පාස්කු ප්‍රාහරයෙන් බරපතල තුවාල ලැබ ඔත්පලව පුරා වසර පහක් අනේක දුක් වේදනා විඳමින් ජීවිතය සමග පොරබදමින් සිටි සිටි මවක් දිවි සැරියෙන් සමු ගෙන ඇත.
ඇය තිළිණි හර්ෂණා ය.
තිළිණි බරපතල තුවාල ලැබුවේ කටුවාපිටිය පල්ලියට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙනි. 2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ලවූ එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තිළිණිගේ පුතු ද ජීවික්ෂයට පත් වී තිබිණි.
තවමත් මිය යමින් සිටින පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවන පරිසරයක කතෝලික ප්‍රජාව පසුවන්නේ බරපතල කම්පනයක් සහ වේදනාවක් දරාගෙනය.









