අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ දි තරුණයින් තිදෙනාගේ ජිවිත බිලිගත්තේ රටට වංචාකර සවිකළ බාල විදුලි සංඥා පද්ධතිය ද?!

by editor
මැයි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

ලලිත් චාමින්ද –

  • තරුණයින් තිදෙනෙකුට මරු කැඳවු පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ සිනු හා විදුලි පද්ධතිය අක්‍රිය වි තිබු බවට ප්‍ර දේශවාසින්ගෙන් චෝදනා.

  • අනතුරු වු දිනට පෙරදිනත් සිනු හා විදුලි පද්ධතිය නිවරදි කළා. දුම්රිය දේපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්  සංඥා හා විදුලි සංදේශ කළමණාකරු  චින්තක ජයවර්ධන.

  • දුම්රිය හරස් මාර්ග සදහා  ස්ථාපිත කරණු ලැබු  සීනු හා විදුලි පද්ධති  50ක  වගකිම් කාලය නිමවිමටත් පෙර  ක්‍රියාවිරහිතවුන බව විගණනය කියලා… අත යට ගනුදෙනුවක් දැයි සැකලු!

එක් තරුණයකුගේ සිරුරක්  දුම්රිය මාර්ගයේ මැද වැටිලා. තිබුනා. ඊට අඩි  දහයක දොළහක  දුරින් තවත් දෙදෙනෙකු වැටිලා හිටියා. ස්කුටර් වර්ගයේ යතුරුපැදියක් ද ඒ අසල තිබුනා යැයි  බුස්ස පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දි තරුණයින් තිදෙනෙකුට දිවි අහිමිකරමින් වු දුම්රිය අනතුර පිළිබඳ අදහස් දක්වමින්  දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පදිංචිකරුවකු හා  රත්ගම ආර්නස්ට් විද්‍යාලයේ ගුරුවරයකු වන  ඒ.පි ශාන්ත  කිවේය. 

තරුණයින් තිදෙනෙකු යතුරුපැදියකින් මෙකි දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදි  දුම්රියේ ගැටිමෙන්  ඊයේ (23) පස්වරු 3.45ට පමණ මෙම අනතුර සිදුවි ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ  බුස්ස, ගලතොට, රේජ්ජිපුර පදිංචි විජයමුණි අවිශ්ක දිල්ෂාන් (18) විජයමුණි අචිත දිල්ෂාන්  (19) යන අයියා සහ මල්ලීත්   අලුත්වලගේ පසිදු චාතුර්ය සහබන්දු (19)  නැමති ඔවුන්ගේ නිවෙස්හි අසල්වැසි  තරුණයෙකි. යතුරු පැදිය පදවා ඇත්තේ , පසිදු චාතුර්ය සහබන්දු නැමති තරුණයාය. මෙකි තරුණයින් තිදෙනා  රේජ්ජිපුර සිට බුස්ස වැල්ලබඩ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදි  මෙම අනතුරට ලක්ව ඇත.

සිද්ධිය ඇසින් දුටු ඒ.පී. නිශාන්ත මෙසේද කිවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දුම්රිය මාර්ගයට සමාන්තරව තමයි අපේ නිවස තියෙන්නේ. මම හිටියේ එළියේ.  දුම්රිය හෙමින් ඇවිත් නතර වුනා. මම ඒ ගැන විපරම් කරලා බැලුවා. දුම්රියේ හිටපු මගින්  ජනෙල්වලින් එබිලා බලනවා දැක්කා. මම එම ස්ථානයට දිව ගියා. කට්ටිය එකතුවෙලා හිටියා. එක් තරුණයකුගේ සිරුරක් තිබුනා දුම්රිය මාර්ගයේ මැද වැටිලා. ඊට අඩි 10ක් 12 දුරින් තවත් දෙදෙනෙකු වැටිලා හිටියා. ස්කුටර් වර්ගයේ යතුරුපැදියක් ද ඒ අසල තිබුනා පස්වරු .3.45ට විතර තමයි මෙම අනතුර වුනේ.  ගමේ අයකුගේ  ත්‍රි රෝද රථයකින් එක් අයෙක් අරගෙන ගියා 1990 සුවසැරිය මගින්  අනික්  තරුණයා රැගෙන ගියා. මෙම ස්ථානයේ දි මියගිය තරුණයා දුම්රියෙන් රැගෙන ගියා.

