අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයක ප්‍රාර්ථනා සඵල කමින් ජීවිත 41 ගලවා ගත් උත්තර්කාෂි මානුෂීය මෙහෙයුමේ කතාව!

17-day humanitarian operation comes to a successful end as all 41 lives trapped are safely rescued

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලෝක අවධානය යොමු වූ දැවැන්ත මානුෂීය  මෙහෙයුමක්  ඊයේ  රාත්‍රියේ නිමා විය.   මරණය දකිමින් සිටි ජීවිත 41ක් ගලවා ගැනීම සඳහා දියත් කළ  දින 17ක මෙහෙයුම සියලු ජීවිතවල සුරක්ෂිතතාවය තහවුරු කරමින්   මේ වනවිට අවසන්ය. උන් සියල්ලන් නිරුපද්‍රිතය.

අවසාන තීරණාත්මක මෙහොතක  උසස් තාක්ෂණික ක්‍රමවේදයන්ට වඩා මිනිස් ශ්‍රමය සහ අත්දැකීම් සහිත පරිචය පිළිබඳ විශ්වාසය තබන්නට සිදුවූ මෙම මෙහෙයුම ලෝක ඉතිහාසයේ ඉතා සුවිශේෂි සලකුණක් තැබූ බව විශ්වාස කරමු.

උත්තර්කාන්ද් ප්‍රාන්තයේ උත්තර්කාෂි හි බ්‍රහම්කාල්-යමූනෝත්‍රි අධිවේගී මාර්ගයේ ඉදිවෙමින් ඇති සිල්ක්‍යාරා-දන්ඩල්ගෝන් උමඟ

අනතුර සිදුවීම

ඉන්දියාවේ උත්තර්කාන්ද්  ප්‍රාන්තයේ  උත්තර්කාෂි හි බ්‍රහම්කාල්-යමූනෝත්‍රි අධිවේගී මාර්ගයේ ඉදිවෙමින් පැවති සිල්ක්‍යාරා-දන්ඩල්ගෝන් උමඟ පසුගිය 12 වැනිදා නාය ගියේය.

නාය යන අවස්ථාව වනවිට ඒ කඳුකර භූමියේ  කිලෝමීටර් 2ක් දිගට උමග කැණ තබිනි.  මීටර් 8.5ක් උස උමං මාර්ගය තුළ  කම්කරුවන් 41 කණ්ඩායමක්     වැඩ කරමින් සිටියහ.    මේ 41 දෙනා දැවැන්ත නායේ යෑමත් සමග උමඟ තුළ සිරවූහ.

දැන් පළමු දේ මේ කණ්ඩායම මේ සිරවූ උගුල තුළම ජීවත් කරවීමය. මුදවා ගැනීම් සඳහා කොපමණ කාලයක් යයි ද සැලසුම කුමක් ද යන්න කිසිම අදහසක් නැත. එහෙත් සේවක පිරිස වැඩකරමින් සිටි භූගත ප්‍රදේශය පිළිබඳ නිශ්චිත හඳුනාගැනීමක් තිබිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මුලින්ම  සිරවූ උමග තුළට ඔක්සිජන් සහිත වාතාශ්‍රය සැපයීමට පියවර ගැනුණි.  එය සිදුවූයේ  උමං කුහරය තුළට යොමු කළ බට ආධාරයෙනි. යම් පමණක සංනිවේදනයක් ද  එම බට හරහා සිදුකළ කළ හැකි විය.

කැණීම් ආරම්භ වීම

සැලසුම් සහගත කැණීම ආරම්භ වන්නේ   අනතුර සිදුවී දින දෙකකට පසුය. සර්පිලාකාර වානේ උලක් සහි විදුම් යන්ත්‍ර ආධාරයෙන් තිරස් කැණීම් පටන් ගැනුණි. නොවැම්බර් 14 වැනිදා වනවිට   සිරවී සිටින කම්කරුවන් සඳහා උමග තුළට ආහාර, ජලය සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ස්ථාවරව සැපයීම සහතික කරනු ලැබූ සැපයුම් මාර්ගයක් සකස් කර තිබිණි.

දින තුනක් මෙහෙයුම සමග ගත කරනවිට ගලවා ගැනීම් කණ්ඩායම්වලට වැටහුනේ තමන් මුලින්ම තෝරාගත්  විදුම් යන්ත්‍රය යොදවා කරන කටයුත්තේ  ශඛ්‍යතාවය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවය. මුදාගැනීමේ කණ්ඩායම් වහාම දියුණු තාක්ෂණික විදුම් යන්ත්‍රයක් දිල්ලියෙන්  ඉල්ලා සිටියේය.   මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා යන්ත්‍රය ගුවන් මගින් ගෙන්වා ගෙන තිබිණි.

