අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලෝකය වටෙන් ඉල්ලුම… රටත් ගොඩයන වේගා ත්‍රීවිලය ගැන ආචාර්ය බේෂාන් කුලපාල කියන කතාව…

by editor
අගෝස්තු 28, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

  • එක සැරයක් චාර්ජ් කරලා කිලෝමීටර 120ක් දුවන්න පුලුවන්… බදු නැති නිසා හිතාගන්න බැරි අඩුමිලට ලැබෙයි…

  • දැනට හදපු ත්‍රීවිලර් තුනම ඉතාම සාර්ථකයි… ලබන අවුරුද්දෙ මහා පරිමාණයෛන් වැඩ පටන් ගන්න පුලුවන්…

  • ලෝකය පුරාම ඉහළම ඉල්ලුමක්… රාජ්‍ය අනුග්‍රහය තියනවා නම් රටම ගොඩ දාන්න පුලුවන්…

  • එන්ජිමක් නෑ… ඉඩ ඕන තරම්…

    Dr-Beshan-Kulapa
    ආචාර්ය බේෂාන් කුලපාල

ශ්‍රී ලංකාවේ කාර් නිෂ්පාදනය ආරම්භ කළ වේගා ඉනොවේෂන් සමාගම කාර් නිෂ්පාදනය එලෙස ම තිබියදී මේ දිනවල ත්‍රී රෝද රථයක් හඳුන්වාදී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඉන්ධන කොහෙත් ම අවශ්‍ය නොවීම යි.
ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් ත්‍රීරෝද රථයට බෙහෙවින් සමාන පෙනුමක් ඇති නමුත් මෙම වේගා ත්‍රීරෝද රථයට ඇන්ජිමක් නැත. ඒ නිසා ම ඉන්ධන අවශ්‍ය නොවන බැවින් පරිසර හිතකාමී වූවකි. ධාවනයේදී පරිසරයට අහිතකර දුමක් මුදා හැරීමක් නැත.

එසේ නම් මෙම වේගා ත්‍රීරෝද රථය ධාවනය වන්නේ කෙසේ දැයි එහි නිර්මාතෘ මෙන් ම වේගා ඉනොවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතාගෙන් ම අපි විමසුවෙමු.

“මේ ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙනුයි. මේකට චාජර් එකක් තියෙනවා. එක වරකට චාජ් කළා ම කිලෝමීටර් 100-120 අතර දුරක් ගමන් කළ හැකියි. මීට අමතර ව විදුලි කෝෂයක් වහලයේ සවි කර තියෙනවා. ඒ මගිනුත් අමතර විදුලි බලයක් සූර්ය ශක්තිය හරහා ලබා ගත හැකියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සාමාන්‍ය ත්‍රීරෝදයක වාගේ ම ඉදිරිපස රියදුරුට අමතර ව පිටුපස තිදෙනෙකුට ගමන් කළ හැකියි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේකට ඇන්ජිමක් නැති නිසා පිටුපස සම්පූර්ණ ඉඩ ඉතිරි ව තිබෙනවා. ගෙදරට අවශ්‍ය බඩු ගෙනියන්න වගේ ම ජංගම වෙළෙඳාමේ යෙදෙන අයට මේ ඉඩ බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. මේකෙ චැසිය, බොඩි පැනල් හැම දෙයක් ම වගේ ලංකාවේ ම යි හදන්නේ. දැනට අපි ත්‍රීරෝද රථ තුනක් සම්පූර්ණයෙන් ම නිම කරලා ධාවනයේ යොදවා තිබෙනවා. ඒවා හොඳින් ක්‍රියා කරනවා.

ලබන වසර මුල වෙද්දී තවත් මෙවැනි ම ත්‍රීරෝද රථ හතරක් සම්පූර්ණයෙන් ම නිම කරනවා. දැනට මරදානෙයි, රාජගිරියෙයි අපේ වැඩපොළවල් දෙකක් තියෙනවා. මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාව ඉදි කරලා, ලබන වසර මැදදි වේගා ත්‍රීරෝද රථ වෙළෙඳපොළට නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ආනයන බද්දක් නැති නිසා ගොඩාක් අඩු මිලකට ලංකාවේ අයට මේ රථය මිලට ගත හැකියි. දැනටමත් අප්‍රිකාව, ගානාව වගේ රටවලින් ඉල්ලුමක් අපට තියෙනවා. රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනවා නම් රට දැනට පත්වෙලා ඉන්න ආර්ථික අර්බුදය ජයගන්න මේ වෙළෙඳපොළ විශාල සහායක් කරගන්න හැකි වේවි.” යැයි ආචාර්ය කුලපාල මහතා කීවේ ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඔවුන් විසින් මීට පෙර නිෂ්පාදනය කළ වෙගා කාර් ද ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරගෙන යන බව ද ඔහු කීවේ ය. මේ අවස්ථාවේදී දේශීය නිපැයුම්කරුවන් දිරිමත් කොට ඒ හරහා විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කිරීම ජාතික වගකීමක් සේ ම රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීමට ද හේතු සාධකයක් වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෑම නිවසකටම කොවිඩ් මර්ධන දේශීය බෙහෙත් මංජුසාවක්!

Next Post

සාගරට පිළිතුරු නොදෙන්න විමල්ලා තීරණය කරයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.