අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

by editor
ජූනි 29, 2026
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල  

මෙවර සිංහල බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන්නේ 2333 වැනි පොසොන් උත්සවයය. ශාස්ත්‍රීය එකඟතාවයන්ට අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ බව පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව 544 හෝ 543 වර්ෂවලදීය. මේ අනුව කෙරෙන ඓතිහාසික ගණනය කිරීම්වලට අනුව මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 308 හෝ 307 යන වර්ෂවලින් එකක පොසොන් පුන් පොහෝ දිනකය (මූලාශ්‍රය: මහාචාර්ය ඒ.වී. සුරවීර, ශ්‍රී මහාබෝධි පුරාවෘත්තය, පිටුව 4).

පුරා සහශ්‍ර දෙකකට අධික කාලයක් මුළුල්ලේ මේ රටේ ඉහළම ගෞරවයක් හිමිවුණු ප්‍රධානතම ආගමික පූජා උත්සවය බවට පත්වූයේ ද මෙම පොසොන් පූජෝත්සවයය.

මහාවංශ පුවත තහවුරු කරන රජගල සෙල් ලිපිය

මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය යනු හුදු ප්‍රලාපයක් හෝ ජනප්‍රවාදයක් නොවේ. එය ලිඛිත මෙන්ම පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් මනාව තහවුරු කරන ලද ඓතිහාසික සංසිද්ධියකි. මහාවංශයේ සඳහන් වන මෙම පුවත පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් වරක් ප්‍රත්‍යක්ෂ ලෙස සනාථ වන්නේ අම්පාර රජගලින් හමුවන සෙල් ලිපියකිනි.

දෙවානම්පියතිස්ස රජුගේ ඇවෑමෙන් රජ පැමිණි ඔහුගේ සොහොයුරු උත්තිය කුමරුගේ රාජ්‍යත්වයේ අටවැනි වර්ෂයේදී, සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවන් වදාළහ. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ වප් මස (ඔක්තෝබර්) පුරපක්ෂයේ අටවක දිනකය (මහාවංශය, 20 පරිච්ඡේදය, 32-34 ගාථා). බද්ධමාලකයේදී සිදුකළ ආදාහන පූජෝත්සවයෙන් පසු, මිහිඳු හිමියන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සෙසු සියලු විහාරයන්හිද සෑ බඳවා පුදපූජා පැවැත්වීය (මහාවංශය, 20 පරිච්ඡේදය, 46-47 ගාථා).

මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳව අම්පාර රජගලින් ලැබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් යුතු සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ:

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

“යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ”

මෙම පාඨයෙන් අදහස් වන්නේ මිහිඳු හිමියන්ගේ සහ ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් පිළිබඳවයි. මින් මහාවංශයේ ඇති ඓතිහාසික විශ්වසනීයත්වය හා වැදගත්කම නැවත වරක් තහවුරු වෙයි.

අර්බුද හමුවේ නොසැළුණු අඛණ්ඩ වන්දනාව

මෙම ඓතිහාසික සාධක හා බැඳුණු, ශ්‍රී ලාංකික බෞද්ධයන්ටම අනන්‍ය වූ සංස්කෘතික ප්‍රකාශනයක් තිබේ. එය සහශ්‍ර දෙකකට වඩා පැරණි අඛණ්ඩ ඉතිහාසයක් සහිත ජීවමාන වන්දනාවකි. ඒ වෙනුවෙන්ම අතීතයේ සිටම මිනිස්සු අනුරාධපුරයට රොද බැඳුණහ. මහා වසංගත හා සතුරු ව්‍යසන මැද අනුරාධපුරය මුළුමනින්ම පාළු වී, මරණයේ නගරයක්ව පැවති අඳුරු වකවානුවලදී පවා සිංහල බෞද්ධ ගැමියෝ පොසොන් උත්සවය වෙනුවෙන් වූ තම අඛණ්ඩ වන්දනාව අත්නෑරියහ. ඔවුහු ජිවිත අවදානම නොතකා මහා බෝධිය රක්ෂා කරමින්, මෙරට ජීවමාන බෞද්ධ සංකේතය අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කළහ.

ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට පැවැති ආගමික පසුබිම

මෙම විශිෂ්ට සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවය නිරායාසයෙන් මතු වූවක් නොවේ. එම විචිත්‍ර ස්වභාවය මිහිඳු මහා රහතන් වහන්සේ විසින් බලහත්කාරයෙන් මේ සමාජය තුළ පිහිටවූවක් ද නොවේ. එම අනන්‍ය චමත්කාරයට පදනම වැටෙන්නේ ප්‍රාග් බෞද්ධ ඉතිහාසයේ ලංකාවේ පැවති ආගමික චින්තන ධාරාවන්ගෙන් දියුණු අධ්‍යාත්මික පෝෂණයක් ලැබූ ජන සමාජයක සිදුවූ ශාස්ත්‍රීය බුද්ධි පරිවර්තනයක් ලෙසය.

බෞද්ධ සංස්කෘති ලේඛන සංග්‍රහය (පිටු 148-180) පෙන්වා දෙන පරිදි, මහින්දාගමනයට පෙර සිරිලක මෙවැනි ආගමික ඇදහිලි පැවතිණි:

  • ස්වභාව වන්දනාව සහ යක්ෂ ඇදහිලි: එකල ඇතැම් ජනයා ස්වභාව ධර්මයේ විචිත්‍ර වස්තූන් දේවත්වයට නංවා “යක්ෂ” නාමයෙන් ඇදහූහ. යක්ෂයන් හෝ දෙවියන් අධිගෘහිත යැයි සැලකූ කඳු, පර්වත, ගස් හා රුක් ගොමු පිදීම ප්‍රාග් බෞද්ධ යුගයේ කැපී පෙනෙන ලක්ෂණයකි. එමෙන්ම මළ ප්‍රේතාත්මයන් ද යක්ෂ හෝ දේව නාමයෙන් ඇදහූහ.
  • දේවායන සහ යාග හෝම: එතරම් උසස් ප්‍රභවයක් නැති භූත විශේෂයන් ද යක්ෂ නාමයෙන් අදහමින් ඔවුන් උදෙසා දේවායතන ගොඩනැංවූහ. නොයෙක් යාග හෝම, බලිබිලි හා යාච්ඤා කන්නලව් මගින් ඔවුහු තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට උත්සාහ කළහ.
  • බ්‍රාහ්මණ ආගම සහ ආකාශ වස්තු වන්දනාව: සමාජයේ සිටි බුද්ධිමත් මිනිස්සු බ්‍රාහ්මණ ආගම ඇදහූහ. ඔවුන්ගේ ආගම, රාමායණය හා මහා භාරතය යන වීර කාව්‍ය දෙකෙහි පිළිබිඹු වන ආගමික ස්වරූපයට සමාන විය. මීට අමතරව ග්‍රහ තාරකා ඇතුළු ආකාශ වස්තූන් ද වන්දනයට පාත්‍ර විය.
  • ශ්‍රමණ සම්ප්‍රදායන්: මේ හැර ජෛන, පරිබ්‍රාජක සහ ආජීවක වැනි ආගමික ධාරාවන් ද එකල ලංකාවේ පැවැති බව පෙනේ. එකල පොදු ජනයාගේ ආගමික ස්වරූපය බෙහෙවින් සමාන වූයේ ජාතක කතාවල පිළිබිඹු වන සමාජ පසුබිමටය.

ප්‍රාග් බෞද්ධ වකවානුවේ මෙරට පැවැති ආගම්, බුද්ධ කාලීන භාරතයේ පැවැති ආගමික ක්‍රමවේදයන්ට දැඩි විරෝධයක් නොදැක්වූ බැවින්, බුදුදහම ව්‍යාප්ත වීමේදී මෙරට පැවැති ඇතැම් සාම්ප්‍රදායික විශ්වාස හා ඇදහිලි ක්‍රමවලට ද කල්යෑමේදී බෞද්ධ සංස්කෘතිය තුළට මුසුවීමට ඉඩකඩ ලැබුණි.

