සමගි ජන බලවේගය රජයක් බලයට පත්වුවහොත් මහ බැංකුව ස්වාධීන ආයතන බවට පත්කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පවතින භාණ්ඩ මිල සීඝ්ර ලෙස ඉහළ යාම පාලනය කිරීමට එමගින් හැකියාව ලැබෙන බවය.
“මහ බැංකුව ස්වාධීන කරනවා. මිල පාලනය කරන්න නම් ඒ ආයතනය ස්වාධීන වෙන්න ඕන. මිනිස්සුන්ට සල්ලි දෙනවා කියලා ඊයේ පෙරේදා කරපු වැඩේ සල්ලි අච්චු ගහනවා. නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නෙ එතකොට එක බඩුවක මිල රුපියල් 50 ඉඳන් සීයට යනවා. බඩු වල මිල සීග්රයෙන් ඉහළ ගිහිල්ලා තියනවා තියනවා ඒක විසඳන්න තමයි මහ බැංකුව ස්වාධීන කරන්නේ. අපි ආවොත් විශ්වාසය ඇති කරනවා මහ බැංකුව ස්වාධීන කරනවා ඩොලරය ස්ථාවර කරනවා මේ ආර්ථිකය හරියට පාලනය කරනවා” යයිද මන්ත්රීවරයා කීය.