අමායා උඩුවැරැල්ල –
පසුගිය සිකුරාදා (24) පැපුවා නිව්ගිනියාවේ සිදු වූ දැවැන්ත නාය යෑම හේතුවෙන් පුද්ගලයන් 2000 කට අධික පිරිසක් පණපිටින් මිහිදන්ව ඇති බවට සැක කරන බව එරට රජය විසින් අද ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ප්‍රමාණවත් උපකරණ නොමැතිකම හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බවත් එම නිසා තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව තහවුරු කිරීම දුෂ්කර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුනේ මෙම නාය යෑමෙන් අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 670 ක් පමණ වන බවයි.
පැපුවා නිව්ගිනියාවේ හුදෙකලා ප්‍රදේශයක් වූ එන්ගා පළාතේ මෙම නායයෑම සිදුව තිබූ අතර ආපදාවට පෙර එම ප්‍රදේශයේ පුද්ගලයන් 3800 කට ආසන්න පිරිසක් වාසය කර තිබෙනවා. නායයෑම සිදු ව තිබුනේ පසුගිය සෙනසුරාදා අළුයම 3ට පමණ සියල්ලන් ම නින්දේ පසුවන විටයි.