ගෝලීය සහල් සහ තිරිඟු සැපයුම මේවන විට දැඩි අවධානම්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඉදිරයේදී දැඩි ආහාර හිඟයක් ඇතිවීමට හැකියාව බවතින බවට අනාවැකි පළවී තිබේ.
පසුගිය වසර තුන තුළ කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ආහාර සැපයුම් බාධා ඇතිවිය. එමෙන්ම, අයහපත් කාලගුණය, යුක්රේනයේ ධාන්‍ය ප්‍රවාහනය සහ ගබඩා පහසුකම් වලට එරෙහිව රුසියාව උත්සන්න වීම සහ නියඟය ඇති කරන එල් නිනෝ කාගුණු තත්තවය වේගයෙන් මතුවීම හේතුවෙන් ලෝක ආහාර ආර්ථිකය දැඩි ලෙස ආතතියට පත්ව ඇත.
එමෙන්ම මේවන විට අවදානමට ලක්විය හැකි ජනගහනයට ආහාර සැපයුම අත්හිටුවීමට හේතුවී ඇති අප්‍රිකාවේ කලාපීය ගැටුම්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
මෙහිදී පවතින ආහාර හිඟ තත්ත්වය වැලැක්වීමටත් ඊට නිසි විසදුම් සෙවීමක් කළ හැක්කේ රජයන්ට පමණක් වන අතර එහිදී වෙළඳ පොලටද යම් කාර්යභාරයක් පැවරී ඇති බවද සඳහන් කළයුතුය.
මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව විසින් ජූලි 21 වන දින ඉන්දියාවේ සහල් අපනයන තහනම මෙම සන්දර්භය තුළ තේරුම් ගත යුතුය. ආහාර සුරක්ෂිතතාව නිවසින් ආරම්භ වන බවද අවබෝධගතර යුතුය. එහිදී එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේදී දේශපාලකයන්ගේ ඇස් යොමු වී ඇත්තේ ප්‍රධාන ආහාර මිල ස්ථාවර කිරීම කෙරෙහිය. එවන් තත්ත්වයක් පැවතියද ඉන්දියාව විසින් සිය නිත්‍ය මිලදී ගන්නන් හට මෙම තහනමින් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා උත්සහ කරනු ඇත. එහිදී තම්බන ලද සහල් බංගලිදේශය සහ අප්‍රිකානු වෙලඳපොලවල් කිහිපයක් වෙත යොමු කිරීමටත් එමගින් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අපෙක්ෂිතය.
කෙසේවෙතත් මේවන විට ලොව වැඩිම පිරිසකගේ නිවහන බවට පත්ව ඇති ඉන්දියාවට සිය දේශීය ආහර අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම ඉතා සමාන්‍ය තත්ත්වයකි.
ඒ අනුව මෙවැනි අවස්ථාවකදී සියලුදෙනාගේම අවධානය යොමුව ඇත්තේ චීනය දෙසටයි. පසුගිය කාලයේදී චීනයට බලපෑ නියං තත්ත්වය සහ ගංවතුර තත්ත්වයෙන් ආහාර නිෂ්පාදනයට බලපෑමක් එල්ල වුවද එය චීනයේ සමස්ථ ආහාර ගබඩාවට බධාවක් වී නොමැති බවට පැවසේ.
එමෙන්ම ලොව විශාලතම ආහාර සංචිතය චීනය සතු බවට සැලකෙන අතර එබැවින් ඉන්දියාවේ තහනමත් සමඟ විශාල පිරිසක් චීනය දෙසට යොමුවීමට ඉඩ පවතී.