අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ලෝකයේ උද්දච්ච මෝඩයන් ඇමරිකාවෙන් නැව් ගුටි කෑ හැටි… බංගලියන් ඇමරිකාවට තරගාවලිය පරදී!

by editor
මැයි 24, 2024 - Updated on මැයි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඇමරිකාව ක්‍රිකට් ගහන බව  හරියටම දැනගත්තේ අද උදෑසන ය.  ඒ බංගලියන් සමග පැවැත්වෙන 20යි විස්ස තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කර 2-0 ලෙස තරගාවලි ජයග්‍රහණයක් ද වාර්තා කළ විටය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව බංගලාදේශ කණ්ඩායම 9 වන ස්ථානයේ. ඇමරිකානු කණ්ඩායම ඇත්තේ 19 වැනි තැනය. එහෙව් ඇමරිකාවෙන්  බංගලියන්   තරගාවලි පරාජයක්  ලබන්නේ  ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ආරම්භ වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබෙද්දී වීම විශේෂය.

ඇමරිකාවෙන් ගුටි කෑ  බංගලියන් ගේ ක්‍රිකට් තරු පොකුර

ක්‍රිකට් ලෝකයේ සිටින උද්දච්ඡ මොඩයන් හමුවන්නේ බංගලියන් අතරය.  ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම සහජය ද ඒ මේ උද්දච්ඡ අශීලාචාරකම නිසා යට වන බව කිව යුතුය.  ඇමරිකා එක්සත් ජනපදයට ඔවුන් මේ ආකාරයෙන් කුජීත වී පැරදීම ඒ අතරින් බලා ඉන්න බොහෝ ක්‍රීඩා ලෝලීන්ට මාර හැඟීමක් ගෙනෙන්නේය.

තරගය පැවැත්වෙන්නේ ඊයේ (23) ය.   හොස්ටන්වලය. කාසියේ වාසිය දිනන්නේ බංගලි නායක නජිමුල් හොසෙන් ෂන්ටො ය. ඔහු පන්දු රැකීම තෝරන්නේය. බංගලියන්ගේ කණ්ඩායමේ ඉන්නේ ශකිබ් අල් හසන් සහිත ඔවුන්ගේ තරු පොකුරය.  ටන්සිඩ් හසන්, සෞම්‍යා සකාර්,  නජ්මුල් හොසෙන් සැන්ටො, ටොව්හිඩ් හ්‍රිඩොයි,  මහ්මුදුල්ලා, ජකෙර් අලි, රිෂාඩ් හොසේන්, ටන්සිම් හසන් ශකිබ්, ෂොරිෆුල් ඉස්ලාම්, මුෂ්ටෆිසුර් රහ්මාන් කණ්ඩායම  නියෝජනය කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බෙලහීන හඹා යෑම

ඇමරිකා රක්සත් ජනපද කණ්ඩායම පන්දු ඕවර 20 තුළ ලකුනු 144ක් වැනි බැලූ බැල්මට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වන්නේය.  ඇමරිකා එක්සත් ජනපද පිලේ ආරම්භක පිතිකරු ස්ටිවන් ටේලර් හතරේ පහර තුනක් සහ හයේ පහර දෙක්ක සමග පන්දු 28ක දී ලකුණු 31කි.  කණ්ඩායේ නායකයා ඉන්දීය සම්භවයක් සහිත මොනාන්ක් පටෙල්ය. ඔහු පන්දු 38ක දී හතරේ පහර 4ක් සහ එක් හයේ පරහක් සහිතව ලකුනු 42කි. ආරොන් ජෝන්ස් ලකුනු 35ක් රැස් කළේය. ඒ පන්දු 34ක දි ය. හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් එම ලකුණු 35ට ඇතුළත් විය.

අතිරේක ලකුණු 11කි. ඇමරිකා එක්සත් ජනපද පිල ලකුණු 144කි.  ෂොරිෆුල් ඉස්ලාම් මුස්ටාෆිසුර් රහ්මාන්, රෂිඩ් හොසේන් කඩුළු 2 බැගින් ලැබූහ. ශකීබ් අල් හසන්  බංගලි තරුව හොඳටම ගුටි කෑවේය. කඩුලු නැත. ලකුණු 35කි. පන්දු යවන්නන්ගෙන් හොඳටම ගුටි කෑවේ ශකීබ් ය.

