අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

by editor
මැයි 1, 2026
in සංස්කෘතිය
sri-maha-bodhi
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

සාම පා ගමන අවසානයේ පැවති රාජ්‍ය උත්සවයේ දී  ඇමරිකාවට වැඩම කිරීම සඳහා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක්, ජනාධිපති අනුර  කුමාර දිසානායක විසින්  වියට්නාම ජාතික පඤ්ඤාකර හිමිපාණන්  (Ven. Pannakara)  වෙත පූජා කළේය.  පසුගිය අගඟහරුවාදා ඒ සිදුවන්නේ හුදු පූජාවක් නොවේ.   බෝධිවංශ ඉතිහාසයට  අලුත් පරිච්ඡේදයක් එක් කළ ඓතිහාසික  සිදුවිමකි.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් පූජා කිරීම…

ජය ශ්‍රී මහා බෝධිය යනු බෞද්ධ සංස්කෘතික ජන සමාජයේ සංකේතාත්මක ජීවමාන බුදුන් වහන්සේය.  බෞද්ධ ඉතිහාසයේ කිසිම අවස්ථාවක ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගේ අංකුරයක්,  ප්‍රදානයක් ලෙස ඔහේ පූජා කළේ නැත.  එසේ සිදුවූයේ  අතිශය රාජ්‍යතාන්ත්‍රික බැඳීමක සංකේතයක් ලෙස ය.  මිහිඳු මා හිමියන් ඉන්දියාවේ වැඩ සිටි ජය ශ්‍රී මහා බෝධියෙන් ශාඛාවක්  ලංකාවට වැඩමවා මහ මෙවුනාවේ රෝපණය කරන්නේත් මහින්දාගමනයට හය මසකට පසුව එන උඳුවප් පොහොය දිනයේ දීය. ඒ  රාජ්‍ය තාන්ත්‍රිකව බෞද්ධ සංස්කෘතික බැඳීම රට තුළ තහවුරු වූ බව නිශ්ඡය වශයෙන්ම සනාථ වූ පසුවය.

පඤ්ඤාකර හිමිපාණන් වෙත මේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයේ ප්‍රදානය පුළුල් විශ්වීය අර්ථයකින් සිදුවූවකි.  යුද්ධයේ ම්ලේච්ඡත්වය ලෝකය කම්පනය කර ඇති මොහොතක  ලෝක සාමය වෙනුවෙන් බෞද්ධ සංඝ සමාජය විසින් සිදුකරන අති ගෞරවණීය කැපකිරීම වෙනුවෙන් බෞද්ධ ජාතියකට පූජා කළ හැකි උසස්ම සංකේතාත්මක පූජාව  ලෙස මෙම පූජාව සිදුවන්නේ  ලෝකයේම බෞද්ධයන් වෙතය.

පඤ්ඤාකර  හිමිපාණන් වෙත   පූජා කළ මෙම බෝධි අංකුරය මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් (Fort Worth) හි ඉදිවන “ධම්මචේතිය” (Dhammacetiya) නව බෞද්ධ මධ්‍යස්ථානයේ රෝපණය කිරීම සඳහා වැඩම කරවාගෙන ගොස් ඇත.

  • බෝධි වෘක්ෂයේ   විද්‍යාත්මක පසුබිම

මේ වෘක්ෂය සංකේතාත්මක සංස්කෘතික ප්‍රකාශනයකි. ඒ මීට වසර 2,600කට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවණ ලබා දුන් පූජනීය වෘක්ෂය වශයෙනි. මෙහි විද්‍යාත්මක නාමය Ficus religiosa වන අතර එය මල්බෙරි කුලයට (Moraceae) අයත් ශාකයකි. හෘදයාකාර පත්‍ර සහිත මෙම සදාහරිත වෘක්ෂය ඉන්දියානු අර්ධද්වීපයට සහ අග්නිදිග ආසියාවට ආවේණික වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලොව ජීවමාන පැරණිතම සහ ගෞරවනීයම වෘක්ෂය ලෙස සැලකේ. එය මීට වසර 2,000කට පෙර ඉන්දියාවේ මුල් බෝධීන් වහන්සේගෙන් ලබාගත් අංකුරයක් ලෙස මෙරට රෝපණය කරන ලද්දකි. ඒ පිළිබඳව වූ බෝධි සංස්කෘතික වංශයක් සිංහල ජාතිය සතුව තිබේ. එය වෘක්ෂයක් සම්බන්ධව ලියැවෙන දීර්ඝතම ඓතිහාසික ලේඛනය ය.

