අමායා උඩුවැරැල්ල –
චෙන්නායි හි එම් ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර අද (26) පැවති අයිපීඑල් අවසන් මහා තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකි විය.
රාත්‍රී 7.30 ට පමණ ආරම්භ වූ අවසන් මහා තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුළු 8 ක ජයක් ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද රාත්‍රියේ දිනාගත්තේ තම තෙවැනි අයිපීඑල් ශූරතාවයි. මේ තරගය ගැන අපට කියන්නට ඇත්තේ හරම නිරස කතාවකි.
අයි පී ඒල් අවසන් මහා තරගයක් යනු මහා ක්‍රිකට් ප්‍රයාමයක් අවසානයේ පැවැත්වෙන අතිශය උද්වේකර තරගයකි. විස්සයි 20 තරගයක දී දෙසීය ගණන්වලින් ඉලක්ක දුන්නත් දිනාගැනීම අපහසු තරගාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් නැවැත්වූ තරගකාරී ඒකක් වූයේය.
ඒහෙත් කණගාටුවෙන් ලියා තැබිය යුත්තේ අයිපීඒල් ඉතිහාසයේ මේ තරම් නීරස අවසන් මහා තරගයක් නොතිබුණු බවය.
පැට් කමින්ස්ගේ සන්රයිස් හයිද්‍රාබාද් සහ ශ්‍රෙයාස් ලියර් ගේ කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති අවසන් මහා තරගයේ දී කාසියේ වාසියත් දිනාගෙන මුලින්ම පන්දුව පහර දීම තේරූ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු ඔ්වර 18.3 කදී සියලු දෙනා ලකුණු 113කට දැවී ගියහ. පන්දු ඔ්වර 10.3 කදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 114ක් සහිතව තරගය නිමා කළේය. පන්දු ඔ්වර 40ක තරගයෙන් ක්‍රීඩා කලේ පන්දු ඔ්වර 29කි.
මොනම අවසන් මහා තරගයක්වත් මේ ආකාරයෙන් කුජීත නොවිය යුතු බව අපට අපේ ජාතික කණ්ඩායම ගිය අවුරුද්දේ කියා දුන්නේය. ඒ 2023 අසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ය. ඒ් නිසා එවැනි කුජීතවීම්වල බර අපට කොයිකාටත් වඩා හොඳට දැනෙන්නේය.
කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි සන්රයිස් හයිද්‍රාබාද් හි ආරම්භ පිතිකරුවන් යුවල ලකුණු පුවරුවේ ලකුණු 06ක් වන විට ක්‍රීඩාගාරයේය . ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා ලකුණු 02කි. මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් ශර්මාගේ කඩුල්ල කුඩු කළේය.
මෙම තරගාවලියේ විනාශකාරී පිතිකරු ලෙස හඳුන්වා සිටි ටෙවිස් හෙඩ් ලකුණු නොලබා පළමු පන්දුවේ දීම දැවී යන්නේ ඉන්දීය යොවුන් වේග පන්දු යවන්නෙක් වන වයිභාව් අරොරාගේ පන්දුවක් හමුවේ කඩුළු රකින රහ්මනුල්ලා ගුර්බාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි.
මෙතෙක් සන්රයිස් හයිද්‍රාබාද්හි බලාපොරොත්තු ඉහළ දැමූ රාහුල් ට්‍රිපති ලකුණු 09කි. ඒයිඩ්න් මාර්ක්‍රම් ලකුණු 20කි. කණ්ඩායමේ ඉහලම ලකුණු ගනන ලකුණු 24 කි. එය ලබා ගන්නේ නායක පැට් කමින්ස් විසිනි. නිටිෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 13ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 16ක්. සන්රයිස් හයිද්‍රාබාද් පන්දු ඔ්වර 18.3ක දී සියල්ල දැවි ලකුණු 113කි.
මිෂෙල් ස්ටාක් පන්දු ඔ්වර 3කි. ලකුණු 14ට කඩුළු 02කි. ඇන්ඩ්‍රේ රසෙල් පන්දු ඔ්වර 2.3කි. ලකුණු 19ට කඩුළු 03කි. හර්ෂ්ට් රානා පන්දු ඔ්වර 4කි. ඉන් ඒක් ඔ්වරයක් නිලකුණු ඔ්වරයකි. අයි. පී.ඒල් අවසන් මහා තරගයක නිලකුණු ඔ්වරයක් යැවීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා හා සමාන වික්‍රමයකි. ඔහු පන්දු ඔ්වර 4 තුළ ලකුණු 24ට කඩුළු 02කි. වයිභාව් අරෝරා පන්දු ඔ්වර 3කි. ලකුණු 24ට කඩුල්ලකි. වරුන් චක්‍රවර්තී පන්දු ඔ්වර 02කි. ලකුණු 09කට කඩුල්ලකි.
පිළිතුරු ඉනිමක් තිබුණ බව සැබෑය. නමුත් පිළිතුරු දෙන්නට ඉනිමක් තිබුණේ නැත. කොල්කට නයිට්රයිඩර්ස් කණ්ඩායමේ වෙන්කටේෂ් ලියර් පන්දු 26ක දී ලකුණු 52ක් ලැබුවේය. ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 3ක දී ලකුණු 39ක් ලැබුවේය. පන්දු ඔ්වර 10.3ක දී කඩුළු 02ක් පමනක් දැවී කොල්කටා නයිට්රයිඩර්ස් තරගය නිමා කළේය.
පැට් කමින්ස් සහ ෂහ්බාස් අහමඩ් කඩුල්ල බැගින් ලැබූහ.
අවසාන වශයෙන් කිව යුත්තේ ඒ් අවසන් මහා තරගය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අපට 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගය සිහි කළ බවය.
. ඔ්වර 50ක තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඔ්වර 15.2ක දී ලකුණු 50ට දැවි ගියේය. ඉන්දියාවේ පිළිතුරු ඉනිම පන්දු ඔ්වර 6.1කි. පන්දු ඔ්වර සීයයක තරගය 21.3කින් අවසන්ය.
නැවත මෙවැනි කුජිත අවසන් මහා තරගයක අත්දැකීම ලෝකයේ කිසිම ක්‍රීඩා ලෝලියෙකුට අත් නොවේවායි පැතුවෙමු. අද සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අප වළ දමන්නට හදන ඒ් මතකය යළි සිහි කළ බව කණගාටුවෙන් ලියා තැබිය යුතුය.