කීර්ති ප්‍රනාන්දු –
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ඇති වු ගින්නක් නිසා අද උදෑසන කලාපය තුළ නොසන්සුන්තාවයක් ඇති වී තිබිණි. ගින්න හටගෙන තිබුණේ හොල්සිං සමාගම මගින් නිදහ් වෙළෙඳ කලාපය තුළ පවත්වාගෙන යන කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකය.
වෙළෙඳ කලාපවය තුළ කම්හල්වලින් නිකුත් කරන අපරද්රව්ය මෙම ස්ථානයේ කළමනාකරණය වන බවත් අතුරු ද්‍රව්‍ය පුත්තලමට ප්‍රවාහනය කරන බවත් වාර්තා විය.
ගින්න හටගත් ආකාය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ. කටයුනායක ගුවන්තොටපුල හා වෙළඳකලාප ගිනි නිවන ඒකක විසින් ගින්න පැතිරීම මැඩපවත්වා ඇත.