මිහිඳු හිමියන්ගේ සුවිශේෂී දේශනා ශෛලිය

එවැනි ඇදහිලි, සිරිත් විරිත් සහ පිළිගැනීම් තිබුණු වකවානුවක මෙරටට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ, එකල සමාජයට සහ ජනතාවට වඩාත්ම ගැළපෙන සූත්‍ර සමූහයක් ත්‍රිපිටකයෙන් තෝරාගෙන ධර්ම දේශනා කළහ.

බුදුදහමේ ඉගැන්වෙන ‘අනුපූර්ව ප්‍රතිපදාව’ අනුගමනය කරමින්, අඩියෙන් අඩිය නොගැඹුරු තැන සිට ගැඹුරු කරුණු දක්වා විහිදෙන සූත්‍ර දේශනා තෝරා ගැනීමට උන්වහන්සේ ක්‍රියා කළහ. එම සූත්‍ර දේශනා දෙස බලන විට උන්වහන්සේට ත්‍රිපිටකය පිළිබඳව තිබූ සුවිශේෂී හා පෘථුල ඥානය මනාව පැහැදිලි වෙයි. උන්වහන්සේ දීඝ නිකාය හැර ඉතිරි නිකාය සතරෙන් ද, විනය පිටකයේ මහා වග්ග පාළියෙන් ද සූත්‍ර තෝරාගෙන දේශනා කළහ. පසුව දෙසූ සූත්‍ර ධර්ම කරුණෙන් මෙන්ම දහමෙන් ද ඉතා ගැඹුරු විය. ශාසන ප්‍රතිපදාව අනුගමනය කරන යෝගාවචරයෙකුට එම සූත්‍ර හැදෑරීමෙන් සහ ඒවායේ එන කරුණු පිළිපැදීමෙන් මඟපල නිවන් අවබෝධ කරගත හැකිය.

මහාවංශයේ 14 වැනි පරිච්ඡේදයේ සඳහන් වන අන්දමට, මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියේදී මුලින්ම දේශනා කළේ ‘චූළහත්ථිපදොපම සූත්‍රයයි’. ඇත් අඩි බලා, සසඳා මහා ඇතා හඳුනා ගන්නාක් මෙන්, ශාසන ප්‍රතිපදාව අනුගමනය කරමින් මඟපල ලබා ගැනීම තුළින් බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නා ආකාරය මෙම සූත්‍රයෙන් මනාව උගන්වයි. තෙරුවන් ගුණ මෙහි මැනවින් ගැබ්වී ඇත. මෙම සූත්‍ර ශ්‍රවණය කළ දේවානම්පියතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් රටවැසියා එදින තෙරුවන් සරණ ගිය බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙහිදී අනාවරණයවන වැදගත් ශාස්ත්‍රීය කාරණාවක් තිබේ.  මිහිඳු මහා රහතන්වහන්සේ විසින් මෙරටට වැඩම කරවා වදාලේ ආගමක් නොව, දාර්ශනික සම්ප්‍රදායක් බවය. එම විශ්වීය දාර්ශනික සම්ප්‍රදාය සිංහල බෞද්ධ  ජන ආගම බවට පරිවර්තනය වන්නේ ප්‍රාග් බෞද්ධ යුගයේ පැවති රටට අනන්‍ය සංස්කෘතික සම්ප්‍රදාය තුළය.

එනම් සිංහල බෞද්ධ ජන ආගම මේ භූමියට අනන්‍ය වූවකි. එය ඉන්දියානු ආනයනයක් නොව මහින්දාගමනයටත් එපිට පැවති මේ රටේ ජන උරුමය, සංස්කෘතිය පිලිබඳ ජිවන ප්‍රකාශනයකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

Next Post

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.