ඊශ්රාලයේ 12 වසරක් පාලනය බලය හිමිව තිබූ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අද සිය රජය අහිමි විය. ඊශ්රයාල පාර්ලිමේන්තුව නව සභාග ආණ්ඩුවකට බලය ලබා දීමෙන් අනතුරුව මෙම බල පෙරළිය සිදු විය.
ඒ අනුව යමිනා පක්ෂයේ දක්ෂිනාංශික ජාතිකවාදී නායක නෆ්තාලි බෙනට් නව අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතය.
බලය බොදා ගැනීමේ ගනුදෙණුවක කොටසක් ලෙස බෙනට් දිවුරුම් දුන් දා සිට 2023 සැප්තැම්බර් මාසය දක්වා අගමැති ධුරයේ කටයුතු කරනු ඇත.
ඉන්පසු ඔහු අනතුරුව එළඹෙන ඉදිරි වසර දෙකක කාලයක් සඳහා අගමැති ධුරය යෙෂ් අටීඩ් පක්ෂයේ නායක යේර් ලපීඩ් වෙත පැවරීමට නියමිතය.