අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආයෙ කිසිදිනෙක බඩුමිල ගැන කතා නෑ” – බන්දුල දැඩි තීන්දුවක් ගනියි

by Lanka Sara Editor
සැප්තැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මින්පසු කිසිදිනක බඩුමිල අඩු වැඩි කිරීම් හෝ උපරිම සිල්ලර මිල සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් මාධ්‍යයට නොකිරීමට තමන් තීරණය කළ බවත් එය තමන්ට අයිති නැති පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයාට අයත් එකක් බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

සතොස ආයතනයේ සුදුලූනු වංචාව පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, සතොස ආයතනයේ සුදු ලූනු වංචාවක් සිදු වූ බවත් එය වංචාවක් බව තමන් පිළිගන්නා බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන බවද සඳහන් කළ අතර දේශපාලන පත්වීමක් මත අධ්‍යක්ෂ ධුරයක් ලබා ගත් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා මෙම වංචාවට තමන් සම්බන්ධ බවට ප්‍රකාශ කළේ නම් ඒ බව සාක්ෂි සාධක සහිතව ඔප්පු කර පෙන්වන ලෙසට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අභියෝග කර සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “සතොස ආයතනය කියන්නේ හොර ගුහාවක්. පහුගිය කාලය තුළම විවිධ වංචා සිද්ධ වී තිබෙනවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සතොස ආයතනයට එරෙහිව පරීක්ෂණ පහක් පැවැත්වෙනවා. එයින් එකක් CCTV කැමරා පද්ධතියක් සවි කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් වංචා කිරීම, සතොස ආයතනය පරිගණකගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 300 ක වංචාවක්, ලක් සතොස ගොඩනැගිලි ලබා ගැනීමේදී රුපියල් මිලියන 200 ක වංචාවක්, ලක් සතොස ප්‍රාග්ධනීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 450ක වංචාවක් සහ ආහාරයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් 86000ක් වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.

අපට ප්‍රශ්න වෙලා තියෙන්නෙ පහුගිය කාලයේ සිදුවුණු දැවැන්ත හොරකම් මෙම ආයතනයෙන් ඉවත් කිරීමයි. ඒ සඳහා අපි මේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන්නේ. ඊට අමතරව වෙලා තියෙන්නේ පසුගිය දවස්වල සභාපතිවරයා කොළඹින් පිට සිටින අවස්ථාවක රේගුවෙන් නිදහස් නොකළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා ලබාගෙන පාරිභෝගිකයන්ට අඩු මිලකට විකිණීම සඳහා අප අනුමත කරගත් කැබිනට් පත්‍රිකාව භාවිත කරමින් මෙම සුදුළූණු තොගය වරායෙන් නිදහස් කරගෙන තිබෙනවා. ඒවා පාරිභෝගිකයන්ට විකුණනවා වෙනුවට වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට තොග පිටින් විකිණීමක් මෙහිදී සිදුව තිබෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ දේශපාලන පත්වීම් ලද විධායක අධ්‍යක්ෂවරයෙක් මෙම මහා පරිමාණ වංචාව අපි දැනුවත්ව කල එකක් බවට මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබෙනවා. මම මේ වන විට එම අධ්‍යක්ෂක වරයාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. මම ඒ වංචාවට සම්බන්ධ නම් කොහොමද සම්බන්ධ වුණේ මොන ආකාරයෙන් ද කියන එක සාක්ෂි සාධක සහිතව තහවුරු කරන්න කියලා. මම කිසි දිනෙක එවැනි වංචා දූෂණවලට සම්බන්ධ වුණු කෙනෙක් නෙවෙයි. මගේ අමාත්‍ය ධුර කාලය තුළ විවිධ කෝටි ප්‍රකෝටි ගණන් වැය වන ව්‍යාපෘති වලට මම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කිසිම අවස්ථාවක මා හොරකම් කළා කොමිස් ගැහුවා කියා කිසිදු චෝදනාවක් මට එල්ල වී නැහැ. එවැනි තත්ත්වයක් තිබියදී මේ වුණ වංචාවට මාව සම්බන්ධ කිරීම දේශපාලන පත්වීමක් ලද අධ්‍යක්ෂවරයෙක් මා මෙලෙස සම්බන්ධ කිරීම ගැටලු සහගතයි. මම කිසිදු දිනෙක පාරිභෝගික අධිකාරියේ කිසිදු අධ්‍යක්ෂවරයකුට බලපෑම් කරන ඔවුන් රැස්වීම් වලට කැඳවාගෙන නැහැ. හේතුව පසුගිය අමාත්‍ය මණ්ඩල පත් කිරීම වල දී පාරිභෝගික අධිකාරිය ඔය කියපුවා දී තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට. එබැවින් මට කිසිදු නිල සම්බන්ධතාවක් පාරිභෝගික අධිකාරිය සමඟ නැහැ. ” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්රාල් ඉවත් කරන්න  – මනුෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Next Post

වීරකැටියේ ඝාතනය කළ දරුවාගේ වියෝව දරාගන්න බැරිව සීයා සොහොන මතදි වස බීලා.

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.