කීර්ති ප්‍රනාන්දු-
කොවිඩ් මර්ධනය කිරීම සඳහා දේශීයව නිශ්පාදිත ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබා දීමට කටයුතු යොදා ඇති බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසයි.
එහි පළමු පියවර ක්‍රියාත්මක කිරීමට අදාල වාර්තාවක් මේ වනවිට මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව ද අමාත්‍යවරයා කියයි.
කොවිඩ් මර්ධනයට ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා මෙසේ දේශීය ඖෂධ මංජුසාවක් හැම නිවසකම නොමිලයේ ලබා දීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත් ඒ අනුව මෙම වැඩසටහන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.