ඊයේ අවලංගු කරන ලද අගමැති සහ පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ අතර යුගදනවි බලාගාරය සම්බන්ධ සාකච්ඡාව අද සවස 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හමුව ඊයේ උදේ 10.30ට පාර්ලිමේන්තුවේ දී සිදුවීමට නියමිතව තිබිණි.
කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නළ පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් අණ්ඩුවේ හවුල්කාර පක්ෂ නගන විරෝධය මෙහිදී අගමැතිවරයා වෙත නිල වශයෙන් දැන්වීමට නියමිතය.