රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමක් සහිත ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් අද (28) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අවසරයක් අනුව මුදල් අමාත්‍යාංශයට ගොස් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන හමුවීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුගෙන් සංවර්ධන මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරු 7 සිට පස්වරු 5 පමණ වනතෙක් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම ජාවාමට අදාලව මේ වනවිට සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටී.