බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොවිඩ් නීති  කැලේ… රටේ කොවිඩ් නීති වලින් අමුඩ ගහන අරුගම්බේ බීච් පාටි

by editor
සැප්තැම්බර් 21, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

  • බීච් පාටිවල සැප ගන්න කොළඹින්, නුවරින් කට්ටිය පිරිලා…

  • නිරෝධායන ඇඳිරි නීතිය අතරේ දවසකට බීච් පාටි 04ක්…

  • පොලිසියෙ හිටපු ලොක්කන්ගෙ හෝටලුත් අරුගම්බේ…

අරුගම්බේ මතකය මට නියඟලා මලක සිහි කරන්නේය.  මහා විචිත්‍රත්තවය යටින් ඇති යථාර්ථය මාරකයක් බඳුය. මේ වෙරළ තීරය ලෝකය මවිත කළ   සොබා දහමේ මහා දායාදයක් වුවද ඒ පරිසරයේ යථාර්ථය තුළ තිබුණේ නින්දා සහගත අපායකි.  මත්ද්‍රව්‍ය මත්කුඩු ගුබ්බෑයමකි. සල්ලාලයන්ගෙන් දූෂණය වන විදෙස් කාන්තාවන් ගැන ඇසෙන අශිෂ්ට අප්‍රසන්න තිරිසන් පුරයකි. දේශපාලන බලය සහිතව සියලු දුර්දාන්තයන් ක්‍රියාත්මකවන  නීතියේ ආධිපත්‍යයට යට නොවූ මාෆියා කරුවන්ගේ බිමකි.

ඒ ගැන අපි මින් පෙර ලියා ඇත්තෙමු.

අප මේ සටහන තබන්නේ සිල්ලර කඩ වසා දමා බාර්  ඇරිය රටේ වෙඩින් තහනම් කර බීච් පාර්ටිවලට ඉඩ දීම අරුමයක් නොවන බවට ඇති අවබෝධය සහිතවය.

මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුන්ටත් දැනගන්න එක්කය. අරුගම්බේ වෙරළේ කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය මැද බීච් පාටි පැවැත්වෙමින් තිබේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ කතාව එය ගැනය.

අප්‍රේල් මස සිට සැප්තැම්බර් දක්වා කාලය ආරුගම්බේට සංචාරකයන් පැමිණෙන කාලයයි.

විදේශීය සංචාරකයන් හාරසියයකට ආසන්න පිරිසක් මේ වන විට රටට පැමිණ සිටිති.  අතරින් පතර ඔවුන්ගෙන්  පිරිසක්   අරුගම්බේටත් මේ වනවිට ඇවිත් තිබේ.

අවට ගම් වැසියන් අපට කිව්වේ මෙවැනි කතාවකි.

දවසකට බීච් පාටි 04ක්… එළිපිට කුඩු

“ලංකාවේ තිබෙන නිරෝධන ඇඳිරි නීතිය  යටතේ විවාහ මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ වැඩසටහන් තහනම් . ඒත් ආරුගම්බට එම නීතිය වලංගු නෑ. පෙරේදා (19 ) ආරුගම්බේ බීච් පාටි හතරක් තිබ්බා.“

“හැමදාම වගේ ආරුගම්බේ  තැන් තැන්වල බීච් පාටි තිබෙනවා.   එක් බීච් පාටියක ලංකාවේ අයයි සුද්දෝ යි 50 කට වැඩියෙන් ඉන්නවා. සමහර වෙලාවට සීයට වැඩියෙන් ඉන්නවා. බීච් පාටි නම වෙනස් කරලා.  ලයිව් මියුසික් කියලා තමයි දැන් මේ බීච් පාටි තියන්නේ. වැඩේ යන්නේ මත්ද්‍රව්‍ය එක්ක. කුඩු ගංජා හෂීස් අයිස් ඕන තරම් “.

ඔහු කියන්නේ  සංචාරක කර්මාන්තයට කලින් මත්ද්‍රව්‍ය කර්මාන්තය වැඩ පටන්ගෙන ඇති ආකාරය.  රටේ නීතිය ගැන විලි ලජ්ජා හිතෙන්නේ මේ කතා ගමේ මිනිස්සුන්ගෙන් ඇසෙන විටය.

පණ්ඩිත සුද්දො

“සමහර සුද්දෝ පණ්ඩිතයි.  අපේ රටේ මාස්ක් දන්නෑ. බෙහෙත් විදලා ඉන්නේ කියලා මාස්ක් නොදා ඉන්නවා.  සමහර සුද්දන්ටත් කොරොනා  හැදිලා තියනවා.“

“ඇන්ටිජන් කරනවා කියලා ආරංචි  වෙද්දි සුද්දෝ  හැංගෙනවා. ලංකාවට සංචාරකයින් ගෙන්න ගන්නවා කියන්නේ    සුද්දන්ට ඕනි විදිහට මත්ද්‍රව්‍ය දීලා පිස්සු කෙළින්න දෙන එකද?. “

“විලි ලජ්ජයි මහත්තයො. අපේ රටේ නීතියට මොකටද ?“   ඔහු ඉල්ලා සිටියේ නම් ගම් පල නොකරන ලෙසය.

“ මුං එකක් හැප්පෙන්න හයියක් නෑ. මේවා කියපු වග දැනගත්තොත් මරලා දාවි“ ඔහු වැඩි දුරටත් කීවේය.

වඳුරු කුණුහරප

සක් නද සංවිධානයේ සභාපති අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නාමල්තලාව ශෛලබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් අරුගම්බෙ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රශ්න කරන්නේ මේ ලෙසය.

gampaha-narada
ගම්පහ නාරද හිමි

“දැන් රටේ කොවිඩ් ඇඳිරි නීතිය තියනවනෙ. සෞඛ්‍ය නිර්ණායකත් ප්‍රකාශ කරලනෙ තියෙන්නෙ. එහෙමනම් කොහොමද  නිරෝධායන ඇඳිර නිතීය අස්සේ  දිනපතා රෑ එළිවෙනකම් අරුගම්බේ බීච් පාටි තියෙන්නෙ. එතකොට අරුමගම්බෙ තියෙන්නෙ මේ රටේ නෙවෙයි ද?“

“සංචරණ සීමා දාලලු. ඒත්  මේවට නුවර ඉඳන් කොළඹ ඉඳන් මිනිස්සු එනවා.  තමන්ගෙ කඩවල් ඇරලා ජීවත් වෙන්න දෙන්න කියලා උද්ඝෝෂණයක් කළා කියලා  අපි දැක්කා කට්ටිය අල්ලගෙන යනවා.   හැබැයි බීච් පාටි වලට නුවරින්කොළඹින් මිනිස්සු එනවා. නිරෝධායන ඇදිරි නිතීය අස්සේ  මෙහේ ඇවිත් හෝටල්වල  සුද්දෝ එක්ක පාටි දාලා ඩෙඟා නටනවා. නිරෝධායන ඇඳිරි නීතිය දාලා දුප්පත් අයට ගෙයින් එළියට යන්න එපා කියලා මහ එවුන් යනවා  රටපුරා.“

මේ තත්වය කෙසේ නිර්වචනය කළ හැකිදැයි නාරද හිමියෝ ප්‍රශ්න කරති. ගැමි වහරේ මේ වැනි දේට කියන්නෙ වඳුරු කුණුහරප කියාය.  කොවිඩ් ඇඳිරි නීතියය. එත් එක දිගට බීච් පාටිය.   සෞඛ්‍ය අංශ නැත. මේ සියල්ල මැද සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වා ගන්නට දේශපාලනයට හා ජාවාරමුන්ගේ මුදලට තුන් කුන්දන් ගැසී සිටින හිඟන පොලිසියට කොන්දක් නැත.

