අද අළුයම කොහුවල මෝටර් රථයක් තුළ පිලිස්සෙමින් මිය ගිය තරුණ ව්‍යාපාරිකයා තව්හිත් ජමාත් සාමාජිකයකු බව අනාවරණය වී තිබේ.
කොහුවල භාතිය මාවතේ ද පදිංචිව සිටියද ඔහු පානදුර තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි මෙම නසාර් අහමඩ් නැමැති මෙම තරුණ ව්‍යාපාරිකයා කෞතුක භාණ්ඩ ව්‍යාපාරයක්ද කරගෙන ගිය අයකු බවට අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ මූලිකත්වයෙන් පානදුර ප්‍රදේශයේ කලක් පවත්වාගෙන ගිය තව්හිත් ජමාත් ආගමික සංවිධානයට අයත් දේවස්ථානයක් මීට කලකට පෙර මුස්ලිම් පිරිසක් විසින් ගිනි තබන ලද බවටද හෙළි කරගෙන ඇත.
අද කොහුවල අතුරුමාර්ගයක දැවෙමින් තිබූ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ ඔහුගේ සිරුර තිබී ඇති අතර ඊයේ රාත්‍රියේ මිතුරකුගේ අවශ්‍යතාවක් මත ඔහු නිවසින් පැමිණ ඇති බව හෙළිව ඇත.
කෙසේ වුවද මෙම මරණය පිළිබඳ ව තවමත් නිශ්චිත කරුණු අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.