ලලිත් චාමින්ද –
-
තරුණයින් තිදෙනෙකුට මරු කැඳවු පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ සිනු හා විදුලි පද්ධතිය අක්‍රිය වි තිබු බවට ප්‍ර දේශවාසින්ගෙන් චෝදනා.
-
අනතුරු වු දිනට පෙරදිනත් සිනු හා විදුලි පද්ධතිය නිවරදි කළා. දුම්රිය දේපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සංඥා හා විදුලි සංදේශ කළමණාකරු චින්තක ජයවර්ධන.
-
දුම්රිය හරස් මාර්ග සදහා ස්ථාපිත කරණු ලැබු සීනු හා විදුලි පද්ධති 50ක වගකිම් කාලය නිමවිමටත් පෙර ක්‍රියාවිරහිතවුන බව විගණනය කියලා… අත යට ගනුදෙනුවක් දැයි සැකලු!
එක් තරුණයකුගේ සිරුරක් දුම්රිය මාර්ගයේ මැද වැටිලා. තිබුනා. ඊට අඩි දහයක දොළහක දුරින් තවත් දෙදෙනෙකු වැටිලා හිටියා. ස්කුටර් වර්ගයේ යතුරුපැදියක් ද ඒ අසල තිබුනා යැයි බුස්ස පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දි තරුණයින් තිදෙනෙකුට දිවි අහිමිකරමින් වු දුම්රිය අනතුර පිළිබඳ අදහස් දක්වමින් දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පදිංචිකරුවකු හා රත්ගම ආර්නස්ට් විද්‍යාලයේ ගුරුවරයකු වන ඒ.පි ශාන්ත කිවේය.
තරුණයින් තිදෙනෙකු යතුරුපැදියකින් මෙකි දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදි දුම්රියේ ගැටිමෙන් ඊයේ (23) පස්වරු 3.45ට පමණ මෙම අනතුර සිදුවි ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බුස්ස, ගලතොට, රේජ්ජිපුර පදිංචි විජයමුණි අවිශ්ක දිල්ෂාන් (18) විජයමුණි අචිත දිල්ෂාන් (19) යන අයියා සහ මල්ලීත් අලුත්වලගේ පසිදු චාතුර්ය සහබන්දු (19) නැමති ඔවුන්ගේ නිවෙස්හි අසල්වැසි තරුණයෙකි. යතුරු පැදිය පදවා ඇත්තේ , පසිදු චාතුර්ය සහබන්දු නැමති තරුණයාය. මෙකි තරුණයින් තිදෙනා රේජ්ජිපුර සිට බුස්ස වැල්ලබඩ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.
සිද්ධිය ඇසින් දුටු ඒ.පී. නිශාන්ත මෙසේද කිවේය.
දුම්රිය මාර්ගයට සමාන්තරව තමයි අපේ නිවස තියෙන්නේ. මම හිටියේ එළියේ. දුම්රිය හෙමින් ඇවිත් නතර වුනා. මම ඒ ගැන විපරම් කරලා බැලුවා. දුම්රියේ හිටපු මගින් ජනෙල්වලින් එබිලා බලනවා දැක්කා. මම එම ස්ථානයට දිව ගියා. කට්ටිය එකතුවෙලා හිටියා. එක් තරුණයකුගේ සිරුරක් තිබුනා දුම්රිය මාර්ගයේ මැද වැටිලා. ඊට අඩි 10ක් 12 දුරින් තවත් දෙදෙනෙකු වැටිලා හිටියා. ස්කුටර් වර්ගයේ යතුරුපැදියක් ද ඒ අසල තිබුනා පස්වරු .3.45ට විතර තමයි මෙම අනතුර වුනේ. ගමේ අයකුගේ ත්‍රි රෝද රථයකින් එක් අයෙක් අරගෙන ගියා 1990 සුවසැරිය මගින් අනික් තරුණයා රැගෙන ගියා. මෙම ස්ථානයේ දි මියගිය තරුණයා දුම්රියෙන් රැගෙන ගියා.
