අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF නිර්දේශ මත කොල්ල කා විදේශවල සැඟවූ වත්කම් රටට ගෙන එන නීති සම්පාදනය කඩිනම් වෙයි…

by editor
මැයි 25, 2024
in පුවත්
Dollars
Share on FacebookShare on Twitter

රවිශාන් ප්‍රනාන්දු –

  • අධිකරණය ඉදිරියේ සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමකින් තොරව වුව ද එම දේපළ රාජසන්තක කිරීමට මෙම නව නීතිවලින් බලය ඇති බව අධිකරණ ඇමති කියයි1

 මෙරට හෝ විදේශ රටවල තැන්පත් කර ඇති බව කියන සොරකම් සහ වංචාවලින් උපයා ගත් දේපළ ආපසු රජයට අත්පත් කර ගැනීමේ නීති රීති කඩිනමින් බලාත්මක කිරීමට රජයට සිදුව ඇති බව අනාවරණය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුව මේ වනවිටත් එම නීති සැකසුම ප්‍රමාද වී ඇති අතර එම කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි මෙම ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.

මෙම පනත පසුගිය අප්‍රේල් මාසය වනවිට බලාත්මක කිරීමට රජය පොරොන්දු වී තිබුණ ද මෙතෙක් එම කටයුතු සිදුව නැති අතර ඒ අනුව කටයුතු කඩිනම් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ.

මේ පිළිබඳව  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අධිකරණය ඉදිරියේ සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමකින් තොරව වුව ද එම දේපළ රාජසන්තක කිරීමට මෙම නව නීතිවලින් බලය ලැබෙන බව ය.

මේ වනවිට පිටු 182කින් සමන්විත ඊට අදාළ නීති කෙටුම්පත මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුවක් විසින් සකසා ඇති අතර විදේශගතව පවතින මෙරටින් කොල්ලකන ලද වස්තුව සහ ධනය ආපසු ලබාගැනීමට අදාළව එක් එක් රටවල් සමග ක්‍රියා කිරීම පහසු කරවීමට අදාළව එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳව කාර්යාලය සමග ඉදිරියේදී ගිවිසුමකට එළැඹෙන බව ද ඔහු සඳහන් කළේ ය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එහිදී ඔහු මෙසේ ද කීය.

“අයුතු ලෙස උපයාගත් දේපළ ගණන් බැලීමේ ක්‍රමවේදයක් දැනට නෑ. ඊට යෝග්‍ය නීතියක් දැනට නැති නිසා කවුරුවත් ඒ ගැන පැමිණිලි කරන්නෙත් නෑ. පරීක්ෂණ කරන්නත් බලයක් නෑ. අලුත් නීතියෙන් මේ ගැන තොරතුරු දැනගැනීමට හා ක්‍රියා කිරීමට රාජ්‍ය ආයතනවලට හා ජනතාවට බලය ලැබෙනවා. දැනට ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදකට යවලා තිබෙනවා. නීතිපතිගේ අනුමැතිය මත ලබන මාසේ එය ඉදිරිපත් කරනවා. ඉන්පසු දේශීය පරීක්ෂණ කතාවක් ඕනෑ නෑ. තොරතුරක් ලැබුණොත් අධිකරණයෙන් නඩු විභාගයක් කළ හැකියි.” – ඉරිදා මව්බිම –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්වානේ කුඹුරක තිබී සැක කටයුතු ලෙස මිය ගිය තරුණ මළ සිරුරු 02ක් හමුවෙයි!

Next Post

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත වෙයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.