පඤ්ඤාකර හිමිපාණන් වෙත පූජා කරන මෙම ජය ශ්‍රී මහා බෝධි අංකුරය උන්වහන්සේ විසින් ටෙක්සාස්හි ඉදිකරන ධම්මචේතිය භාවනා මධ්‍යස්ථානයේ රෝපණය කිරීමට නියමිතය. එම ධර්ම මධ්‍යස්ථානය කේන්ද්‍රකරගෙන  ඉන් උන්වහන්සේ  දියත්කරන ලෝක සාමයේ පණිවුඩය යථාවත් කිරීමේ  ප්‍රයත්නයට ඉන් අනුලංඝනීය වටිනාකමක්   හිමිවන බව පැහැදිලිය.

sri-maha-bodhi
බෝධිය වැඩම කරවාගෙන යෑම…
  • බෝධිය ඇමරිකාවට වැඩමවීම සහ ඇමරිකාවේ නිරෝධායන නීතිය

බෝධීන්වහන්සේ පඤ්ඤාකර හිමියන් සමග ඇමරිකාවට වැඩම කර ඇත්තේය. සාමාන්‍යයෙන්   ජීවී ශාක අංකුරයක් හෝ පැළයක් (Live plant cutting / sapling) එක් රටක සිට තවත් රටකට ප්‍රවාහනය කිරීම යනු අතිශයින්ම නියාමනය කරන ලද ක්‍රියාවලියකි.  එහි සාමාන්‍ය ක්‍රියාපටිපාටිය මෙසේය.

විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකට මෙවැනි ශාක ද්‍රව්‍යයක් ඇතුළු කිරීමේදී එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව හා ශාක සෞඛ්‍ය පරීක්ෂණ සේවාව (USDA APHIS), රේගු හා දේශසීමා ආරක්ෂක අංශය (CBP) සහ මෙරට ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) යන ආයතන තුනෙහිම දැඩි අධීක්ෂණය අවශ්‍ය වේ. මෙම නීති රීති උල්ලංඝනය කිරීම පූජනීය ශාකය විනාශ කිරීමට, අධික දඩ මුදල් පැනවීමට හෝ දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට හේතු විය හැක.

  • ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට වැඩම කරවිමේ  කිරීමේ මූලික පියවර

ඕනෑම ශාකයක් මෙරටින් පිටතට රැගෙන යාමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) සම්බන්ධ කරගත යුතුය. මෙහිදී වඩාත්ම වැදගත් ලේඛනය වන්නේ ‘ශාක සෞඛ්‍ය සහතිකය’ (Phytosanitary Certificate) ලබා ගැනීමය. ක්ෂේත්‍ර පරීක්ෂණ සහ රසායනාගාර පරීක්ෂණ මඟින් අදාළ ශාකය පළිබෝධකයන්ගෙන් තොර බව තහවුරු කළ පසුව මෙම සහතිකය නිකුත් කෙරේ.

ජය ශ්‍රී මහා බෝධි අංකුරය වැනි විශේෂ අවස්ථාවන්හිදී රාජ්‍ය මට්ටමේ අවසරය සහ අදාළ විෂය භාර අමාත්‍යාංශවල ආශීර්වාදය ද මෙයට අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, දුම් ගැසීම වැනි ප්‍රතිකාර ක්‍රම (Fumigation) සිදු කළ බවට සහතික ද අවශ්‍ය විය හැකිය.