නොවැම්බර් 16 දා වනවිට නව     විදුම් යන්ත්‍රය එකලස් කර ස්ථාපනය කිරීම ආරම්භ විය. නිසි ජවයකින් මෙහෙයුම් ආරම්භ වන්නේ 16 වැනිදා  මධ්‍යම රාත්‍රියෙන් පසුවය.

අනතුර සිදුවී උමං මාර්ගය වැසි ඇති අයුරු….

යන්ත්‍රය බිඳවැටීම

ආවරණිත උමං කට ඔස්සේ කළ තිරස් විදුම් මගින්  ගලවා ගැනීමේ කණ්ඩායම් මීටර 24ක් පමණ ඉදිරියට ගියේය. නමුත් එම උත්සාහය එතැනින් නවතින්නේ  විදුම් යන්ත්‍රය බිඳවැටීමෙනි. එහෙත් ගලවා ගැනිමේ කණ්ඩායම් වහාම ඉහළ කාර්ය සාධනයක් සහිත තවත් විදුම්  දුම් යන්ත්‍රයක් ඉන්දෝරි සිට ගුවනින් ගෙන්වා ගත්තේය.

නොවැම්බර් 17 වැනිදා ගලාව ගැනීමේ කණ්ඩායම් තිගස්වන අත්දැකීමක් ලැබුණේය. එදින සවස් භාගය වනවිට උමගෙන් සැලකිය යුතු ඉරිතැලීම් ශබ්දයක් පිටවී තිබිණි. ජීවිත 41ක් උමග තුළ පණපිටින්  වැළලී යෑමේ බිහිසුණු අවදානමක් නිර්මාණය විය.

මේ සමග මෙතෙක් දියත්කළ මෙහෙයුම මදකට නැවතිනි. ඉන්දීය    අග්‍රාමාත්‍ය කාර්යාලයේ (PMO) නිලධාරීන් සහ විශේෂඥයින් කම්කරුවන් බේරා ගැනීම සඳහා සිරස් විදුම් වැනි විකල්ප ක්‍රම ගවේෂණය කරමින් ඉවත් කිරීමේ නව සැලසුම් පහක් සකස් කළහ. තිරසාර ක්‍රමවේදයක් සම්බන්ධව විද්‍යාත්මක ප්‍රවේශයක් එනතුරු කැනීම් කටයුතු අත්හිටවනු ලැබුවේය.

ඒ අතර උමග තුළ සිරවී සිටින පිරිසගේ චිත්ත ධෛර්යය වැඩි කිරීමේ නිශ්ඡිත උත්සාහයක් ඔවුන් සමග නිරන්තර සංවාදයක යෙදෙමින් සිටි පිරිස සමග දියත් කර තිබිණි.   මේ අතර උමං  මාර්ගයට සමගාමීව විකල්ප උමං මාර්ගයක් සඳහා   කැණීම් ද ආරම්භ කිරිමට සැලසුම්කරුවෝ කටයුතු කළහ.

ඒ වනවිට කම්කරුවන් පිරිස සිරවී සිටියේ මීටර 12ක් පමණ විශාල සුන්බුන් කොටසකට යටවී උමං කට  වැසී ගිය උමග තුළය. එම ස්ථානය තිබුණේ  මතුපිට කඳුකර භූමියේ    මීටර 48ක් ගැඹුරිනි.

ගලවා ගැනීමේ කණ්ඩායම්වල  ඊලඟ ප්‍රවේශය වූයේ භූමියේ සිට උමගට උඩින් සිරස් විදුම් කර උමගට ප්‍රවේශ වීමය.   එහෙත් මිටර 45ක් පමණ ගැඹුරක දී යළිත් වරක් උමගේ යකඩ ආවරණයන් සහිත කම්බි කූරු හේතුවෙන් විදුම්වලට බාධා පැමිණියේය.  එම බාධක ඉවත් කර කම්කරුවන් රැඳී සිටින මීටර 48 සීමාවට ලඟා වුව ද නැවත වරක් විදුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වූයේය. සිරස් විදුම් යළිත් වරක් නැවතිනි.

මිනිස් ශ්‍රමයට වැඩේ භාර දී.