“ මුංගෙ නීතී මොනවද කියලා අපි කල්පනා කරනවා මහත්තයො. අපි වගේ සුලුවට ව්‍යාපාර කරන මිනිස්සුන්ට තමයි මේ හැම කොවිඩ් නීතියක්ම. බීච් පාටි දාලා පළාතම වනසන උන් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ. මීටරේ පරතරේ බලාපොරොත්තු වෙන්නෙ අපෙන්. “

“ඔය මහ හෝටල්ලව නැවතිලා ඉන්න සුද්දොන්ගෙ ඇන්ටිජන් පරීක්ෂණවත් කරන්නෙ නෑ. දාන හැම සෙල්ලමම දානවා සෞඛ්‍ය නීති තඹේකට මායිම් නොකර.  ඒ හෝටල්වල වැඩ කරන මිනිස්සු තමයි අවදානමට කෙලින්ම මුහුණ දෙන්නෙ. ඒ අය ටවුන් එකට ගියාට පස්සේ ඒ අයගෙන් රෝගය බෝ වෙන්න තියන ඉඩ කඩ බොහොමයි.“

“පොතුවිල් පොලිසියේ මීට කලින් හිටපු පොලිස් කාරයෙකුගේ  හෝටලයකුත් අරුගම්බෙ තියනවා.    මේ වනවිට පොතුවිල් පොලිසියේ  පොලිස් නිලධාරියෙක්ම තමයි ඒවා රැක බලාගෙන ඉන්නෙ. මුං මත්ද්‍රව්‍ය ජාවාරම්මු එක්ක ඩීල් ගහගෙන ඉන්නකොට කොහොමද මහත්තයා මේව පාලනය කරන්නෙ “

පාටියක් සඳහා වූ දැන්වීම් පත්‍රයක්…

අපට මේ කතාව කියන්නෙ අරුගම්බේ කුඩා හෝටල් හිමියෙකි.

සංචාරකයන් ට ඕනෑම වර්ගයේ මත් ද්‍රව්‍යයක් හිතු මනාපෙට ලබා ගත හැකි,  විදේශීය කාන්තාවන්    බොන බීම වීදුරුවට මත් කුඩු දමා සමුහ දුෂණ සිදුකරන අමනයින්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැති අපායේ නගර සංචාරක කර්මාන්තය දියුණු කරන්නට මොනම ආකාරයකින්වත් උපකාර වෙන්නෙ නැත.

දැන් අපට   හතර පෝයට සිල්ගනිමින් උපාසක අම්මලාට බණ  කියන ඉතිහාසයක් සහිත විචිත්‍ර ධර්ම කථික මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව තුරන් කිරීම ඒකායන පරමාර්ථයෙන් ඇමතිකම භාරගත් බව රටට කී පොලිස් ඇමති සරත් වීරසේකරට කියන්නට යමක් තිබේ.

අරුගම්බේ තිබෙන්නේ මේ රටේය.  තමුන්නාන්සේගේ පොලිසිය අරුගම්බේ දී නීතියෙන් අමුඩය ගහන්නේය.  මත්කුඩු ජාවාරම් කරුවන් සමග   ජාවාරම් කරන්නේය. ඩීල් ගහන්නේය.

කටේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට නොදී සිදුවෙමින් ඇති අමනකම් වැළැක්වීමේ අභියෝගය තමුන්නාන්සේ අභියස තිබේ. එසේ කිරීමට නොහැකි නම් කළ යුතු තවත් වැදගත් කාරියක් ඇත. ඒ අඩුම තරමින් රටට පොරටෝක් දීමවත් නතර කිරීමය. අරුගම්බේ මේ මොහොතේ රටේ ඇත්ත ලෝකයට නිරුවත් කර හමාරය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කටගොන්නක් බී ගෙන දිසා විනිසුරු නිවසේ ආරක්ෂක රාජකාරියට ගිහින්… පොලිසියේ 02කගේ වැඩ තහනම්…

Next Post

මෛත්‍රීපාල දෙබිඩ්ඩෙක්…   රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ අස්ගිරි අනු නා හිමිට කියයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.