 අපි මෙම ස්ථානයේ පදිංචියට ඇවිත් වසර 14ක් වෙනවා. මෙම  දුම්රිය හරස් මාර්ගය මාරාන්තික ස්ථානයක්. ගොඩක් අය අනතුරුවලට ලක්වෙලා තියෙනවා.  මෙම හරස් මාර්ගයේ ඇති  සිනු හා විදුලි පද්ධතිය නියමිත අයුරින් වැඩ කරන්නේ නැහැ. දුම්රිය එන්නේ නැති වෙලාවටත්  රතු පාටට විදුලි බුබුළු දැල්වෙමින්  තියෙනවා. සිනුවත් නාද වෙනවා. මේ ශබ්දය අවට පදිංචිකරුවන්ටත් බාදාවක්. සිනු හා විදුලි පද්ධතිය තිබුනාට වැඩක් නැහැ  එම පද්ධතිය අක්‍රියනම්. මිට වැඩිය හොදයි මුරකරුවකු දමලා ගෙට්ටුවක් දැම්මා නම්”  යැයි හෙතෙම කිවේය.

.මෙම අනතුර සිදුවන අවස්ථාවේ  මෙකි දුම්රිය හරස් මාර්ගයේ සිනු හා විදුලි පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති. මේ පිළිබද  දුම්රිය දේපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්  සංඥා හා විදුලි සංදේශ කළමණාකරු  චින්තක ජයවර්ධනගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.

“පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ සිනු හා විදුලි පද්ධතියක් ස්ථාපිත කරලා තියෙනවා. පසුගිය කාලයේ දි මෙකි පද්ධතිය තුල කාර්මික දෝෂ තිබුනා. නමුත් මිට මාස හයකට පමණ පෙර මෙම සිනු හා විදුලි පද්ධතියේ තිබු කාර්මික දෝෂ නිවරදි කරලා තියෙන්නේ.  දැන් ගැටලුවක් තියෙන්න විදියක් නැහැ.”

“අකුණක් වැදුණු විට සහ විදුලිය විසන්ධි වෙලා පැය ගණනාවක් තියෙන විට  මෙම සිනු හා විදුලි පද්ධති අක්‍රිය වෙන්න පුළුවන් .එවිට අපි ඒක නිවරදි කරණවා. මෙම අනතුර වු දිනයට කලින් දිනත් මෙම සිනු හා  විදුලි පද්ධතියේ තිබු කාර්මික දෝෂයක් නිවරදි කළා .විදුලි පද්ධතිය අක්‍රිය විම පිළිබද අපිට කිසිදු පැමිණිල්ලක්  ලැබිලා තිබුණේ නෑ”. චින්තක ජයවර්ධන මහතා කිවේය.

කෙසේවුවද දුම්රිය හරස් මාර්ග සදහා  ස්ථාපිත කරණු ලැබු  සීනු හා විදුලි පද්ධති  50ක  වගකිම් කාලය නිමවිමටත් පෙර  ක්‍රියාවිරහිතව ඇති අතර මේ  නිසා දුම්රිය දේපාර්තමේන්තුවට සිදුවි ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව  සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශවයන්ගෙන්  අයකරගැනිමට පියවර ගන්නාලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට තිබුණි..

 අදාල ටෙන්ඩර්කරු විසින්  අවශ්‍ය  සුදුසුකම් ලැබිමේ නිර්නායක  සපුරා නොතිබියදි  එම සමාගමට ප්‍රසම්පාදනය ලබාදිමට  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් නිර්දේශකොට ඇති බවත්  මෙය ළබැදියාවන් මත  සිදුවු ගණුදෙණුවක්  ද යන්න පිළිබද  පරික්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට ඇත. 

තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් මෙකි ටෙන්ඩරය  ඇගයිමේ දි  විනිවිද භාවයකින් කටයුතුකර නොමැති බවට අනාවරණය වි  තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත්  හා සත්‍ය තොරතුරු ලබා නොදිම සම්බන්දයෙන්  තාක්ෂණික ඇගයිම් කමිටුවේ කාර්යභාර්ය  නිසිපරිදි ඉටුකිරිම පිළිබද සලකාබැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

සැපයුම්කාර සමාගම විසින් ස්ථාපනය කරණු ලැබු  සිනු හා විදුලි පද්ධති 200 අතුරින්  2023 වර්ෂයේ ජුනි මස 20 වනවිට ඉන් පද්ධති 50ක් ක්‍රියාවිරහිතවි තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවැනි දරුවා බිහි කරන්න  පාදෙනියගේ නෝනට සිසේරියන් සැත්කම සිදුකළෙත් මම!  වඳ දොස්තර කියලා GMOA එකෙන් අත්හැරිය ෂාෆි  පාදෙනිය ගැන කී කතාව!

Next Post

අත්‍යාවශ්‍ය පුරාවිද්‍යා කටයුතුවලට පමණක් ඉඩම් තබාගෙන උතුරු නැගෙනහිර අනෙක් සියලු පුරාවිද්‍යා ඉඩම් ජනතාවට ලබා දෙනවා… ජනපතිගෙන් උතුරු නැගෙනහිරට ප්‍රතිඥාවක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.