ලොව වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ.
ඉකුත් සඳුදා ඇපල් සමාගමේ කොටස් වටිනාකම සියයට තුනකින් ඉහල යමින් එහි වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් 182.88 දක්වා ඉහළ ගොස් තිබිණි.
ඇපල් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම මුල්වරට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයේ සීමාව 2018 වර්ෂයේදී ඉක්මවූ අතර 2020දී ට්‍රිලියන දෙකේ සීමාව ඉක්මවීය.
පසුගිය වසරේදී ඇපල් සමාගමේ කොටස් වටිනාකම සියයට තිස් පහකින් ඉහල ගිය අතර ඊට නව අයි ෆෝන් 13 දුරකථනය සහ අනෙකුත් නිෂ්පාදන වල ඉල්ලුම වැඩිවීම සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඉහළ යාමට හේතුවී තිබේ.