කොළඹ දී අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් පත්කළ විදේශ අමාත්‍යවරයා වෙත නිල ආරාධනයක් කිරීම මගින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ජාත්‍යන්තර පිළිගැනීම යන විෂය පිළිබඳ නොදැනුවත්කම පළකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය දරනුයේ ශ්‍රී ලංකාව වන අතර මෙරට විදේශ අමාත්‍යාංශය විසින් සමාජය තුළ මේ පිළිබඳ එල්ල වූ විරෝධය වෙත ප්‍රතිචාර දක්වා ඇත්තේ සමුළුවේ ලේඛන කටයුතු අවසන් කිරීම උදෙසා සියලුම සාමාජික රටවලට මෙලෙස ආරාධනා කළ බවයි.
කෙසේවෙතත් මෙම නිල ආරාධනය පිළිබඳ නිවේදනයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මේ බව කියා සිටී.