ශ්‍රියානි විජේසිංහ –
රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේල අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ අනුව නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේල බන්දේසියක බහා එහි බත් සහ ව්‍යංජනය වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ගෙන දීම මෙම නවීකරණ වැඩපිළිවෙලේ අරමුණ වී ඇතැයි පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පෝෂණ වෛද්‍ය නලින් ද හේරත් සඳහන් කරයි.
තරුපහේ හෝටල්වල සූපවේදීන් හරහා රෝහල් මුලුතැන්ගෙයි ආහාර පිළියෙළ කරන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් හා ඔවුන්ට විශේෂ ඇදුම් කට්ටලයක් ලබා දීමට ද කටයුතු යොදා ඇතැයි වෛද්‍ය හේරත් පැවසුවේය.
පිළියෙළ කරන ලද ආහාර රෝගීන්ගේ අතට ලබා දීම සඳහා විශේෂ ඇදුම්කට්ටලයකින් සැරසුණු පුද්ගලයින් යොදවන බවත් ඔවුන් වෙත රෝගියාව නොගෙන්වා රෝගියා වෙතට ගොස් ආහාරය ලබා දීම මේ අනුව සිදුකිරිමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදනයන් වැඩි කර දීමට කැමැත්ත පළ කර ඇති බවත් ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමටත් තීරණය කළ බව පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසා සිටියි.
කෙසේ නමුත් මෙහි නියමු ව්‍යාපෘතිය ජූලි මාසයේදී මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කර ඉන් අනතුරුව දිවයින්නේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බැවින් ඒ සඳහා අධාර කිරීමට කැමති ධානපතීන් වෙතොත් රජයේ රෝහල්වල පෝෂණවේදී වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මුණ ගැසි වැඩි විස්තර ලබා ගත හැකි බවද පෝෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.