කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ වෛද්‍ය ඒලියන්ත වයිට් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් 11ට බොරැල්ල කනත්තේදී සිදු කෙරිනි.
සියලු නිරෝධායන නීතිවලට අනුව සිදු වූ මෙම අවසන් කටයුතු සිදුවන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි කීවේය.
අවසන් අවස්ථාව සඳහා සෞඛ්‍ය නිර්ණායකයන් අනුව සහභාගී විය හැක්කේ පස් දෙනෙක් සඳහා පමණක් වුවද වයිට් ගේ අවසන් කටයුතු සඳහා පවුලේ සාමාජිකයන්ට අමතරව පනහකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
එලියන්ත වයිට් කොවිඩ් සුව කිරීම සඳහා විශ්ව ශක්තිය ගැන විශ්වාසය තැබූ වෙදැදුරෙකි. ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නැත.