බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවැනි දරුවා බිහි කරන්න  පාදෙනියගේ නෝනට සිසේරියන් සැත්කම සිදුකළෙත් මම!  වඳ දොස්තර කියලා GMOA එකෙන් අත්හැරිය ෂාෆි  පාදෙනිය ගැන කී කතාව!

by editor
මැයි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                                     

මාකඳුරේ මදූෂ් ළඟ තිබුණ මනුස්සකම පාර්ලිමේන්තුව තුළ සුදු ඇදගෙන සිටින එකම පුද්ගලයෙකු ළඟවත් තිබේ යැයි මොහොතකටවත් තමා  විශ්වාස නොකරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද  වෛද්‍ය මොහෙමඩ් ෂාෆි  පවසා සිටියි. 

තමාව බොරු චෝදනාවන්ට හසුකර වරදකරුවෙක් කරන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය පාදෙනිය   නිහඬව සිටිය නමුත් ඔහුගේ දෙවන දරුවා ලැබෙන විට ඒ සිසේරියන් සැත්කම සිදුකළෙත් තමා යැයි වෛද්‍ය ෂාෆි පැවසුවේය.

ඔහු මේ අදහස් පළ කළේ අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් ජාතික පුස්තකාලයේදී සංවිධානය කර තිබු උත්සවයක් අමතමිනිය.

මෙහිදි වැඩිදුරටත් කථා කළ වෛද්‍ය ෂාෆී මෙසේ පැවසුවේය.

“රට දාල යන්න තරම් මට ප්‍රශ්න ආවා. නමුත්  සියලු දෙනා එක්ක සමගියෙන් ජිවත්වෙන්න පුලුවන් රටක් මේක. මම වැරදි කරලා නැහැ. වැරදි කරන්න හිතලාවත් නැහැ. මම දන්නවා සත්‍ය කවදා හරි ජය ගන්නවා කියලා. අද ඒ සත්‍ය ජය අරගෙන මම නැවතත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ  ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් ලෙස ජනතාවට සේවය කරනවා. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මම මුළින්ම කල්පනා කලේ මේ රෝහලෙන් අයින් වෙන්න. නමුත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා ඩොක්ටර් සාෆිට පරණ දේවල් කරන්න බැරි නිසා රෝහලෙන් ඉවත්ව යන්න හදනවා කියලා. ඒ නිසා මම මේ රෝහලේම රැදී සිටින්න තිරණය කළා.

මම බන්ධනාගාරගතවෙලා නිදහස ලබා නැවත රෝහලට ආපු දවසේ ලොකු මහත්තයා කිව්වා සාෆි ඔයා පරණ දේවල් ගැන හිතන්නේ නැතිව ඒවා අමතකර කරලා දාලා වැඩ කරන්න කියලා. මම ඒ විදිහට වැඩ කළා. පැයක් ඇතුලත මම සාර්ථකව සිසේරියන් සැත්කම 3ක් නිමකලා.

 සමහර කාන්තාවන්ගේ සිසේරියන් සැත්කම කරන විට ඔවුන් මගෙන් සමාව ගන්වා. සර් අපි දන්නේ නැතිව සර්වට විරුද්ධව කටයුතු කළා කියනවා. ඔවුන් අන්තිමේදී මට වැඳලා යනවා. මම වැරදි කරලා නැහැ . කරන්න හිතන්නේ වත් නැහැ. ඒ නිසා මම දන්නවා සත්‍ය කවදා හරි ජය ගන්වා කියලා.

මම  කලාවැව විජිතපුර ගමක ඉදන් ආපු මනුස්සයෙක්. අපි හැදුනේ සිංහල මිනිසුන් ජිවත් වන පරිසරයේ. අපේ තාත්තාගේ සීයා  විජිතපුර රජමහා විහාරයේ  පොඩි හාමුදුරුවන්ට පාලි භාෂාව ඉගැන්නුවා. අදටත් රජමහා විහාරයට අපි විශාල ගෞරවයක් තියෙනවා. එහෙම පරිසරයක හැදුනු අපිට ජාතිවාදය කිලය අදහසක් තිබුණේ නැහැ. 

කුරුණෑගල ශික්ෂණ රෝහල කියන්නේ මගේ මහ ගෙදර . අපේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණාට අපි ගෙදර දාලා යන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා අපේ දරුවන්ට හොඳ රටක් බිහිකර දෙන්න ඔිනේ.

සිවුර නෙවෙයි තොප්පි නෙවෙයි අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වයයි. මනුෂ්‍යත්වය  නැති ආගමක් අපිට එපා. මනුෂ්‍යෙයකුට ගරු කරන්න බැරි  නම් ඒ ආගම අපිට එපා.  අපි ඔක්කොම එකතුවෙලා  ඊලග පරම්පරාවට  හොඳ රටක් හදමු.  

මම මුස්ලිම් ජනතාවට සේවය කරන්න ඉපදිලා නැහැ. මගේ ලඟ පෝලිමක් හැදිලා තියෙන්නේ සිංහල ජනතාව. මගේ කාර්ය මණ්ඩලය සිංහල අය.   මගේ විශ්වාසය කවදාවත් මම පලුද කරලා නැහැ. ඒ විශ්වසය මත තමයි මම නැවත කුරුණෑගල රෝහලට යන්නේ.  

මම දාස් ගානක් මව්වරුනට සේවය කරලා තියෙනවා. එක මවකටවත් හානි කරන්න වත් මම හිතලා නැහැ. කුරුණෑගල අවට සිටින මිනිස්සු අදටත් ඇවිල්ලා  මගෙන් සිසේරියන් සැත්කම කරගනෙ මට වැදලා යනවා “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පසු ගිය දින කිහිපය තුළ විදුලිය බිඳවැටීම් ලක්ෂ 3ක්… පැය 2ක් තුළ බිඳවැටිම් තිස් දහසක් වාර්තා වෙලා!

Next Post

පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ දි තරුණයින් තිදෙනාගේ ජිවිත බිලිගත්තේ රටට වංචාකර සවිකළ බාල විදුලි සංඥා පද්ධතිය ද?!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.