අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්‍යාවශ්‍ය පුරාවිද්‍යා කටයුතුවලට පමණක් ඉඩම් තබාගෙන උතුරු නැගෙනහිර අනෙක් සියලු පුරාවිද්‍යා ඉඩම් ජනතාවට ලබා දෙනවා… ජනපතිගෙන් උතුරු නැගෙනහිරට ප්‍රතිඥාවක්!

by editor
මැයි 24, 2024
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ උතුරු නැගෙනහිර    විශාල ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පුරාවිද්‍යා දෙපාරේතමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඉඩම් පමණක් ඉතිරි කරගෙන  අනෙක්  සියලු ඉඩම් ජනතාවට  නිදහස් කිරීමට   කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කර සිටියේ “උරුමය ”  වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (24) යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

රටේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතුයි.

අද මෙම ඔප්පු ලබාදීම සිදුවුණා වගේම ඉදිරියටත් මෙම කටයුත්ත සිදු කෙරෙනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට 100ක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා  150 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට  මම අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉතා කාර්යක්ෂම අයුරින් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා.

ඉඩම් ගැටළුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා තිබෙනවා. රජයේ ඉඩම්වල පදිංචි කළ පිරිසට අමතරව යුද්ධය නිසා ඉඩම් අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. එහිදී ප්‍රශ්න දෙකක් විසඳිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ උතුර සහ නැනෙහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන අනෙක් ඉඩම් නැවත ලබා දෙන ලෙස ආරක්ෂක අංශ වෙත අප දැනුම් දී තිබෙනවා.

ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඉඩම් පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිරට පමණක් සීමා වී නැහැ. දකුණු පළාතෙත් මෙම ගැටලුව තිබෙනවා. ඒ නිසා 1985 සිතියම අනුව වනාන්තර ලෙස තිබෙන ප්‍රදේශ වනාන්තර ලෙස පත්වාගෙන යාමටත්, ඉතිරි ඉඩම් වනාන්තර නොවන  ප්‍රදේශ ලෙස සැලකීමටත් අප ප්‍රතිපත්තිමය තීන්දුවත් ගෙන තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ඇතැම් ඉඩම් භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ද විශාල ඉඩම් ප්‍රමාණයක් පවතිනවා. පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සියලු ඉඩම් නිදහස් කිරීමට අප කටයුතු කරනවා.

ඒ වගේම යාපනයේ අධි ආරක්ෂිත කලාපය බොහෝ දුරට අඩු කර තිබෙනවා. විශේෂ සමීක්ෂණයක් සිදු කර තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාපයේ ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලින් කොටසක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පසුගි වසර දෙක තුළ පැවති ආර්ථික අර්බුදය නිසා මෙම පළාතේ ජනතාව අවශ්‍ය නිවාස ඉදිකරදීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට එය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම සින්නකර ඔප්පු ලබාදීම එම වැඩසටහනේ කොටස් බව කිවයුතුයි. මෙම සින්නක්කර ඔප්පු ලබාදීම මෙරට සිදුවන විශාලම පුද්ගලීකරණ වැඩසටහන ලෙස හැඳින්විය හැකියි.

ජපානය සහ කොරියාව හැර වෙන කිසිදු රටක් ඒ අයුරින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දී නැහැ. ජපානය සහ කොරියාවත් ජනතාවට නොමිළේ ඉඩම් අයිතිය ලබා දී නැහැ. අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි. නමුත් අපේ රටේ නොමිලේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහ මඩකලපුවේ සිට මීගමුව දක්වා අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ ජනතාව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද සම්ප්‍රදායිකවම ඉඩම් අයිතිය අගය කරනවා. එම අයිතිය අද ඔබට ලැබෙනවා. එම ඉඩම ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ලබාදීම ඔබගේ වගකීම බව සිහිපත් කිරීමට කැමතියි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ දි තරුණයින් තිදෙනාගේ ජිවිත බිලිගත්තේ රටට වංචාකර සවිකළ බාල විදුලි සංඥා පද්ධතිය ද?!

Next Post

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් නිශ්පාදනයට නිශ්පාදනාගාරයක්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.