මිනිස් ශ්‍රමයට වැඩේ භාර දීම

මේ වනවිට ඉන්දියාව  ජාත්‍යන්තර උමං මාර්ග විශේෂඥ වරුන්ගේ සහයෝගය ද ගලවා ගැනීමේ මෙහෙයුමට එක් කර තිබිණි. උමං මාර්ග පිළිබඳ විශේෂඥ  ආර්නෝල්ඩ් ඩික්ස් සහ ක්‍රිස් කූපර් මෙම මෙහෙයුමේ    ප්‍රධානියෝ වූහ.  කැණීම සඳහා භාවිතා කරන ලද විදුම් යන්ත්‍රය යළි   ක්‍රියා විරහිත වූ බව ඔහු වාර්තා කළේය. ඔහු යෝජනා කළේ අවසන් කොටසේ කැනීම යාන්ත්‍රික මෙවලම්වලට  භාර නොකර විශේෂඥ මිනිස් ශ්‍රමයෙන් එය කළ යුතු බවය.

නොවැම්බර 27 දා ඒ සඳහා විශේෂ පරිචයක් ලත්   උමං කැණීම්  විශේෂඥයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුමට එක් වුයේය.    අවසන් මීටර් 10 සිට 12 දක්වා වූ සුන්බුන් ඉවත් කිරීම සඳහා අතින් කැණීම් කිරීම ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඇරඹුනේය.

මි ගුල් සාදන්නා සේ  පතල්වල දෝනා  කැණීම් සිදුකරන ආකාරයට කළ මෙම උමං කැණීම උමං විශේෂඥයින් විසින් ආරම්භ කරන්නේ  සීමිත අවකාශයන්හි අතින් ගෙන යා හැකි මෙවලම් භාවිතා කරමිනි.    නමුත් මෙම ක්‍රමය මතභේදාත්මක වූයේ දැඩි අවදානම ගෙන  භූගත මාර්ගවල වැඩ කිරීමට තවත් කණ්ඩායමක් පොළඹවන බවට වූ චෝදනා තුළය.

කෙසේ වෙත්ත කැණීම් කටයුතු සාර්ථකව සිදු කෙරිනි. පැය 24ක අඛන්ඩ මිනිස් ශ්‍රමය සහිත මෙම කැනීමෙන් පාදා ගත්    උමං මාර්ගය තුළට මුදා ගැනීමේ කණ්ඩායම් විසින් නලයක් ඇතුළු කළේය. මීටර 57ක් දුරට එම නලය උමග තුළින් විහිදිනි. ඊයේ රාත්‍රියේ 7.56ට මුල්ම සේවකයා ඉවත් වී එන්නේ එම නලය ඔස්සේය.

එතැන් සිට සිරවී සිටි ඉතිරි සේවකයින් 41 දෙනාම යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් දින 17ක් සිරවී සිටි උමගින් එළියට පැමිණියහ.

මෙහෙයුමට සමගාමීව මුදාගන්නා සේවකයින් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම සැලසුම් කෙරිනි. බේරාගත් සේවකයින්ට  ප්‍රතිකාර කිරීම සඳහා සිල්ක්‍යාරා සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් චින්යාලිසෝර් හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඔක්සිජන් ආධාරක ඇඳන් 41 ක් සහිත විශේෂිත වාට්ටුවක් පිහිටවනු ලැබුවේය.

උමගින් ගලවා ගත් පිරිස එන තුරු…

වෛද්‍ය කාර්ය මණ්ඩල සූදානම් කර තිබිණි., අවශ්‍ය නම් වඩාත් දියුණු රෝහල් වෙත සේවකයන් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබුණි.

කෙසේ වෙත්ත ඊයේ අප දුටුවේ අසිරිමත් දැකුමකි. ලෝකයේ එක් පසෙක නොදරුවන්ගේත් ඔළු කටු පුපුරවමින් බෝම්බ ප්‍රහාර වෙඩි ප්‍රහාර එල්ල වී බල්ලන් කපුටන් සේ මැරී යනවිට මනුෂ්‍ය ජීවිතයක සබෑ ගෞරවණිය වටිනාකම කුමක්දැයි යළිත් ලෝකයට ප්‍රකාශ වී තිබිණි.

සිල්ක්‍යාරා උමගේ ගලවා ගැනීමේ මෙහෙයුමෙන් ලෝකයට ලැබුණේ එම පණිවිඩය බව විශ්වාස කරමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන්  මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරින් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරේ…

Next Post

සමනල වැව වනාන්තරය වනසන පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාරට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න… ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉල්ලයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.