දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය පච්චිලෙයිපල්ලි අට්ටිචෙට්ටායි ප්‍රදේශයේ ගෙවත්තකදී ඊයේ (17) රාත්‍රී 7 ට පමණ පිපිරීමක් සිදුව ඇති බව කිළිනොච්චිය පොලීසිය පැවසීය.
මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති අතර ගෙවත්තේ කසල ගොඩකට ගිණි ඇවිලීම නිසා ඒ තුළ තිබූ කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.