ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

by editor
ජූලි 19, 2026
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

ගල්ෆ් කලාපයේ නැවතත් හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින්, මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා  ඩීසල් සහ පෙට්‍රල් සඳහා වන ඉන්ධන සහනාධාරය නැවත හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී රජය විසින් මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සහනාධාර පැකේජයක් හඳුන්වා දුන් අතර, ගල්ෆ් කලාපයේ තත්ත්වය යහපත් වීමත් සමඟ ජූනි මාසයේදී එය අවසන් කිරීමට පියවර ගැනුණි. කෙසේ වෙතත්, නැවත වරක් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාව මත පැටවෙන බර අවම කිරීම රජයේ අරමුණ වී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

මෙම සහනාධාරය නැවත ක්‍රියාත්මක වුවහොත්, දැනට පවතින ඉන්ධන මිල ගණන් තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට හැකි වන අතර ඉන් සිදුවන අතිරේක පිරිවැය රජය විසින් දරා ගනු ඇත. මීට පෙර ලබා දුන් සහනාධාරය යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක් බැගින් රජය සහන සැලසූ අතර, ඒ සඳහා රුපියල් බිලියන 57 ක මුදලක් වෙන් කර තිබුණි.

“පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ ගියහොත් එය මහජනතාවට දරාගත නොහැකි බරක් වන බැවින්, මෙම සහනාධාරය නැවත හඳුන්වා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි එම නිලධාරියා සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිනි.

ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේදී පවතින මිල මට්ටම් එලෙසම පවත්වා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බවත්, නමුත් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් දිගින් දිගටම ඉහළ ගියහොත් මිල වැඩි කිරීමක් වළක්වා ගත නොහැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.  පසුගිය සතිය තුළ පමණක් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 14% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

RelatedPosts

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

“අපට සිදුවනවා තත්ත්වය දෙස බලා ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් ගැනීමට. නමුත් සහනාධාරය නැවත ලබා දීමෙන් මිල පාලනය කර ගැනීමට යම් පිටුවහලක් ලැබේවි,” යැයි ඔහු වැඩිදුරටත් කියා තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ රුසියානු රජයට සම්බන්ධ සමාගම් දෙකක් බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ලියාපදිංචි වී ඇත. රුසියානු සමාගම් මෙරට තෙල් වෙළෙඳපොළට පිවිසීමත් සමඟ වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වයක් නිර්මාණය වන අතර, එය ද දේශීය වශයෙන් මිල ස්ථාවර කර ගැනීමට මහෝපකාරී වනු ඇතැයි එම නිලධාරියා විශ්වාසය පළ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.