ශ්‍රියානි විජේසිංහ –
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහලවල ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලිය හැකි ඔක්සිජන් උත්පාදක බලාගාරයක් තිස්සමහාරාම මූලික රෝහලේ ඉදිකෙරේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ යුනිසෙෆ් ආයතනයේ ආධාර මත රුපියල් මිලියන 50ක වියදමින් ඉදිකළ මෙම නව ඔක්සිජන් උත්පාදක බලාගාරය සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් විවෘත කරන ලදි.
මෙම බලාගාරය මගින් මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 900ක් පමණ නිෂ්පාදනය කරන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් අවශ්‍යතාව මසකට සිලින්ඩර් 250ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්‍රතිකාර ඒකක සඳහා ඔක්සිජන් ලබා දීමේ හැකියාව පවතින අතර අතිරික්ත ඔක්සිජන් දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල්වෙත ලබා දීමට නියමිතය.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මූලික රෝහල, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල ආදියේද ඔක්සිජන් උත්පාදක ඒකක මෙලෙස පිහිටුවා ඇත.