දිනසේන රතුගමගේ –
මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් හමු වීමත් සමගම මුලතිව්, පුදුකුඩීඉරිප්පු හා මුල්ලියාවලෙයි යන පොලිස් බල ප්‍රදේශ තුනම 17 දා මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකළා කොට තිබේ.
හුදෙකළා කළ ප්‍රදේශ තුළ සංචරණ සීමා නීති රීති හා නිරෝධයන රීතී දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ජාතික කොවිඩ් මධ්‍යස්ථානයෙන් උපදෙස් ලැබි ඇති බව මුලතිව් මුලස්ථාන පොලීසිය සදහන් කළේය.
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේම අවශ්‍ය ස්ථාන ගණනාවක මුර කපොලු හා පරීක්ෂා කිරීමේ ස්ථාන පිහිටුවා ඇති අතර ජංගම පොලිස් මුර සේවාවන්ද ක්‍රියාත්මක කොට තිබේ.