අපි මෙම ස්ථානයේ පදිංචියට ඇවිත් වසර 14ක් වෙනවා. මෙම දුම්රිය හරස් මාර්ගය මාරාන්තික ස්ථානයක්. ගොඩක් අය අනතුරුවලට ලක්වෙලා තියෙනවා. මෙම හරස් මාර්ගයේ ඇති සිනු හා විදුලි පද්ධතිය නියමිත අයුරින් වැඩ කරන්නේ නැහැ. දුම්රිය එන්නේ නැති වෙලාවටත් රතු පාටට විදුලි බුබුළු දැල්වෙමින් තියෙනවා. සිනුවත් නාද වෙනවා. මේ ශබ්දය අවට පදිංචිකරුවන්ටත් බාදාවක්. සිනු හා විදුලි පද්ධතිය තිබුනාට වැඩක් නැහැ එම පද්ධතිය අක්‍රියනම්. මිට වැඩිය හොදයි මුරකරුවකු දමලා ගෙට්ටුවක් දැම්මා නම්” යැයි හෙතෙම කිවේය.
.මෙම අනතුර සිදුවන අවස්ථාවේ මෙකි දුම්රිය හරස් මාර්ගයේ සිනු හා විදුලි පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති. මේ පිළිබද දුම්රිය දේපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සංඥා හා විදුලි සංදේශ කළමණාකරු චින්තක ජයවර්ධනගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.
“පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ සිනු හා විදුලි පද්ධතියක් ස්ථාපිත කරලා තියෙනවා. පසුගිය කාලයේ දි මෙකි පද්ධතිය තුල කාර්මික දෝෂ තිබුනා. නමුත් මිට මාස හයකට පමණ පෙර මෙම සිනු හා විදුලි පද්ධතියේ තිබු කාර්මික දෝෂ නිවරදි කරලා තියෙන්නේ. දැන් ගැටලුවක් තියෙන්න විදියක් නැහැ.”
“අකුණක් වැදුණු විට සහ විදුලිය විසන්ධි වෙලා පැය ගණනාවක් තියෙන විට මෙම සිනු හා විදුලි පද්ධති අක්‍රිය වෙන්න පුළුවන් .එවිට අපි ඒක නිවරදි කරණවා. මෙම අනතුර වු දිනයට කලින් දිනත් මෙම සිනු හා විදුලි පද්ධතියේ තිබු කාර්මික දෝෂයක් නිවරදි කළා .විදුලි පද්ධතිය අක්‍රිය විම පිළිබද අපිට කිසිදු පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නෑ”. චින්තක ජයවර්ධන මහතා කිවේය.
කෙසේවුවද දුම්රිය හරස් මාර්ග සදහා ස්ථාපිත කරණු ලැබු සීනු හා විදුලි පද්ධති 50ක වගකිම් කාලය නිමවිමටත් පෙර ක්‍රියාවිරහිතව ඇති අතර මේ නිසා දුම්රිය දේපාර්තමේන්තුවට සිදුවි ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශවයන්ගෙන් අයකරගැනිමට පියවර ගන්නාලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට තිබුණි..
අදාල ටෙන්ඩර්කරු විසින් අවශ්‍ය සුදුසුකම් ලැබිමේ නිර්නායක සපුරා නොතිබියදි එම සමාගමට ප්‍රසම්පාදනය ලබාදිමට තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් නිර්දේශකොට ඇති බවත් මෙය ළබැදියාවන් මත සිදුවු ගණුදෙණුවක් ද යන්න පිළිබද පරික්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට ඇත.
තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් මෙකි ටෙන්ඩරය ඇගයිමේ දි විනිවිද භාවයකින් කටයුතුකර නොමැති බවට අනාවරණය වි තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදිම සම්බන්දයෙන් තාක්ෂණික ඇගයිම් කමිටුවේ කාර්යභාර්ය නිසිපරිදි ඉටුකිරිම පිළිබද සලකාබැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
සැපයුම්කාර සමාගම විසින් ස්ථාපනය කරණු ලැබු සිනු හා විදුලි පද්ධති 200 අතුරින් 2023 වර්ෂයේ ජුනි මස 20 වනවිට ඉන් පද්ධති 50ක් ක්‍රියාවිරහිතවි තිබුණි.