කීර්ති ප්‍රනාන්දු –
පසුගිය දින කීපය තුළ දී රට පුරා විදුලිය බිඳවැටීම් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් සිදුවූ බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇතැම් අවස්ථාවල පැය දෙකක් පමණ කාලයක් තුළ බිඳවැටීම් තිස් දහස ඉක්මවා වාර්තා වූ බවත් මෙවන් අනපේක්ෂිත තත්ත්වයන් තුළ සීමිත කාර්ය මණ්ඩලය පැය 24ක සේවයේ යොදවා වුව ද බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ දී ප්‍රමාදයන් සිදුවන බවත් පෙන්වා දෙන විදුලිබල මණ්ඩලය සිදුවන ප්‍රමාදවීම් පිළිබඳ කණගාටුව පල කරයි.
අමාත්‍යවරයා සඳහන් කරන අතිරේක කණ්ඩායම් මොනවාද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවද විදුලි ඉංජිනේරු සංගමය පාරිභෝගික ජනතාවට කියයි.
දුරකථන පද්ධති කාර්ය බහුල වීම නිසා ඇමතුම් මගහැරි යා හැකි බව පෙන්වා දෙන විදුලිබල මණ්ඩලය ඒ පිළිබඳව බලවත් කණගාටුව පළ කරමින් ඉල්ලා සිටින්නේ බිඳවැටීම් යථා තත්ත්වයට පත් කරන කණ්ඩායම් වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.