පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අප්‍රේල් පළමුවෙනිදා සිට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරයෙන් ආහාර පාන ලබා ගැනීමට අවසර ලබා දී ඇත.
පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස්වවලට අනුව මන්ත්‍රී පවුල්වල අයට භෝජනාගාරය විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු භෝජනාගාර නිලධාරියෙක් ලංකාසර කළ විමසීමක දී පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තු කටයුතු නැරඹීමට ද 01 දා සිට අවසර ලැබෙන අතර ඒ අනුව මෙම භෝජනාගාරය ද විවෘත කරන බව ඉහත නිලධාරියා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන් කළ දිගු කාලීන ඉල්ලීමක් සලකා බැලීමෙන් මෙසේ භෝජනාගාරය විවෘත කිරීමට තීරණය වී ඇතැයි ඔහු කීවේය.