් විතරක් නෙවෙයි මනුෂ්‍යත්වයෙනුත් ඉහළ කෙනෙක්. ඒ තරම් නිහතමානි මනුෂ්‍යයෙක් මම දැකලා නැහැ. කර්නාටක, වෙස්ටර්න්, හින්දුස්ථානි ඕනේ එකක් අතැඹුලක් වගේ. කේන්ති ගියත් කෙනෙකුගේ හිත රිද්දන්නේ නැති මිනිහෙක්.

අනිත් පුද්ගලයා තමයි මගේ සමකාලීන ඇන්තනී සුරේන්ද්‍ර. සුපිරි වාදකයෙක්. ස්ටයිල්, ස්වීට්නස් දෙකම අලුත් හා පරිපූර්ණයි. ගිටාර්, මැන්ඩලින්, කීබෝඩ් ඕනෙ එකක් සුරේන්ද්‍ර අතේ නැලවෙනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2024 අයිපීඑල් ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට !

Next Post

කිරි හරක් මරන දළ ඇතා… ඊයේත් ලක්ෂ 07ක් වටිනා කිරි ගවයෙක් මරලා…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.