  • ඇමරිකානු රජයේ ආනයන නීති සහ බලපත්‍ර

ඇමරිකාවට පැළයක් ඇතුළු කිරීමේදී USDA ආයතනයෙන් නිකුත් කරන විශේෂ ආනයන බලපත්‍රයක් (PPQ Form 587) අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. විශේෂයෙන් මෙරටින් රැගෙන යන පැළ සංඛ්‍යාව 13කට වඩා වැඩි නම් මෙම බලපත්‍රය නොමැතිව ඇතුළුවීමට අවසර නොලැබේ.

මෙහිදී ශ්‍රී ලංකා නිරෝධායන සේවයෙන් ලබාගත් සහතිකය ඇමරිකානු නීතිවලට (ACIR දත්ත පද්ධතියේ නියමයන්ට) අනුකූලදැයි නැවත පරීක්ෂා කෙරේ. ශාකය රැගෙන යාමට පෙර එය පස්වලින් තොරව (Soil-free) සහ නියමිත පරිදි තෙතමනය රැඳෙන ලෙස ඇසුරුම් කිරීම අනිවාර්ය වේ. පස් රැගෙන යාම බොහෝ විට ඇමරිකානු නීතියෙන් තහනම් කර ඇත්තේ පස් හරහා විවිධ රෝගකාරක බීජ ව්‍යාප්ත විය හැකි බැවිනි.

ගුවන් මඟින් ඇමරිකාවට ළඟා වූ වහාම දේශසීමා ආරක්ෂක නිලධාරීන් (CBP Agriculture Specialist) වෙත අදාළ ශාකය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ කළ යුතුය. සඟවා රැගෙන යාමට උත්සාහ කිරීම බරපතළ වරදකි. එහිදී සිදුකරන පරීක්ෂණවලින් ශාකය සමත් වුවහොත් පමණක් එය නිදහස් කෙරෙන අතර, කිසියම් රෝගයක් හෝ පළිබෝධ අවදානමක් පවතී නම් එය විනාශ කිරීමට හෝ නැවත හරවා එවීමට නිලධාරීන්ට බලය ඇත.

  • බෝධීන්වහන්සේ ඇමරිකාවට වැඩම කිරීමට සූදානම් කිරීම

පූජනීය බෝධි අංකුරයක් වැනි වටිනා ශාකයක් ප්‍රවාහනය කිරීමේදී මෙවැනි අවදානමක් පවතින බැවින්, අතිශය විධිමත් ලෙස සංවිධානය වූ නීතිමය ක්‍රියාවලියක වැදගත්කම මෙහිදී මනාව පැහැදිලි වේ.

මේ නෛතික තත්ත්වය පදනම්ව  ශ්‍රී ලංකාව තුළදී  ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) මඟින් බෝධි අංකුරය ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනු ලැබුවේය.  අනතුරුව එම ශාකය නිරෝගී සහ පළිබෝධවලින් තොර බව තහවුරු කරමින් ශාක සෞඛ්‍ය සහතිකයක් (Phytosanitary Certificate) නිකුත් කෙරිණි. එමෙන්ම රජයේ පූර්ණ මැදිහත්වීම මත අපනයනය සඳහා අවශ්‍ය සියලුම නීතිමය ලිපිලේඛන කටයුතු සම්පූර්ණ කරන ලදී.

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය බෝධි අංකුරය ඇමරිකාවට ඇතුළු කිරීමේදී එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) සහ රේගු හා දේශසීමා ආරක්ෂක අංශයේ (CBP) සියලුම නීති රීති අකුරටම අනුගමනය කිරීමට පියවර ගන්නා ලදී. ඒ සඳහා අවශ්‍ය ආනයන බලපත්‍ර (Import Permit) කලින්ම ලබාගෙන තිබුණි.

පළිබෝධ අවදානම අවම කිරීම සඳහා බෝධි අංකුරය පස් ඉවත් කළ මූල පද්ධතියක් සහිතව (Bare-root style) ඉතා ප්‍රවේශමෙන් ඇසුරුම් කර ගුවන් මඟින් ප්‍රවාහනය කෙරිණි. දේශසීමාවේදී සියලුම තොරතුරු විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කළ අතර, මෙම ක්‍රියාවලියේ විධිමත්භාවය හේතුවෙන් කිසිදු බාධාවකින් තොරව බෝධි අංකුරය එරටට ඇතුළු කිරීමට හැකි විය.