පන්දුවට පහර දෙන්නට පැමිණි බංගලි තරු ඇමරිකානු පන්දු යවන්නන් හමුවේ නන්නත්තාර වූ අයුරු දුටුවෙමු.  සෞම්‍යා සකාර් පලමු පන්දුවේදී ලකුණු නොලබා දැවී යන්නේය. මහ්මුදුල්ලා ලකුනු 03කි. ජෙකර් අලි ලකුණු 04කි. මැදපෙළ කුඩු වන්නේය. නායක නජ්මුල් හොසෙන් සැන්ටො ලකුනු 36ක් ලබා සිටිද්දී දුවද්දී දැවී යන්නේය. කණඩායමේ වැඩිම ලකුණු ලාභියා ඔහුය. තව්හිඩ් හ්‍රිඩොයි ලකුනු 25කි. ශකීබ් අල් හසන් ලකුණු 30කි. පන්දු ඕවර 20 ක්‍රිඩා කළේ නැත. බංගලියන් ලකුණු 138කට සියල්ලෝ දැවී ගියහ.

පන්දු යැවීමේ දි විශිෂ්ටම පන්දු යැවීම වාර්තා වන්නේ පකිස්ථාන සම්භවයක් සහිත  මුහමඩ අශාන් අලි ඛාන් ය. ඔහු දකුණත් වේග පන්දු යවන්නෙකි.  ඔහු පන්දු ඕවර 3.3 කදි ලකුණු 25කට බංගලි කඩුලු 03ක් දවා ගන්නේය.

තවත් වික්‍රමාන්විත පන්දු යැවීමකි. ඒ ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩක සෞරාබ් නරේෂ් නෙට්ට්‍රවාල්කර් ය.  ඔහු වමත් වේග පන්දු යවන්නෙකි. සෞරාබ් යැව්වේ පන්දු ඕවර 3කි. ඔහු  ලබා දුන්නේ ලකුණු 15ක් පමණි. කඩුළු 2ක් ලැබුවේය. තුන්ඉරිය් ක්‍රීඩ ෂාඩ්ලි වැන් ස්චල්කවික්  මද වේග පන්දු යවමින් පන්දු ඕවර 4ක් යවා ලකුනු 21කට කඩුළු 2ක් බිඳහෙළුවේ ය. ජස්දීප් සිං කොරෙයි ඇන්ඩ්‍රසන් කඩුල්ල බැගින් ලැබූහ.

144ක් හඹා ගිය බංගලියන් ඕවර 19.3ක් තුළ ලකුණු 138කට සියල්ල දැවී යන්නේ ලකුණු 06 පරාජයක් ලබමිනි.  බංගලියන් පළමු තරගයත් හොඳටෝම පරාදය.  පළමු   තරගයේදී ඇමෙරිකාව විසින් බංගලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 5 කිනි.

 ඇමරිකාව ගැන අවධානය

 

මෙවර  විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායම සෙසු කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් ගෙන දෙනු ඇති බවට බංගලියන්ට අත්කළ විලි ලජ්ජා නැති පරාජයෙන් පසු ක්‍රිකට් ලෝලීහු කල්පනා කරති.

 බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතාවයන් කැපී පෙනෙන මට්ටමක ඇති බව පෙනී ගොස් තිබේ.

ඉන්දීය සම්භවයක් සහිත වමත් මද වේග පන්දු යවන ක්‍රීඩක සෞරබ් නෙට්ට්‍රවාල්කර්, පකිස්ථාන සම්භවයක් සහිත වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සහ තුන ඉරියවු ක්‍රීඩක ස්ටීවන් ටේලර් ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර සිටියි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එමෙන්ම නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන්, ඉන්දීය සම්භවයක් සහිත හර්මීට් සිං සහ මොනාන්ක් පටෙල් මෙන්ම ආරොන් ජෝන්ස් ද ඇමෙරිකානු කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කර සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එල්පීඑල් සූදුව හොයන්න ක්‍රීඩා වැරදි ඒකකය හුදකලා සටනක… ටමීම් රහ්මාන්ගේ තවත් කෙළි හෙළි වෙයි!

Next Post

පසු ගිය දින කිහිපය තුළ විදුලිය බිඳවැටීම් ලක්ෂ 3ක්… පැය 2ක් තුළ බිඳවැටිම් තිස් දහසක් වාර්තා වෙලා!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.