බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්රාල් ඉවත් කරන්න  – මනුෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by editor
සැප්තැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කර  ඔහු මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මන්ත්‍රීවරයා සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නිතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණි.

මහ බැංකුවේ පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකුට මහබැංකු අධිපතිධූරයට පත්විය නොහැකි බවද, එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙක් බවද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි.

ඔහු 1999 වසරේ දී එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරි පත්වූ බවද 2004 වසරේ දී අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙස පත්ව පසුව සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ  අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත්වූ බවද පෙත්සමේ  සඳහන් වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඉන් පසුව මහ බැංකු අධිපතිධූරයට පත්ව මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේදීම එම තනතුරින් ඉල්ලා අස්වූ බවද එමගින් ඔහුගේ දේශපාලන බැදියාවන් පෙන්නුම කරන බවද පෙත්සමේ  දැක්වේ.

පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මුදල්  ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍ය ධූරය දැරූ බවත්, එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ දිනම රාත‍්‍රියේදී  මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් පෙත්සමේ දැක්වේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වූ  වෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශන කර ඇති බවද, බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඔහුගේ සහෝදරියක් වන ශිරෝමි නොයෙල් වික‍්‍රමසිංහ කටයුතු කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ දැක්වේ.

ඒ අතරම මහ බැංකුව සමග බැදුම්කර ගනුදෙනු සිදුකරන ලංකා බැංකුව හා එච්.එන්.බී. ඇෂුරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඇය කටයුතු කර ඇති බවද පෙත්සමේ දැක්වේ.

ලංකාවේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සිටින සුබෝර් නම් පුද්ගලයෙකුට ඩොලර් මිලියන 6.5ක මුදලක් ලබාදී ඇති බවද එම මුදල ලබාදීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක මුදලක් ඍජුවම රටට අහිමි කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමේ දැක්වේ.

මෙවැනි පුද්ගලයෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විධායකය ගත් තීරණය මගින් තමන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන අතර ඒ නිසා අජිත් නිවාඩ් කරාල්ගේ පත්වීම බල රහිත කරන ලෙස මනුෂ නානායක්කාර මනත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සදුන් ගමගේ, චරිත් ගල්හේන, වාසනා හේවගේ, සමින්ද ජයසේකර, අංජලී පෙරේරා පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙරවලපිටියේ  අවුල ගැන අණ්ඩුවේ හවුල්කාර පක්ෂ හා අගමැති ගේ කල්ගිය  සාකච්ඡාව අද…

Next Post

“ආයෙ කිසිදිනෙක බඩුමිල ගැන කතා නෑ” – බන්දුල දැඩි තීන්දුවක් ගනියි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.