කීර්ති ප්‍රනාන්දු –
දිනකට බිත්තර ලක්ෂ දහයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු පාර්ශව යෝජනා කරන්නේ තව මාසයක් තුළ රටේ බිත්තර කර්මාන්තයේ නිශ්පාදන ගැටලුව මග හැරෙන බවට නිශ්පාදන දත්ත පුරෝකථනයන් මගින් තහවුරු කර ඇති අවස්ථාවක බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පවසයි.
ඔහු පවසන්නේ මේ පවතින තත්ත්වය කළමනාකරණය කරගතහොත් නිසැකවම මැයි මස අවසන්වන විට පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳපලේ බිත්තර පවතිනු ඇති බවය.
බිත්තර නිශ්පාදනය කාලගුණ තත්ත්ව අනුවත් උච්ඡාවචනය වන බව පෙන්වා දුන් සභාපතිවරයා අධික උෂණ්තවය හේතුවෙන් නිශ්පාදනයේ සියයක 10ක අඩුවීමක් සිදුවූ බවත් ඒ අඩුව නොවුනා නම් මේ වනවිටත් බිත්තරයක මිල පාලන මිලට වඩා අඩු බවත් ඔහු පැවසුවේය.
“ බිත්තරය කියන්නේ ඉල්ලුම සහ සැපයුම මත මිල තීරණයවන නිශ්පාදනයක්. 65ට තිබුණු බිත්තරය තමයි අද මේ 50ට අඩුව විකුණන්නේ. මේ වනවිට රටේ දෛනික බිත්තර නිශ්පාදනය ලක්ෂ 55ට ඇවිත්. උත්සව අවස්ථාවක ලක්ෂ 70ක් දක්වා ගියාට දෛනික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 55-60 අතර තිබෙන්නේ. “
“මේ වනවිට මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක තොග මිල රුපියල් 40යි. ලොකු සුදු බිත්තරයක් රුපියල් 43-44යි. රතු බිත්තරයක් රුපියල් 45යි. මධ්‍යම ප්‍රමාණයේ බිත්තර තවමත් රුපියල් 44ට අඩුවෙන් විකිණෙනවා මේ රටේ. එහෙම තියෙද්දි රටේ නිශ්පාදනයක් වළපල්ලට යවන්න ඉවසීමකින් තොරව රටේ ඩොලර් ටික වියදම් කිරීම අපරාධයක්.” ඔහු කීවේය.
බිත්තර නිෂ්පාදකයින් කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපති ලේකම්, කාෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ද සහභාගී වී ඇත.
කර්මාන්තයේ පවතින තත්තිව ගැන දීර්ඝ ලෙස සාකච්ඡාකළ එම අවස්ථාවේ දී එ යලිත් බිත්තර නිශ්පාදකයින් පෙන්වා දී ඇත්තේ බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බවය.
මේ අතර උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.