  • ටෙක්සාස්හි වසර තුනක නිරෝධායන කාලය

ඇමරිකාවට ළඟා වූ වහාම මෙම බෝධි අංකුරය විහාරස්ථානය වෙත වැඩම කරවනු නොලැබේ. ඒ වෙනුවට ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් (Texas A&M) විශ්වවිද්‍යාලයේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක වසර තුනක කාලයක් රඳවා තබනු ඇත.

A&M-University
ටෙක්සාස්හි A&M විශ්වවිද්‍යාලය.

මෙහිදී වසර තුනක කාලයක් කුමකට දැයි ප්‍රශ්නයක් ඇති විය හැකිය.  නමුත්  බාහිරින් නිරෝගීව පෙනුණද, ඇතැම් ශාකවල ඇමරිකානු කෘෂිකර්මාන්තයට හානිකර විය හැකි සැඟවුණු වෛරස හෝ කෘමීන් සිටිය හැකිය. මෙම වසර තුනක කාලය තුළ විද්‍යාඥයන් විසින් රසායනාගාර පරීක්ෂණ මඟින් ශාකයේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබයි.

මෙම කාලසීමාවෙන් පසුව, සියල්ල යහපත් නම්, බෝධි අංකුරය ටෙක්සාස්හි ෆෝට් වර්ත් (Fort Worth) හි පිහිටි හුං ඩාඕ (Hương Đạo) විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ (ධම්මචේතිය) ස්ථිරවම රෝපණය කිරීමට නියමිතය.

  • . බෝධි වෘක්ෂය ටෙක්සාස් දේශගුණයට ඔරොත්තු දෙයිද?

ඇසතු බොධි වෘක්ෂයක් යනු ඝරම කලාපික සදාහරිත වෘක්ෂයකි.  එවැනි වෘක්ෂයක්  වර්ධනය වීමට අධික හිරු රශ්මිය සහ තෙතමනය සහිත දේශගුණයක් අවශ්‍ය වේ

උතුරු ටෙක්සාස්හි ෆෝට් වර්ත් ප්‍රදේශය 2023 නවතම දේශගුණික සිතියම්වලට අනුව ‘USDA Zone 8b’ කලාපයට අයත්  වන්නේය. බෝධි වෘක්ෂයක් ස්වභාවිකව සහ සශ්‍රීක  වැඩීමට සාමාන්‍යයෙන්  ‘Zone 10’ හෝ ඊට වැඩි උණුසුම් කලාප අවශ්‍ය  වුවද, ෆෝට් වර්ත්හි පවතින “සම දේශගුණික උපනිවර්තන” (Humid Subtropical) තත්ත්වය බෝධි වෘක්ෂයේ වර්ධනයට යම් මට්ටමක සහායක් දක්වයි. විශේෂයෙන්ම ජූලි සහ අගෝස්තු යන ග්‍රීෂ්ම  මාසවලදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 (96–97°F) දක්වා ඉහළ යන අතර, එය බෝධි වෘක්ෂය ප්‍රිය කරන උණුසුම් පරිසරයට ඉතා සමීප වේ. එසේම මැයි මාසයේ ලැබෙන සාරවත් වර්ෂාපතනය ද ශාකයේ වර්ධනයට අවශ්‍ය  තෙතමනය ලබා දෙයි.

මෙහි ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ජනවාරි මාසය ඇතුළු ශීත සෘතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 (36°F) දක්වා හෝ ඊටත් වඩා පහත වැටීමය. වසරකට දින 30-40 ක් පමණ කාලයක් පවතින මෙම අධික ශීත තත්ත්වය සහ තුහීන පතනය (Frost) බෝධි වෘක්ෂය වැනි නිවර්තන කලාපීය ශාකවලට හානිකර විය හැක. මේ හේතුව නිසා, බෝධීන් වහන්සේ ස්වභාවික පරිසරයේ විවෘතව රෝපණය කිරීමට වඩා, ශීත කාලයේදී ආරක්ෂිත ආවරණ (Wrapping), හරිතාගාර තාක්ෂණය (Greenhouses) හෝ උෂ්ණත්වය පාලනය කළ හැකි බහාලුම් (Containers) භාවිත කිරීම අනිවාර්ය වේ.

Fort-Worth-Hương-Đạo
ෆෝට් වර්තහි පඤ්ඤාකර හිමියන් වැඩ සටින Hương-Đạo විපස්සනා භාවනා මධ්‍යස්ථානය…
  • Texas A&M හිදී සිදුවන “දේශගුණයට හුරු කිරීම” (Climate Proofing)

බෝධි අංකුරය දැනට තැන්පත් කර ඇති කොලේජ් ස්ටේෂන් (College Station)  ප්‍රදේශය ‘Zone 9a’ කලාපයට අයත් වන අතර එය ෆෝට් වර්ත්ට වඩා තරමක් උණුසුම්ය. වසර තුනක නිරෝධායන කාලය තුළ Texas A&M විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් මෙම ශාකය ටෙක්සාස් දේශගුණයට ඔරොත්තු දෙන ලෙස ශක්තිමත් කිරීමට (Climate Proofing) සැලසුම් කර ඇත. පස් කළමනාකරණය, ශාකයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම සහ කෘත්‍රිමව නිර්මාණය කළ පරිසර පද්ධතීන් (Microclimates) හරහා ශාකය නව පරිසරයට හුරු කරවනු ඇත.

සමස්තයක් ලෙස ටෙක්සාස් ප්‍රාන්තය සලකා බැලීමේදී හූස්ටන් (Houston) සහ සැන් ඇන්ටෝනියෝ (San Antonio) වැනි දකුණුදිග වෙරළබඩ ප්‍රදේශ බෝධි වෘක්ෂ වගාවට වඩාත් උචිත වේ. එසේ වුවද, ෆෝට් වර්ත්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය හරහා විද්‍යාත්මක ක්‍රමවේද සහ විශේෂිත රැකවරණය සහිතව මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත

අවබෝධ කරගත යුත්තේ  මෙය හුදෙක් ශාකයක් රෝපණය කිරීම පමණක් නොව, ගැඹුරු අර්ථයන් රැසක් සහිත ශිෂ්ඨාචාරයේ ප්‍රකාශනයක් බැවිනි.    නවීන ලෝකයේ නීති රීතිවලට ගරු කරමින් පූජනීය සම්ප්‍රදායන් සුරක්ෂිතව ඉදිරියට ගෙන යා හැකි බව පසක් කිරීම මේ දූත ගමන හරහා පෙන්වා දි තිබේ.   එමෙන්ම  මෙම බෝධි රෝපණ කෘත්‍ය  සාර්ථක වුවහොත් එය උතුරු ටෙක්සාස්හි බෞද්ධ සංස්කෘතික සලකුණක් පමණක් නොව, උද්භිද විද්‍යාත්මක ජයග්‍රහණයක්  ද වනු ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අධ්‍යාත්මක මෙන්ම විද්‍යාත්මක පදනමක් මත  අනුරාධපුර පුණ්‍ය භූමියේ හැදී වැඩුණු මෙම බෝධි අංකුරය නුදුරේදීම ටෙක්සාස් පසෙහි මුල් ඇදීම  ගැඹුරු විශ්වීය මානව ප්‍රකාශනයක් පිළිබඳ අර්ථාන්විත සංවාදයක් ගොඩනැගීමට ඇවැසි පදනම සදනු ඇතැයි විශ්වාස කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෙවත්තේ කෙසෙල් ගසක් ලඟ මිය ගොස් සිටි මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය ගැන කියැවෙන කතාවක්!

Next Post

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්තගේ මරණයෙන් විමර්ශනවලට දැඩි බාධාවක්?

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026
කැවුම්
සංස්කෘතිය

හෙළ සිරිතයි – අවුරුදු මේසයේ රස ගුණ පිරි කැවුම් විත්තිය!

අප්‍රේල් 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.